කොරෝනා වයිරසය ලොව පැතිරෙන අයුරු අගෝස්තු 15 වැනි දා අවසන් වූ නව සතියෙන් ලොවපුරා රට රටවලින් වාර්තා වූ කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාවක් සකසා ඇත. 17 August 2021
කිරිබත්ගොඩ තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක් කිරිබත්ගොඩ නගරයට ආසන්න මාකොළ පාරේ පිහිටි තෙමහල් වෙළඳසැලක පහත මාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගත් බව පොලිසිය පවසයි. 17 August 2021
“රෝහල් අර්බුදය විසඳන්න’’ කොළඹ ජාතික රෝහල ඇතුළු සියලුම ප්‍රධාන රෝහල්වලට සීමාව ඉක්මවා ‘කොවිඩ්’ ආසාදිතයන් ඇතුළත්කරගැනීම නිසා රෝහල් පද්ධතිය පත්ව තිබෙන අර්බුදකාරී තත්වයට වහාම පිළියම් යොදෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංසදය රජයෙන් ඉල්ලා සිටියි. 17 August 2021
අවම වේතන පනතට කතානායක අත්සන තබයි සේවකයන්ගේ අවම වේතනය පිළිබඳ පිළිබඳ පනත් කෙටුම්පතට තමා අත්සන සහතික කළ බව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 17 August 2021
පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනමින් නිම කිරීමට පියවර විවිධ හේතු මත පමා වූ පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීමට පියවර ගනිමින් සිටින බව සූර්ය බල, සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය. 17 August 2021
ගින්න නිවන්න ගිය පුද්ගලයා ජල බවුසරයට බිලි කොරෝනා වයිරසය වැළදීමෙන් නිරෝධායනයට ලක්වූ පිරිසක් සිටින ලග්ගල වැල්ලලේවල ප්‍රදේශයේ වෙළඳසසැලක ඇති වූ ගින්නක් නිවීමට ගිය පුද්ගලයෙකු ගින්න නිවීම සඳහා පැමිණි ජල බවුසරයට යට වී මියගොස් ඇතැයි ලග්ගල පල්ලේගම පොලිසිය කියයි. 17 August 2021
2022ට අතිරේක බැංකු නිවාඩු තුනක් ලබන වසරට (2022) අතිරේක බැංකු නිවාඩු තුනක් ප්‍රකාශයට පත්කරමින් ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 17 August 2021
“රටේ තත්වය වටහා ගෙන ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කරන්න’’ රටේ පවතින තත්වය වටහා ගෙන වහාම ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත් කර සියලු පක්ෂ නියෝජනය වන පරිදිත් සෞඛ්‍ය, ආරක්ෂක, ආර්ථික හා සමාජ විද්‍යාඥයන්ගෙන් සමන්විත ’’ජාතික සභාවකින්’’ කොවිඩ් මරුවා පරාජය කිරීමට කටයුතු කරන්නැයි රජයට බල කර සිටින බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක කරු ජයසූරිය මහතා පැවසීය. 17 August 2021
මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනියි ආන්දෝලනයට තුඩුදුන් මුදල් පනත් කෙටුම්පතේ වගන්ති 13ක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවට අද (17) දැනුම් දුන්නේය. 17 August 2021
ගෝඨාභය-රනිල් විනාඩි 40ක සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ උග්‍ර තත්ත්වයට පත්ව තිබෙන කොරෝනා වසංගතයට අදාලව ගත යුතු පියවර ගැන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ හිටපු අග්‍රාමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් අද(17) පෙරවරුවේ පැවැත්විණි. 17 August 2021
ගම්පහින් ආසාදිතයන් 1208ක් වාර්තා වෙයි කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි. 17 August 2021
‘‘අවශ්‍යම කරුණකට හැර ගම්පහ නගරයට එන්න එපා‘‘ කොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, ජනතාව වෙත දැනුම් දීමක් කර සිටී. 17 August 2021
මරදාන ඩීසල් විදුලි ධාවනාගාරය වහයි මරදාන ඩීසල් විදුලි ධාවනාගාරයේ තාක්ෂණ ශිල්පීන්, සහායක ශිල්පීන් සහ සන්ටින් රියැදුරන් ඇතුළු 10 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ධාවනාගාරය තාවකාලිකව වසා දමා ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 17 August 2021
මන්නාරමේ නිවෙසට පහරදී පැන්න අයකු අල්ලයි මන්නාරම පේසාලේ ප්‍රදේශයේ දී නිවසකට පහර දී මෝටර් රථයකින් පලායමින් සිටි පුද්ගලයකු අත්බෝම්බ දෙකක් සහ කඩුවක් සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි . 17 August 2021
කොරෝනා පනත අද මැතිසබයේ අනුමැතියට කොරෝනා වයිරස රෝගය විධිවිධාන පනත් කෙටුම්පත(2019) පාර්ලිමේන්තුවේදී අද (17) විවාද කර සම්මත කර ගැනීමට නියමිතය. 17 August 2021
කහ කිලෝ 1157ක් සමග දෙකක් මාට්ටු නීති විරෝධීව මෙරටට රැගෙනවිත් තිබූ කහ කිලෝ 1157 ක ප්‍රමාණයක් ලොරියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනකු පුනරින් කරායි ප්‍රදේශයේදී පුනරින් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය . 17 August 2021
පාර්ලිමේන්තු මන්ත්රීවරුනට අද රැපිඩ් කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අහඹු ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණ(රැපිඩ් ඇන්ටිජන් ) වලට නැවතත් යොමු කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් තීරණය කර ඇත. 17 August 2021
අද දවසේ කාලගුණය බස්නාහිර, සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (17) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 17 August 2021
කොවිඩ් මරණ 167ක් කොවිඩ් ආසාදිතවූ තවත් 167 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 August 2021
කොරෝනා ආසාදිතයන් තවත් 986 කොවිඩ් -19 වයිරසය ආසාදනය වූ තවත් මෙරට 986 දෙනකු සහ විදේශගතව සිට පැමිණි 52 දෙනකු අද (16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 August 2021
එල්.ටි.ටී.ඊය සමග අපේ සම්බන්ධයක් නෑ-තලේබාන්වරු කියති එල්.ටී.ටී.ඊ. සංවිධානය සමඟ තමන්ගේ කිසිදු සම්බන්ධතාවක් නැතැයි තලේබාන් සංවිධානය අවධාරණය කරයි. 16 August 2021
කාබුල් නුවර සිටි ලාංකිකයෝ අටක් පිටවෙති යුද ගැටුම් පවතින ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර රැදී සිටි ශ්‍රි ලාංකිකයන් අතුරෙන් 08 දෙනකු මේවනවිට බ්‍රිතාන්‍යයට සහ කටාර් වෙත රැගෙන ගිය බව විදේශ කටයුතු අමාත්‍යාංශය කියයි. 16 August 2021
කොවිඩ් ආසාදිතයන් තවත් 2,428ක් කොරෝනා ආසාදිත තවත් රෝගීන් 2,428 දෙනකු අද(16) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. 16 August 2021
ඇමතිනී පවිත්‍රා සෞඛ්‍ය අමාත්‍යධූරයට සමුදෙමින් කළ කතාව සෞඛ්‍ය අමාත්‍යධූරයෙන් තමා ඉවත් කෙරුණේ බලාපොරොත්තු නොවූ මොහොතක බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය හා වත්මන් ප්‍රවාහන අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පැවසුවාය. 16 August 2021
වකුගඩු රෝගීන්ට වෛද්‍ය අංශයෙන් උපදෙස් වකුගඩු රෝගියකු ‘කොවිඩ්’ ආසාදිතයකු බවට පත්වූ වාහාම එම ආසාදිතයා වකුගඩු ප්‍රතිකාර ලබාගන්නා සායනය සමඟ සම්බන්ධ වී කටයුතු කිරීම වඩාත් වැඳගත් බව වකුගඩු රෝග පිළිබඳ විශේෂඥා වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් සහ මාලිගාවත්ත ජාතික රුධිර කාන්දුකරණ සහ බද්ධ කිරීමේ ආයතනයේ ලේකම් විශේෂඥා වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතා පැවසීය. 16 August 2021
ගැබිනියන්ට ’ස්පුට්නික් වී’ හැර අන් සියලු එන්නත් දීමට අනුමැතිය ගැබිනි මවුවරුන්ට ‘ස්පුට්නික් වී’ හැර මෙරට භාවිතා වන අනෙකුත් සියලුම කොවිඩ් මර්දන එන්නත් ලබාදීමට උපදේශන කමිටු අනුමැතිය හිමිව ඇතැයි ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ ලේකම්, විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා පැවසීය. 16 August 2021
දත්ත ගැටලුව නිවැරදි වූ විට මරණ අනුපාතිකය අඩුවේවි කොවිඩ් ආසාදිතයන් පිළිබඳ දත්ත වාර්තා කිරීමේදී සංඛ්‍යාවල වෙනසක් සිදුවීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය සොයාබලමින් සිටින බවත්, එය ඉක්මනින් නිවැරදි කිරීමට පියවර ගනු ඇති බවත් සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ අධ්යක්ෂ, විශේෂඥ වෛද්‍ය රංජිත් බටුවන්තුඩාව මහතා පැවසීය. 16 August 2021
වෛද්‍ය හේමන්ත හේරත් නැවතත් නිරෝධායනයට සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා යළිත් වරක් ස්වයං නිරෝධායනයට යොමුව ඇත. 16 August 2021
ඉසිපතනෙ උසස් පෙළ සිසුවෙක්ද කොවිඩ් මාරයාට බිලි කොළඹ ඉසිපතන විද්‍යාලයේ අපොස උසස් පෙළ හදාරමින් සිටි 18 හැවිරිදි පාසල් සිසුවෙක්ද කොවිඩ් රෝගයෙන් අද (16) මිය ගියේය. 16 August 2021
ඔක්සිජන් ගේන්න ‘ශක්ති’ චෙන්නායි යයි ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසීය. 16 August 2021
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026