(යොහාන් භාසුර)

ඉන්දියාවෙන් ඇනවුම් කළ සායනික ඔක්සිජන් රැගෙන ඒමට ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් ‘ශක්ති’ නෞකාව චෙන්නායි බලා අද (17) අළුයම පිටත්වීමට නියමිත බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

ත්‍රිකුණාමලය වරායෙන් පිටත්වන එම නෞකාවට චෙන්නායිවලට ළඟිවීමට දින එකහාමාරක පමණ කාලයක් ගත වන බව කී කපිතාන් ඉන්දික ද සිල්වා මහතා ඔක්සිජන් පැටවීමෙන් පසුව නැවත පැමිණීමට ද දින එකහාමාරක් ගතවන බවත් සඳහන් කළේය.