(ඉන්දිකා රාමනායක)
කිරිබත්ගොඩ නගරයට ආසන්න මාකොළ පාරේ පිහිටි තෙමහල් වෙළඳසැලක පහත මාලයේ අද පෙරවරුවේ ගින්නක් හටගත් බව පොලිසිය පවසයි.
ගින්න හට ගන්නා අවස්ථාවේ එම ගොඩනැගිල්ලේ සිටී සිටි කුඩා ළමුන් ඇතුළු 12 දෙනෙකු පොලීසිය සහ අවට පිරිස් විසින් බේරා ගත් බව ද පොලීසිය සඳහන් කරයි.
එම පිරිස අතරින් දුම ආග්‍රහණය වීමෙන් හුස්ම ගැනීමට අපහසු ව සිටි පස් දෙනෙකු රෝහල් ගත කර ඇත.
කොළඹ සහ ගම්පහ ගිනි නිවීම් ඒකකවල ගිනි රථ යොදා ගෙන ගින්න සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවද පොලිසිය පවසයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd