(තිලකරත්න දිසානායක)
කොරෝනා රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වී ඇති බැවින් අත්‍යාවශ්‍යම හේතුවකට හැර ගම්පහ නගරයට පැමිණීමෙන් වලකින ලෙස ගම්පහ නගරාධිපති එරංග සේනානායක මහතා, ජනතාව වෙත දැනුම් දීමක් කර සිටී.
රෝග තත්ත්වයක් මත ප්‍රතිකාර ලබා ගැනීම පිනිස රෝහලක් වෙත පැමිණීමට හෝ වෙනත් අත්‍යාවශ්‍යම හේතුවක් හැර ගම්පහ නගරයට නොපැමිණෙන ලෙස ජනතාවට දැනුම් දෙන නගරාධිපතිවරයා, පවතින අයහපත් තත්ත්වය මත නගරයේ වෙළඳසල් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීමට වෙළඳ සංගමය මේ වන විට පියවර ගෙන ඇති බවද පැවසීය.
නගරයේ වෙළඳසල් සේවකයින් පිරිසකට මෙන්ම ගම්පහ මහ නගර සභා සේවක පිරිසකට පවා කොරෝනා රෝග තත්ත්වය ආසාදනය වී ඇති බව සදහන් කළ නගරාධිපතිවරයා පවතින අයහපත් තත්ත්වය නොසලකා හැර කටයුතු කිරීමෙන් වලකින ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින බවද කීය.
අත්‍යාවශ්‍ය කරුණකට ගම්පහ නගරයට පැමිණිය හොත් අවශ්‍යතාවය ඉටු කරගැනීමෙන් පසුව කඩිනමින් පිටව යන ලෙසට ජනතාවට දැනුම්දීමට සිදුව ඇති බවද නගරාධිපති එරංග සේනානායක මහතා වැඩිදුරටත් පැවසූ අතර රෝගයේ ව්‍යාප්තිය කොතෙක්ද යන්න ගම්පහ රෝහල ඉදිරිපිට පී.සී.ආර් පරීක්ෂණ ස්ථානය අසල සිටින රෝග ලක්ෂණ සහිත පුද්ගලයින්ගෙන් තේරුම් ගත හැකි බවද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගරු නගරාධිපතිතුමනි, ගම්පහ නගරයේ ලවුඩ්ස්පීකර් මඟින් උදේ සවස සිදුකරන ශබ්ද දූෂණය කොරෝනා වසංගතය නිසා ගෙවල්වලටම කොටු වෙලා ඉන්න ජනතාවට මහා හිරිහැරයක් . යාබද ගම්මාන වලත් එහෙමයි. අධික ශබ්දය කුඩා දරුවන්ට වගේම වැඩිහිටියන්ටත් හොඳ නැහැ. කරුණාකර මේ වෙනුවෙන් ඔබතුමන්ගේ අවධානය යොමු කරන්න.
මිනිහගේ මුහුන දැක්කම පේනවා පොහොට්ටු කාරයෙක් කියලා
කරුණාකර ආගමික ස්ථාන ,ව්‍යාපාරිකයින් සහ අනෙකුත් පාර්ශව විසින් බලපත්‍ර රහිතව ශබ්ද යන්ත්‍ර භාවිතා කරමින් කරන ශබ්ද දුෂණය වහාම නවතා දමන්න .බැරිනම් උදේ 9 සිට සවස 6 දක්වා සීමා කරන්න. මේක හරිම කරදරයක් .මේ කරදර නිසා ගෙදරට වෙලා අධ්‍යාපන කටයුත්තක් ,ඔෆිස් වැඩක් ,භාවනාවක් වැනි දෙයක් කරගන්න නැහැ .උදේ 4.30 ට පටන් ගත්තාම රාත්‍රී 12 විතර වෙනකම් හරිම කරදරේ .
සර් විසින් විවෘර්ත කල රටේ කොටසක් වහන්න ඔබට බලය දුන්නේ කවුද ?ඔබත් පැත්තකට වෙලා ගස් ටිකක් වැලි ටිකක් කපාගෙන කීයක් හරි හොයාගෙන ඉන්න .සර් ගේ වැඩ වලට හරස් කපන්නේ නැතුව .