(තිලකරත්න දිසානායක)
කොවිඩ් දෙවන රැල්ලේ ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව අද (17) උදෑසන වනවිට 92,222 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇති බවත් ගතවූ පැය 24 ක කාලය තුල ආසාදිතයින් 1208 දෙනෙකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.
මින් 241 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව මහර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයෙන් වන බවත් සෙසු කොට්ඨාස ආශ්‍රිතව ආසාදිතයින් හමුවීම ජාඇල - 184 ක්, ගම්පහ - 136 ක්, මිනුවන්ගොඩ - 133 ක්, බියගම - 123 ක්, කැලණිය - 99 ක්, දිවුලපිටිය - 96 ක්, රාගම - 55 ක්, දොම්පෙ - 53 ක්, අත්තනගල්ල - 50 ක්, සීදූව - 11 ක්, මීරිගම - 9 ක්, සහ මීගමුව - 5 දෙනෙකු වශයෙන් සිදුව ඇත.
පැය 24 ක කාලය තුල දිස්ත්‍රික්කයේ කර්මාන්තශාලා ආශ්‍රිතව 61 දෙනෙකු හමුව ඇති බවත් එය ආයෝජන කලාපය කටුනායකකින් - 48 ක්, බියගමින් - 8 ක් සහ වෙනත් කර්මාන්තශාලා ආශ්‍රිතව - 5 දෙනෙකු හමුව ඇත.
එම කාලය තුල දිස්ත්‍රික්කයෙහි රෝහල්වලට ආසාදිතයින් 548 දෙනෙකුද , සැක සහිත රෝගීන් 61 දෙනෙකු ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කොට ඇති බවත් වෙබ් අඩවියෙහි සදහන්ය. ඔක්සිජන් සහිත ප්‍රතිකාර ලබන ආසාදිතයින් සංඛ්‍යාව 421 දෙනෙකි.
නිවෙස්වල ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සංඛ්‍යාව 27,299 දෙනෙකි.
2025 නොවැම්බර් මස 17
23
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
869
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2505
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ගම්පහින් ආසාදිතයන් 1208ක් වාර්තා වෙයි
රූපරත්න Tuesday, 17 August 2021 10:25 AM
ගම්පහ නගර සභා පිටියේ දැවැන්ත එන්නත්කරණ මධ්‍යස්ථානයක් යුධ හමුදාවේ උදව්වෙන් හෝ පිහිටුවලා ඉක්මනින් එන්නත්කරණය සිදු නොකරන්නේ ඇයි ?