අලුත් රාජ්‍ය තාන්ත්‍රිකයෝ ජනපතිට අක්තපත්‍ර දෙති ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් සහ මහකොමසාරිස්වරයෙක් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (23)වෙත අක්ත පත්‍ර බාර දුන්හ. 23 August 2023
‘නීතී විද්‍යාල ප්‍රවේශ ගාස්තු වෙනස් කරන්න’ නීති විද්‍යාලයට ප්රවේශවීමේ විභාග ගාස්තු සියයට 257කින් ඉහළ දැමීම හේතුවෙන් එම සිසුන් මවුපියන් දැඩි දුෂ්කරතාවයට සහ අසහනයට පත්ව සිටින හෙයින් විභාග ගාස්තු සහ ලියාපදිංචි ගාස්තු වහාම අත්හිටුවා දරාගත හැකි ගාස්තු අය කරන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන්න බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (23)පැවසීය. 23 August 2023
ජූලි මාසයේ සුබසාධන දීමනා සිකුරාදා සිට ගෙවනවා වකුගඩු රෝගි, ආබාධිත සහ අඩු ආදායම්ලාභි වැඩිහිටි දීමනා ගෙවීමට රුපියල් කෝටි 268 කට අධික මුදලක් (මිලියන 2,684) මුදලක් සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත භාණ්ඩාගාරය යොමුකර ඇති බවත් එම මුදලින් ජුලි මාසයේ අදාල ගෙවීම් කළ යුතු බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 23 August 2023
රඹපොකුණ තේක්ක වගාව ගින්නෙන් වැනසෙයි නිකවැරටිය, කන්දේගෙදර, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් රඹපොකුණ තේක්ක වත්තට කිසියම් පිරිසක් ගිනි තැබීමෙන් අක්කර 20 ක් පමණ විනාශ වී ඇතැයි වන නිලධාරීහු කියති. 23 August 2023
අලි කුලප්පු වෙන්න හේතුව හෙලි කරයි සොබාදහම පවා ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිය අනුමත කරන්නේ නැතැයි ද නියඟය ඇති වන්නේත් අලි කුලප්පු වන්නේත් ඒ නිසා යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 August 2023
අපි ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක් ’’අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 23 August 2023
මවගේ-සිඟිත්තියගේ සිරුරැ වැවේ අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග මවක් වැවකට පැන සිය දිව හානි කරගෙන ඇති බව ලිදුල පොලිසිය පැවසිය. 23 August 2023
මුලසුනට තර්ජනය කළ නලින්-වසන්ත මැතිසබෙන් එළියට මුලසුන අසලට පැමිණ නියෝජ්‍ය කථානායකවරයාට තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් නලින් බණ්ඩාර ජයමහ සහ වසන්ත යාපා බණ්ඩාර යන මහත්වරුන්ට සභා ගර්භයෙන් ඉවත් වන ලෙස කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා දැනුම් දුන්නේය. 23 August 2023
කොරෝනා නිසා නැවතුන වැඩ 24ක් අරඹයි කොරෝනා සහ ආර්ථික අර්බුදය හේතුවෙන් තාවකාලීකව නතර වී ඇති ව්‍යාපෘති 24 ක් නැවත කඩිනමින් ආරම්භ කරන්න යැයි නාගරික සංවර්ධන හා නිවාස ඇමති ප්‍රසන්න රණතුංග මහතා බලධාරීන්ට උපදෙස් දුන්නේය. ඒ අනුව එම ව්‍යාපෘති යළි ආරම්භ කිරීම සඳහා පියවර ගනිමින් සිටින බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි. 23 August 2023
අඹෙිවෙල ගොවි පොලේ පිට අයට මැණික් ගැරීම නවත්වයි බාහිර පුද්ගලයින් විසින් අඹේවෙල කිරි ගොවිපොළ භූමියේ සිදු කරන අනවසර මැණික් ගැරීම වහා නැවැත්වීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික පශුසම්පත් සංවර්ධන මණ්ඩලයට උපදෙස් දුන්නේය. 23 August 2023
මැතිසබේ විනාඩි 10කට කල්තබයි සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු මුලසුන අසලට පැමිණ ප්‍රශ්න ඇසීමට අවස්ථාව දෙන ලෙස ඉල්ලා කෑකෝ ගැසීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි දහයකට කල්තැබීමට නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා පියවර ගත්තේය. 23 August 2023
අඩි 900 උඩ සිරවූ සිසුන් බේරාගත් මෙහෙයුම පාකිස්තානයේ උතුරු කිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර ප්‍රදේශයක අඩි 900 පමණ උඩ කේබල් කාරයක සිරවී සිටි ළමුන් 6 දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු සාර්ථකව බේරා ගැනීමට එරට හමුදාවට හැකි විය. 23 August 2023
කිලිනොච්චියෙ ළිදකින් පුපුරණද්‍රව්‍ය හමුවෙයි කිලිනොච්චිය,පලෙයි,ධර්මකේනි ප්‍රදේශයේ ළිඳක තිබි අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් අද(23) සොයාගත් පලෙයි පොලිසිය පවසයි. 23 August 2023
බලන් වැරහැලි මහවැලි කුමරී දිවයිනට බලපා ඇති නියං තත්ත්වය නිසා දිවයිනේ වැව් අමුණු මෙන්ම ඇළ දොළද සිඳී ගොසිනි. මෙම තත්ත්වය දිවයිනේ සියලු දිස්ත්‍රික්කවලට බලපා ඇත. 23 August 2023
පළාත් කීපයකට අද සවස ගිගුරුම් සහිත වැසි බස්නාහිර සහ සබගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 23 August 2023
හොර වැඩක් කිරීමට අනුබල දුන්ග්රාම සේවක දැලේ මහනුවර ශාන්ත අන්තෝනිබාලිකා විද්‍යාලයට ළමුන් 29 දෙනෙකු ඇතුළත් කර ගැනීමටව්යාජ ග්‍රාම නිලධාරී සහතික නිකුත් කර ඒ සඳහා ආධාර අනුබල දුන් බව කියන ග්‍රාම නිලධාරීවරයෙකු මහනුවර විශේෂ අපරාධ විමර්ශන අංශය සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. 23 August 2023
අනතුරින් අයෙක් මරුට: පියා දියණිය රෝහලේ කළුතර සිරිකුරුස විදුහල ඉදිරිපිට ගාලුපාරේ පදික මාරුවේ දී යතුරුපැදියක ගැටී පුද්ගලයකු මියගොස්, පාසල් සිසුවියක සහ හිටපු නාවික හමුදා සෙබළෙකු තුවාල ලබා ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි . 23 August 2023
ඉන්දියාවේ චන්ද්‍ර යානය අද සඳට ගොඩබානවා ඉන්දියාවේ චන්ද්‍රයාන් 3 Chandrayaan-3 මෙහෙයුම යටතේ, ’වික්‍රම්’ නමැති රොබෝ ගවේෂණ යානය අද (23) සවස ඉන්දියාවේ වේලාවෙන් 6.04 ට සඳුගේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරා ගත් ස්ථානයකට පතිත කිරීමට නියමිතය. 23 August 2023
ත්‍රිකුණාමලය ‘ෆ්රෙඩ්රික්’ කොටුව සංචාරකයින්ට විවෘත කරයි ත්‍රිකුණාමලය ෆ්රෙඩ්රික් බළකොටුව දෙස් විදෙස් සංචාරකයින්ට නැරඹීමට පහසුවන ආකාරයෙන් සහ තවදුරටත් ක්‍රමවත්ව සකස් කරන්නැයි බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා නිලධාරින්ට උපදෙස් දුන්නේය. 22 August 2023
දේශීය බිත්තරේ ආඩම්බර බහි දේශීය බිත්තරයක මිල රුපියල් 30 - 35 ට පාරිභෝගිකයන්ට හිඟයක් තොරව මිලදී ගැනීමේ අවස්ථාව උදා වූ වහාම බිත්තර ආනයනය නතර කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ. 22 August 2023
ආර්.එම්.වී වාහන වංචාව සී.අයි.ඩීයට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියා පදිංචි වාහන අංක හිමියන්ගේ නියම නම් දත්ත පද්ධතියෙන් වංචනික ලෙස ඉවත් කර ,ඒ වෙනුවෙන් වෙනත් පුද්ගලයන්ගේ නම් ඇතුළත් කර ඇති බව කියන සිද්ධියේ විමර්ශන අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී පොලිස් ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි. 22 August 2023
වාහන ජාවාරමක හිටපු නාවික නිලධාරියෙක් මාට්ටු සුඛෝපභෝගි මෝටර් රථයකට ව්‍යාජ ලේඛණ සකස් කර ආරක්ෂක සමාගමකට අනුයුක්ත කළැයි කියන නාවික හමුදාවේ හිටපු නිලධාරියකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන දූෂණ මර්ධන ප්‍රහාරක ඒකකය කියයි. 22 August 2023
තෙල්දෙණිය පොලිසියේ දෙකක් තහනම් ගහේ නැගලා තෙල්දෙණිය පොලීසියට අනියුක්තව දූෂණ මර්ධන අංශයේ සේවය කළ සැරයන්වරයකු සහ කොස්තාපල්වරයකු කසිප්පු ජාවාරම්කරුවකුගෙන් රුපියල් 5000ක අල්ලසක් ගනිද්දි අල්ලස් හෝ දූෂණ මර්ධන අංශය මගින් අද සවස අත්අඩංගුවට ගෙන තිබේ . 22 August 2023
අගුරුවාතොට මව දැරිය ඝාතනය: සැකකරුගේ සිරුර බන්ධනාගාරයේ එල්ලෙයි අගුරුවාතොට, ඌරුතුඩාව ප්‍රදේශයේ දී තරුණ මවක සහ මාස එකොලහක දැරියක ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා එල්ලවී කළුතර මල්වත්ත බන්ධනාගාරයේ රදවා සිටී හිටපු යුධහමුදා සෙබළාගේ සිරුර එහි එල්ලෙමින් තිබියදී අද (22) පස්වරුවේ සොයාගත් බව බව කළුතර උතුර පොලිසිය පවසයි . 22 August 2023
පානීය ජලය සපයන්න අමාත්‍යාංශ 3ක් එක්වෙයි මෙරට මුහුණ දී සිටින නියං තත්ත්වය හේතුවෙන් පානීය ජල අවශ්‍යතාවය හදිසි තත්වයක් ලෙස සලකා අමාත්‍යංශ තුනක් ඒකාබද්ධව කටයුතු කිරීමට පියවර ගත් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය. 22 August 2023
දිවුලපතානට අන්තවාදී පිරිසක් ඇවිත්: ලොකු ආරවුලක් නූලෙන් බේරෙයි අන්තවාදී පිරිසක් පොළොන්නරුව මාදුරුඔය දිවුලපතාන ගම්මානයට පැමිණ එහි පාරම්පරික ගම්වාසින් පිරිසක් සමග අද (22) සවස ඇති කරගන්නට ගිය ආරවුලක් සමථයට පත් කිරීමට,ප්‍රදේශයේ මහා සංඝරත්නය එම ගම්වාසීහු සහ අරලගංවිල හා කරදියනාරු පොලීසි සමත් වූහ. 22 August 2023
නුවර පෙරහරේ ඇත්තු කුලප්පු වී අලි ජරමරයක් මහනුවර දෙවන කුඹුල් පෙරහර වීදි සංචාරය කරන අතරතුරදී ඇතුන් දෙදෙනකු කුලප්පුවීම නිසා පෙරහර නරඹමින් සිටි පිරිස හිස් ලූ ලූ අත දිවයාමෙන් එහි නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති විය. 22 August 2023
හපුතලේ වෙඩි තැබීමකින් අයෙක් මරුට හපුතලේ ප්‍රධාන සංචාරක හෝටලයක් තුල අද 22 රාත්‍රීයේ කළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු ඝාතනය වී තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි . 22 August 2023
ජාතික ගීය ගායනා කිරීමට මාර්ගෝපදේශ මාලාවක් ජාතික ගීය ගායනා කිරීමට නව මාර්ගෝපදේශ මාලාවක් හඳුන්වාදීමට ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ විශේෂ පරීක්ෂණ කමිටුව යෝජනා කර තිබේ. 22 August 2023
නියගයෙන් පවුල් 132000ක් අවදානමේ පවතින නියගය හේතුවෙන් පවුල් 132000කට අධික ප්‍රමාණයක් අවදානමට ලක්ව ඇතැයි ජලසම්පාදන හා ජල සම්පාදන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීනී අනෝජා කලුආරච්චි මහත්මිය ලංකාදීපයට අද (22) පැවසුවාය. 22 August 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026