(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
"අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස් බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
කාගේ ආණ්ඩු තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි කී අමාත්‍යවරයා මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් ,සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය පොලී ගෙවන්න පමණක් බව පැවසීය.
ණය ගෙවුවේ නැතොත් ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනු ඇතැයි ද එවිට මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය ණයවර ලිපි පිළිගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.එවිට හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැතැයි ද ඇඟේ තෙලට වාහන දුවන්නේ නැතැයි ද කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහේ තමයි සොසේජස් බදින කෝකියා...
හරි සර්, අපි ඒකට මොකක් හරි කරන්න බලන්නම්. හොඳ වෙලාවට දැන්ම කිව්වේ...
බුල් ඩෝග්ලාට සොසේජස් මරු...
මොලේ කචල්ද මෙයාගේ...? උපමා උපමේය ගැන තිබුණු පාඩම ඉගෙන ගත්තේ හතර පහ වසරවලදී කියලානම් යාන්තම් මතකයි. ආ... අමතක වුණානේ.. මෙයා බැංකොක් ගියවෙලාවේ අර අතින් අල්ලගෙන ගියකෙනා කියන්න ඇති නේද?
ගිනි කන්දක් නෙවෙයි නිධානයක් උඩ හිඟාකන ජාතියක්. කළේ දේශපාලනය කරන සියලු තක්කඩි එකතුවෙලා...
නුඹලාට හිතෙන්නේ නැද්ද බලු හොම්බෝ රට කෑවා ඇති කියලා..?
මොවුන් හදපු ගිනි කන්ද උඩ තමයි අපි ලැගලා ඉන්නේ... දැන් මෙතන දොඩවනවා.
මේ මනුස්සයා දැක්ක ගමන් රටේ විනාශයට හේතුව, දැනෙන්නේ මට විතරද?
ඇත්ත. රට බංකොලොත් වෙලා හොම්බෙන් ගියත් දේශපාලකයින්ගේ ගමන තවමත් බෙන්ස් එකේ.
රු.2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු ආර්තික ඔස්තාර්. අපි ඉන්නේ නිධානයක් උඩ. අපේ රට හොරාකාලා විනාශ කෙරුවේ බලලෝභී, කාලකන්නි දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද?
ඔයා කියපු දේ හරි. ඔයාලා සොසේජස් කනවා. අපි ගිනි කන්න උඩ තාච්චියක් අල්ලාගෙන ඉන්නවා.
මේ රට ප්‍රපාතයට වැටීම ගැන වගකියන්න ඕනෑ ඔය තක්කඩි දේශපාලකයෝ. මොන ආණ්ඩුව ආවත් ඇමැති තනතුර නැති නොවන පරිදි ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට රට ගැන හැඟීමක් තියෙනවාද? මේ රට මේ තත්වයට වැටීම ගැන මෙතෙක් බලය ඩැහැ ගැනීමට පමණක් කුරුමානම් අල්ලපු සෑම දේශපාලකයෙක්ම වගකිව යුතුයි...!
ගිනිකන්දක් කලේ කවුද කියලා කිව්වා නම් වඩා වටිනවා නේද
ඔබ සැවොම, ජනාධිපති, කථානායක සහ හිටපු ජනාධිපතිවරුන් සිටින කැබිනට් මණ්ඩලය සියලු වරප්‍රසාද නතර කළ යුතුයි!