IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අපි ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක්

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

"අපි ගිනි කන්දක් උඩ තාච්චියක් තියාගෙන සොසේජස්  බැදගෙන කන ජාතියක් යැයි ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

කාගේ ආණ්ඩු තිබුනත් එදිනෙදා වියදම් පවා පියවා ගන්න ප්‍රමාණවත් ආදායමක් ලංකා ආණ්ඩුවට තිබුණේ නැතැයි කී අමාත්‍යවරයා මුළු ආදායම ප්‍රමාණවත් වී තිබෙන්නේ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් විශ්‍රාම වැටුප් ,සමෘද්ධි ආධාර මෙන්ම රාජ්‍ය ණය  පොලී ගෙවන්න පමණක් බව පැවසීය.

 ණය ගෙවුවේ නැතොත්  ජාත්‍යන්තර මූල්‍ය ක්‍රමය සම්බන්ධ ආයතන විසින් රට පහත හෙලා කිසිම දෙයක් ගෙවන්න බැරි රටක් නම් කරනු ඇතැයි ද එවිට  මහ රජ්ජුරුවෝ ලංකාවේ ජනාධිපති වුණත් ජාත්‍යන්තරය  ණයවර ලිපි පිළිගන්නේ නැතැයි ද අමාත්‍යවරයා සඳහන් කළේය.එවිට  හිතවත්කමට වාහන රෝද කැරකෙන්නේ නැතැයි ද ඇඟේ තෙලට වාහන දුවන්නේ නැතැයි ද කීය.



අදහස් (16)

අපි ගිනි කන්දක් උඩ සොසේජස් කන ජාතියක්

Perera Wednesday, 23 August 2023 01:04 PM

ඔහේ තමයි සොසේජස් බදින කෝකියා...

:       0       43

Pradeep Kumara Wednesday, 23 August 2023 01:16 PM

හරි සර්, අපි ඒකට මොකක් හරි කරන්න බලන්නම්. හොඳ වෙලාවට දැන්ම කිව්වේ...

:       0       37

පිනා Wednesday, 23 August 2023 01:25 PM

බුල් ඩෝග්ලාට සොසේජස් මරු...

:       0       30

ravin Wednesday, 23 August 2023 01:32 PM

මොලේ කචල්ද මෙයාගේ...? උපමා උපමේය ගැන තිබුණු පාඩම ඉගෙන ගත්තේ හතර පහ වසරවලදී කියලානම් යාන්තම් මතකයි. ආ... අමතක වුණානේ.. මෙයා බැංකොක් ගියවෙලාවේ අර අතින් අල්ලගෙන ගියකෙනා කියන්න ඇති නේද?

:       2       21

කිරිපුතා Wednesday, 23 August 2023 01:41 PM

ගිනි කන්දක් නෙවෙයි නිධානයක් උඩ හිඟාකන ජාතියක්. කළේ දේශපාලනය කරන සියලු තක්කඩි එකතුවෙලා...

:       1       34

Mohan Mangala Wednesday, 23 August 2023 01:50 PM

නුඹලාට හිතෙන්නේ නැද්ද බලු හොම්බෝ රට කෑවා ඇති කියලා..?

:       2       33

duminda Wednesday, 23 August 2023 02:04 PM

මොවුන් හදපු ගිනි කන්ද උඩ තමයි අපි ලැගලා ඉන්නේ... දැන් මෙතන දොඩවනවා.

:       2       26

wimal Wednesday, 23 August 2023 02:05 PM

මේ මනුස්සයා දැක්ක ගමන් රටේ විනාශයට හේතුව, දැනෙන්නේ මට විතරද?

:       2       24

saman Wednesday, 23 August 2023 03:04 PM

ඇත්ත. රට බංකොලොත් වෙලා හොම්බෙන් ගියත් දේශපාලකයින්ගේ ගමන තවමත් බෙන්ස් එකේ.

:       0       24

ගලපර Wednesday, 23 August 2023 03:45 PM

මේ 225 හැතිකරේට ඔන්න සුඛෝපභෝගි වාහන බලපත්‍ර දෙන්න දැන් හදන්නේ. මෙහේ මිනිසුන්ට පාන් කියාගන්න බැරුව බඩ පොත්තට ඇලිලා... ඇත්තටම මොවුන්ට හිතක් පපුවක් නැද්ද?

:       1       19

Gunendra Wednesday, 23 August 2023 06:10 PM

ඇත්තම ඇත්ත...!

:       0       3

ගමේ එකාලා Wednesday, 23 August 2023 04:19 PM

රු.2500 කින් මාසයක් ජීවත් වෙන්න පුළුවන් කියලා කියපු ආර්තික ඔස්තාර්. අපි ඉන්නේ නිධානයක් උඩ. අපේ රට හොරාකාලා විනාශ කෙරුවේ බලලෝභී, කාලකන්නි දූෂිත දේශපාලුවන් මිස වෙන කවුද?

:       0       16

kavidhu Wednesday, 23 August 2023 05:32 PM

ඔයා කියපු දේ හරි. ඔයාලා සොසේජස් කනවා. අපි ගිනි කන්න උඩ තාච්චියක් අල්ලාගෙන ඉන්නවා.

:       0       9

Rohana Wednesday, 23 August 2023 05:51 PM

මේ රට ප්‍රපාතයට වැටීම ගැන වගකියන්න ඕනෑ ඔය තක්කඩි දේශපාලකයෝ. මොන ආණ්ඩුව ආවත් ඇමැති තනතුර නැති නොවන පරිදි ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට රට ගැන හැඟීමක් තියෙනවාද? මේ රට මේ තත්වයට වැටීම ගැන මෙතෙක් බලය ඩැහැ ගැනීමට පමණක් කුරුමානම් අල්ලපු සෑම දේශපාලකයෙක්ම වගකිව යුතුයි...!

:       0       10

Sampath Wednesday, 23 August 2023 10:15 PM

ගිනිකන්දක් කලේ කවුද කියලා කිව්වා නම් වඩා වටිනවා නේද

:       0       0

Demuni de Silva Thursday, 24 August 2023 07:28 AM

ඔබ සැවොම, ජනාධිපති, කථානායක සහ හිටපු ජනාධිපතිවරුන් සිටින කැබිනට් මණ්ඩලය සියලු වරප්‍රසාද නතර කළ යුතුයි!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 219 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site