
(විමුක්ති එස් රුද්‍රිගු)
පාකිස්තානයේ උතුරු කිබර් පක්තුන්ක්වා පළාතේ කඳුකර ප්‍රදේශයක අඩි 900 පමණ උඩ කේබල් කාරයක සිරවී සිටි ළමුන් 6 දෙනකු සහ වැඩිහිටියන් දෙදෙනකු සාර්ථකව බේරා ගැනීමට එරට හමුදාවට හැකි විය.
මුදා ගැනීමේ මෙහෙයුම පැය ගණනක් ක්‍රියාත්මක වූ අතර එයට ප්‍රදේශවාසීන්ගේ නොමද සහායක් හිමි වුවේය.පාසැල් යෑම සඳහා ගුරුවරුන් දෙදෙනාත් සමඟ කේබල් කාරයට ළමුන් 6 දෙනා ගොඩ වී ඇති බවත් ගමන මැදදී එක් කේබලයක් කැඩී යාම හේතුවෙන් කේබල් කාරය අඩි 900 පමණ උඩ හිරවී ඇති බවත් පාකිස්තාන බලධාරීන් ප්‍රකාශ කළේය.
මෙම මුදා ගැනීමේ මෙහෙයුම සාර්ථකව අවසන් කිරීමට පැය 14 කට ආසන්න කාලයක් ගත වූ බවද එරට බලධාරීන් පෙන්වා දී ඇත.මුදා ගැනීමේ මෙහෙයුම සඳහා රාත්‍රිය වන තුරු හෙලිකොප්ටර් යානා භාවිත කළත් රාත්‍රිය එළඹීමත් සමග මුදා ගැනීමේ කටයුතු සඳහා සිප් ලයින් භාවිත කිරීමට මුදා ගැනීමේ කණ්ඩායමට සිදුව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd