(රංජිත් රාජපක්ෂ සහ ශාන්ත චන්දුසිරි)
අවුරුද්දක් පමණ වයසැති තම සිගිත්තිය සමග වැවක පාවෙමින් තිබූ මවකගේ සිරුරක් අද (23) සොයාගත් බව ලිදුල පොලිසිය පැවසිය.
මෙසේ මියගොස් ඇත්තේ ලිදුල පොලිස් වසමට අයත් ලෝගි වත්තේ පදිංචිව සිටි මගමනි දයානි (26) නැමති එක්දරු මව සහ ඇයගේ අවුරුද්දක් වයසැති සිගිත්තියයි.
සිය සැමියාගෙන් සහ සැමියාගේ පවුලේ ඥාතින්ගෙන් තමන්ට සහ දරුවාට හිරිහැර සිදු වන බව මගමනි දයානි විසින් පිටු තුනක ලිපියක් ලියා ඇති බවත් එම ලිපිය සහ ඇයගේ විවාහ සහතිකය සහ ජාතික හැදුනුම්පත වැව අසල තිබියදී සොයාගත් බව පොලිසිය කියයි.
එම කාන්තාව සිගිත්තිය සමග ලිදුල ලෝගි වත්තේ ඇයගේ නිවස අසල පිහිටි වැවට පැන සියදිව හානි කරගන්නට ඇතැයි සැක කරන බව ලිදුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා කියා සිටියේය.
කාන්තාවගේ සිරුර වවෙහි පාවෙමින් තිබූ බවත්, සිගිත්තියගේ සිරුර වැවෙහි අතුරුදහන් වි ඇති බවත් පොලිසිය කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම කණගාටුදායක පුවතක්. මෙවැනි ප්‍රශ්න තිබෙන අයට උපකාරී විය හැකි ආයතන තිබිය යුතුයි.
සෝචනීය පුවතක්. දෑවැදි ප්‍රශ්නයක්වත්ද? ජීවිත කාලයේම තමාව ආරක්ෂා කරයි කියන විශ්වාසයෙන් යුතුවයි තරුණියක්, පුරුෂයෙකු විවාහ කරගන්නේ. පුරුෂයාම බිරිඳට ද්‍රෝහිකම්, කෙණෙහිලිකම් කරනවා නම් වෙන මොන කතාද? කාගේවත් පිළිසරණක් නැති තැන ගත් තීරණයක් විය යුතුයි. මවට සහ සිඟිත්තියට නිවන් සුව පතමි.
හරිම කණගාටුයි.!
උපදේශන සේවා ලබාදෙන ආයතනයක් තිබ්බොත්... ඒවා සිහින.
විවාහයෙන් පසුව දරුවන් තමාගෙන් වෙන් කර වෙනම ජීවත් වෙන්නට ඉඩ දිය යුතුයි.