(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
සොබාදහම පවා ආණ්ඩුවේ විනාශකාරී ප්‍රතිපත්තිය අනුමත කරන්නේ නැතැයි ද නියඟය ඇති වන්නේත් අලි කුලප්පු වන්නේත් ඒ නිසා යැයි සමගි ජන බලවේගයේ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී නිරෝෂන් පෙරේරා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.
රටේ ප්‍රශ්න විසඳන්න නම් අපනයනය මත පදනම්ව කටයුතු කළ යුතු බවට නිරන්තරයෙන් කතා කරන නමුත් රජයේ හිතුවක්කාර ප්‍රතිපත්තිය නිසා අපනයනය 19.5 කින් අඩු වී තිබෙන අතර පළමු කාර්තුවේ දී කර්මාන්ත අංශය සියයට 23.4 ක් කඩා වැටී ඇතැයි කීය.
පෝට් සිටි නිර්මාණය කළේ සරුංගල් අරින්න හෝ පොල් අතු කඩ දාන්න නෙවේ යැයි කී මන්ත්‍රීවරයා චීන සමාගම භූමිය හදලා දුන්නත් ආණ්ඩුවට ඒ සඳහා හරි නීතියක් ගෙන එන්න හෝ ආයෝජකයන් ගෙන්වා ගැනීමට බැරි වු බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියඟයට සහ අලි කුලප්පු වීමට නියම විද්‍යාත්මක පදනමක් ඉදිරිපත් කරලානේ මහදැන මුත්තගේ ගෝලයෙක්... අනේ වාසනාවන්... කරන අපරාධවලට සොබාදහම දඬුවම් දෙනවා නම් මුලින්ම ගිලෙන්න ඕනෑ ඔය දියවන්නාව...
අලි කුලප්පුවෙන වීඩියෝ එක හරියට බලලාද මේ කතා කරන්නේ? අලි කුලප්පු වුණේ ගිනිඅඟුරු පෑගිලා කියලා බව අපිනම් දන්නවා.
පුත්තලම් බූරුවෙක් කිව්ව හන්දා... !
නිර්දෝෂී මිනිස්සුන්ගෙන් පිරිසක්...
අලි විතරක් නෙවෙයි, මිනිස්සුත් කුලප්පු වෙලා ඉන්න වෙලාවක් මේක... ඔහෙලා ඔක්කොම තමයි මේකට හේතුව...