බණ්ඩාරවෙල ඝාතනයේ සැකකරු අල්ලන්න මහජන සහය පතයි බණ්ඩාරවෙල පොලිස් වසමේ හෝටල් කාමරයක් තුළ කාන්තාවක් ඝාතතනය කර පලාගොස් සිටින ඉහත සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා පොලිස් මුලස්ථානය මහජන සහය පතයි. 25 August 2023
දුම්රිය විදුලි කාර්මිකයෝ වර්ජනය අවසන් කරති දුම්රිය විදුලි කාර්මික ශිල්පීන් දින දෙකක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය අද (25) පස්වරුවේ අවසන් කළ බවත් ඔවුන් අද පස්වරු 4.00 ට සේවයට වාර්තා කිරීමට පොරොන්දු වූ බවත් දුම්රිය නියෝජ්‍ය සමාන්‍යාධිකාරී (ගමනාගමන) එන්. ජේ. ඉදිපොළගේ මහතා පැවසීය. 25 August 2023
ගිනි අවි නඩුවෙන් ශානි ඇතුළු පිරිස නිදොස් කොට නිදහස් ගම්පහ, කලගෙඩිහේන ප්‍රදේශයේ පිහිටි නිවසක පිටුපස තිබූ දර මඩුවක ටී 56 වර්ගයේ ගිනි අවි සහ ක්ලේමෝ බෝම්බයක් ඇතුළු ආයුද සහ පුපුරණ ද්‍රව්‍ය සගවා තබා එම අවි සහ පුපුරණ ද්‍රව්‍ය හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා ඇතුළු සැකකරුවන්ට අයත් යැයි කියමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවකට බොරු සාක්ෂි නිර්මාණය කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතා ඇතුළු සැකකරුවන් සිව්දෙනා නීතිප 25 August 2023
සිව්දරු මව රිය අනතුරින් මරුට අනුරාධපුර මිහින්තලය ඒ 12 ප්‍රධාන මාර්ගයේ මාතලේ හන්දිය සහ පුල්යාර් හන්දිය අතර ප්‍රදේශයේදී අද (25දා) දහවල් සිදු වූ මාරක රිය අනතුරකින්, කාන්තාවක් මියගිය බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි. 25 August 2023
නිවාඩු නොදුන් නිසා පොතේ ලියා පීසී ගෙදර ගිහින් රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි. 25 August 2023
කුසල් පෙරේරාට ‘කොවිඩ්’ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරා ‘කොවිඩ්’ ආසාදිතයෙක් යැයි තහවුරු වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 August 2023
ජලය සොයා මුව රංචු මිහින්තලා නගරයට ලෝකයේ පළමු අභය භූමිය ලෙස සැලකෙන මිහින්තලය අභය භූමිය තුල පිහිටි පොකුණු ඇතුලු ජල මූලාශ්‍ර, මේ දින වල පවතින දැඩි වියළි කාළගුණය හේතුවෙන් සිඳී යාමත් සමග බීමට ජලය සොයා, මුව රංචු මිහින්තලා නගරයට පැමිණෙන ආකාරය නිරන්තරයෙන් දැක ගත හැකිය. 25 August 2023
ගණේමුල්ලේ සංජීවගේ නිවසට වෙඩි පාතාල සාමාජිකයකු බව කියන සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අලුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි. 25 August 2023
පොලිස් පාට් රඟ පෑ ශිෂ්‍ය සංගම් ලොක්කාට වැඩ වරදි නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පෙනී සිටිමින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිවරයාට දුරකථන ඇමතුම් ලබා දී පරීක්ෂණ කටයුත්තක් සඳහා පොලිස් මූලස්ථානයට පැමිණ ලෙස දැනුම් දීමක් කළේ යැයි කියන ශිෂ්‍ය සංගමයක සභාපතිවරයකුට එරෙහිව පීඨාධිපතිවරයා පැමිණිල්ලක් කර ඇතැයි පේරාදෙණිය පොලිසිය පවසයි. 25 August 2023
හොරෙන් රත්රන් ගෙනා මන්ත්‍රී රහීම් වරප්‍රසාද කමිටුවට රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ ජංගම දුරකතන තොගයක් නීති විරෝධීව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් මහතා ගැන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට දැනුම්දී ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (25) ඉල්ලීමක් කළේය. 25 August 2023
බත්තරමුල්ලේ වෙඩි තැබීමක් : අයෙක් මරුට දකුණු තලංගම කොරෑබ ප්‍රදේශයේ දී පොලියට මුදල් ලබා දෙන පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි තලංගම පොලිසිය කියයි 25 August 2023
ඉන්දියාව සඳට යැවූ ‘වික්‍රම්’ වීඩියෝ දසුන් එවලා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය, ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳට යැවූ ‘වික්‍රම්’ ලෑන්ඩර් යානය සහ ‘ප්‍රාග්යාන්’ රෝවර් යානය සඳ ගවේෂණ කටයුතු ආරම්භ කර තිබේ. 25 August 2023
අල්ලස් ගත් ඩිපෝ ලොක්කා අල්ලයි දියසෙන්පුර ලංගම ඩිපෝ නිලධාරියකු එම ඩිපෝවේ කොන්දොස්තරවරයකුගෙන් රුපියල් 60,000 අල්ලසක් ගනිද්දි අත්අඩංගුවට ගත් බව අස්ලස් හා දූෂණ මර්ධන ඒ්කකය පවසයි. 25 August 2023
‘රෝහල්වල සැත්කම් නැවතිලා’ රටපුරා බොහෝ රෝහල්වල නිර්වින්දන ඖෂධ බරපතළ හිඟයක් පවතින හෙයින් ශල්‍යකර්ම නැවතී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ( 25 ) පැවසීය. 25 August 2023
ට්‍රම්ප් බාර වෙයි ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට උත්සාහ ගත් බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන්, ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නීති බලධාරීන්ට බාර විය. 25 August 2023
විජය මෛත්‍රී අනුනාහිමිගේ ආදාහනය ඉරිදා ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති සහ පත්තඩුවන භික්ෂු පුහුණු ආයතනාධිපති අපවත්වී වදලා නැදගමුවේ විජය මෛත්‍රී රාමඤ්ඤ මහා නිකායේ අනු නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ඉරිදා (27) සවස මිනුවන්ගොඩ ජාපාලවත්ත කනිෂ්ඨ විදුහල් ක්රීඩාංනගරයේදී සිදු කිරීමට කටයුතු යොදා ඇතැයි ආදාහන කමිටුව කියයි. 25 August 2023
මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ දුම්රිය වාර අවලංගු කිරීම සහ දුම්රිය ප්‍රමාද වීම නිසා කාර්යාල සේවක සේවිකාවෝ ඇතුළු මගී ජනතාව දැඩි අපහසුතාවට පත්වූහ. 25 August 2023
කෝටි හතරක කුඩු සමඟ හිටපු පීසී දැලේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටි හතරක් පමණ වන බවට පැවසෙන හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ තුනයි ග්‍රෑම් 95 ක් සමඟ වැඩ තහනමට ලක්වූ ආධුනික පොලිස් කොස්තාපල්වරයෙකු සහ තවත් පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් බව ගම්පොල කොට්ඨාස කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි. 25 August 2023
මල්ලවපිටියේ ගලි වළකින් ගිනි අවි මතුවේ කුරුණෑගල ,මල්ලවපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසක අපවිත්‍ර ජලය බැහැර කිරීමට සකස් කර ඇති ගලි වළක් තුළ සඟවා තිබූ ගිනි අවි දෙකක් රම්බෝ පිහි තොගයක් ඇතුළු උපකරණ රැසක් කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සොයාගෙන ඇත. 25 August 2023
පළාත් රැසකට අදත් වැසි රහිත කාලගුණයක් ඌව පළාතේත් අම්පාර,මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් ස්ථාන කීපයකට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි. 25 August 2023
කුලියාපිටියේ වෙඩි තැබීමක් අයෙක් තුවාල ලබයි කුලියාපිටිය හෙට්ටිපොළ මාර්ගයේ කුරුඳුකුඹුර හන්දියේ දී ඊයේ (24) රාත්‍රියේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි හෙට්ටිපොල පොලිසිය කියයි. 25 August 2023
මට්ටක්කුලියේ දෙපිරිසක් ගැටී තරුණයෙක් මරුට මට්ටක්කුලිය ජෝර්ජ් පීරිස් මාවතේ දෙපිරිසක් අතර ඊයේ (24) රාත්‍රී හටගත් ගැටුමකින් කැපුම් තුවාල ලැබූ පුද්ගලයකු මියගොස්,තවත් පුද්ගලයකු තුවාල ලබා ඇතැයි මට්ටක්කුලිය පොලිසිය පවසයි. 25 August 2023
මාළු අල්ලන්න ගිහින් අලි පහරින් මරුට මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය පතහගල උමාඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියකු පහරදීමෙන් මියගිය බවත්, සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි. 25 August 2023
‘වැග්නර්’ ලොක්කා ගැන පුටින් අදහස් දක්වයි ‘වැග්නර්’ කුලී හේවා බලඇණියේ ප්‍රධානී යෙව්ගෙනි ප්‍රිගොෂින් සහ ‘වැග්නර්’ බලඇණියේ ඉහළ පෙළේ සාමාජිකයන් රැසකට මරු කැඳවමින් සිදුවුණු ගුවන් අනතුර සම්බන්ධයෙන් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අදහස් දැක්වීමක් කළේය. 25 August 2023
මාකඳුරේ කුඹුක් රක්ෂිතයක් ගින්නෙන් වැනසේ කුරුණෑගල මීගමුව ප්‍රධාන මාර්ගයේ මාකඳුර 31 කණුව ආසන්නයේ මාර්ග රක්ෂිතයේ වගාකර තිබූ කුඹුක් ගස් රැසක් අද 24 දහවල් ඇතිවූ ගින්නක් හේතුවෙන් විනාශවී ඇති බව පන්නල පොලීසිය කියයි. 24 August 2023
ප්‍රදේශ කීපයකට හෙට දැඩි උණුසුමක් ප්‍රදේශ කීපයකට හෙට (25) උණුසුම් කාලගුණ තත්වයක් පවතින බවත් එම උණුසුම් තත්වය පිළිබඳව අවධානයෙන් සිටිය යුතු බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 24 August 2023
සරුංගල් යැවූ දරුවකුට විසක් දීලා? සරුංගල් යවමින් සිටි කුඩා දරුවකුට නාඳුනන පුද්ගලයකු ලබා දුන් බව කියන අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුර වු බව කියන එම දරුවා හොරණ රෝහලට ඇතුළති කර ඇත. 24 August 2023
දිඹූලාගල විදුලිය කපයි: භික්ෂූන්ගේ ජීවිත අවදානමක සාමණේර භික්ෂූන් වහන්සේලා ඇතුළු ගිලන්ව සිටින භික්ෂූන් වහන්සේලා දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් වැඩ වෙසෙන ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය දෙවන වරටත් අද විසන්ධි කිරීමෙන් එහි වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලා දැඩි අසීරුතාවට පත්ව සිටි බව දිඹුලාගල බුද්ධ ශ්‍රාවක සංඝ සභාවේ ලේඛකාධිකාරී දිඹුලාගල රාහුලාලං කාර නාහිමියෝ පැවසූහ. 24 August 2023
රත්මලානේ මස් ව්‍යාපාරික ඝාතනයට රගර් ක්‍රීඩකයා මාට්ටු රත්මලාන දුම්රිය පොළ අසල මස් වෙළඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි. 24 August 2023
සරසවි ආචාර්යවරු තව 1000 ක් වත් ඕනෑ රජයේ විශ්වවිද්‍යාලවල ආචාර්ය වරුන් 12, 992 ක් සිටිය යුතු වුවත් දැනට සිටින්නේ ආචාර්යවරුන් 6548 දෙනකු පමණක් බවත් සරසවි යථාපරිදි පවත්වාගෙන යෑම සඳහා අවම වශයෙන් ආචාර්යවරුන් දහසක්වත් කඩිනමින් බඳවා ගත යුතු බවත් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී ( කෝප් කමිටුව) පැවසීය. 24 August 2023
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026