
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සරුංගල් යවමින් සිටි කුඩා දරුවකුට නාඳුනන පුද්ගලයකු ලබා දුන් බව කියන අයිස් බීම පැකට්ටුවක් පානය කිරීමෙන් අනතුරුව රෝගාතුර වු බව කියන එම දරුවා හොරණ රෝහලට ඇතුළති කර ඇත.
12 හැවිරිදි මෙම දරුවා හොරණ වැරැල්ලහේන ප්‍රදේශයේ මාර්ගයක් ආසන්නයේ වෙල් යායක සරුංගල් යවමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයකු එම දරුවාට විවෘත කරන ලද අයිස් බීම පැකට්ටුවක් ලබාදී ඇතැයි පොලිසිය කියයි.
දරුවා එය ලබා ගැනීමක් ප්‍රතික්ෂේප කර ඇති අතර එම අවස්ථාවේදී නාඳුනන පුද්ගලයා බලහත්කාරයෙන් දරුවා වෙත එය ලබාදී ඇති අතර ඒ වන විට එම අයිස් බීම පැකට්ටුව විවෘත කර තිබි ඇතැයි ද දැනගන්නට ඇත.
එය පානය කිරීමෙන් අනතුරුව දරුවා කලාන්ත ගතියට පත්ව ඇතැයි ද පැවසේ.
රෝගාතුර වූ එම දරුවා මේ වන විට හොරණ මූලික රෝහලේ වාට්ටු අංක හයේ ප්‍රතිකාර ලබන බව පොලිස් නිලධාරියකු පැවැසීය.
එම දරුවන්ගෙන් දරුවා ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෂිශ්ට සමාජය කිසිසෙත් අනුමත නොකරන පිලිකුලෙන් හෙලා දැකිය යුතු ක්‍රියාවක්. පාඩුවෙ සරුන්ගලය යවමින් සතුටින් සිටිය දරුවෙක්. ඒරුවා සමග දැඩි වයිරයකින් පෙලෙන කෙනෙකු මොහු ලවා එම නීච ක්‍රියාව කර අති බව මට හැගේ. පොලිසිය හොන්දින් සොයා බලා ඔහුට නිසි දඩුවම් ලබා දිය යුතුයි.