(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රෝගාතුරව නිවසේ සිටින මවට ප්‍රතිකාර ලබාදීමට යාමට නිවාඩු ලබා නොදුන් බව කියමින් හලාවත පොලිස් අධිකාරී කොට්ඨාසය යටතේ පාලනය වන ආරච්චිකට්ටුව පොලිස්ථානයේ රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකු අද (25)පොලිස් පොතේඒ හා සම්බන්ධව සටහනක් තබා රාජකාරියෙන් බැහැරව ගොස් ඇතැයිපොලිස් ආරංචි ආරංචිමාර්ග සඳහන් කරයි.
එසේ රාජකාරියෙන් බැහැරව ගොස් ඇත්තේ පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචි ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකි.
රෝගාතුරව සිටින බව මව බැලීමට යාමට නිවාඩු ඉල්ලා සිටියත් එම නිවාඩු අනුමත නොකිරීම නිසා තමාට තවදුරටත් රාජකාරි කරගෙන යෑමට තරම් මානසික තත්ත්වයක පසු නොවන බවදඑම ආධුනික පොලිස් කොස්තාපල් වරයා පොලිස් පොතේ සටහන් කර ඇතැයිඑම පොලිස් ආරංචි ආරංචිමාර්ග වලින් දැන ගැනීමට ඇත.
දින 60ක කාලයක් නිවාඩු ලබා නොගෙන රාජකාරි කර ඇතත් රෝගාතුරව සිටින සිටින මව බැලීමට යෑමටනිවාඩු අනුමත කර නොදුන් නිසා ආධුනික පොලිස් කොස්තාපල් වරයා සිත් වේදනාවෙන් පසුවූ බවද පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නිවාඩු නොදුන් නිසා පොතේ ලියා පීසී ගෙදර ගිහින්
wedage Friday, 25 August 2023 04:04 PM
පොලිසියේ වදහිංසා වලට මේවත් අයත්ද?
pakeer Friday, 25 August 2023 04:05 PM
නියම වැඩක් කරලා තියෙන්නේ... මම වුණත් කරන්නේ ඕක තමයි. අම්මාට ඉක්මණට සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
සත්‍යපාල Friday, 25 August 2023 04:15 PM
මම සේවය කළ එක්තරා කාර්යාලයක ක්ෂේත්‍රයේ රාජකාරි කරන දිස්ත්‍රික්කයෙන් පිටතට පළාත් සභාව විසින් ස්ථාන මාරුවක් ලැබූ එක් නිලධාරියෙක් හිටියා. ඔහුගේ මවත් පිළිකා රෝගියකු නිසා අම්මාට උවටැන් කර මේ නිලධාරියා දුර බැහැර සේවය සඳහා එන්නේ පැයක් හමාරක් ප්‍රමාදවෙලා.. ඉතින් මිනිස්සු ප්‍රාදේශීය ලේකම් වෙත පැමිණිලි කළාම ගිහිල්ලා බලා කාර්‍යාලය වසා තිබුණු නිසා නිදහසට කරුණු විමසීමක් නොකර වහාම සේවය හැරයාම නිකුත් කළා. ඉතින් මිනිහා අභියාචනා කළත් පිළිගත්තේ නැහැ. වැටුප් නැතුව ජීවත් වෙන්නත් ඔහුට ක්‍රමයක් නැහැ. අම්මා පිළිකාවෙන් අසාධ්‍ය වෙලා අසරණ නිලධාරියා ජීවිතය හානිකර ගත්තා. එය දැනගෙන එදිනට පෙර දිනය යොදා නැවත සේවයේ පිහිටෙව්වා. නමුත් නිලධාරියා නැවත නැගිට්ටේ නම් නැහැ. රාජ්‍ය සේවයේ මෙහෙම දේවල් නොවේවා...!
Nihal Friday, 25 August 2023 08:43 PM
අම්මා බලන්න යන්න නිවාඩු දෙන්න බැරිනම් මොකටද අනිත් මිනිස්සු සඳහා සේවය කරන්නේ...?
චන්දන Saturday, 26 August 2023 08:02 AM
අන්තිම අමානුෂිකයි. නිවාඩු අනුමත කරන අයට අම්මා තාත්තා නැත්ද? නැතිනම් හිටියත් එයාලාට සලකන්නේත් මෙහෙමද? නිවාඩු අනුමත නොකළ නිලධාරියාට විරුද්ධව ක්‍රියාමාර්ග ගත යුතුයි...
Bunny Preena Saturday, 26 August 2023 10:22 AM
මානුෂීය ප්‍රශ්නයක්... මෙවැනි කරුණු සම්බන්ධව පොලිස් ලොක්කෝ සංවේදීව හිතන්න පුරුදු වෙන්න ඕනේ. නැතිනම් එවැනි දේවල් සම්බන්ධ ඔවුන්ට වැඩමුළුවක් තියලා පුහුණුවක් ලබාදෙන්න ඕනේ.