(ප්‍රසාද් රුක්මල්)
මිතුරන් පස්දෙනකු සමඟ කන්දකැටිය පතහගල උමාඔයේ මාලු ඇල්ලීමට ගිය පුද්ගලයකු වන අලියකු පහරදීමෙන් මියගිය බවත්, සෙසු පිරිස ගස්වලට නැග දිවි බේරාගෙන ඇතැයි කන්දකැටිය පොලිසිය පවසයි.
කන්දකැටිය ට්‍රැක් 2/5 පදිංචිව සිටි නන්දසිරි ගුණසේකර නැමති අවිවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇතැයි පොලිසිය කීය.
මොහු තවත් මිතුරන් පස්දෙනකු සමග ආහාර පාන රැගෙන මාලු ඇල්ලීමට කන්දකැටිය පතහගල උමාඔයට පෙරේදා රාත්‍රි ගොස් ඇති බවත් , එසෙ පතහගල රක්ෂිතයේ සිටියදී අද (24) රාත්‍රි මොවුන් පසුපස වන අලියකු පන්නා ඇති බවත් පොලිසිය පැවසීය
වන අලියාගෙන් බේරීමට මොවුන් පිරිස දිවගොස් රක්ෂිතයේ ගස්වලට නැග ඇති බවත් , මොහු වන අලියාගෙන් බේරීමට ගසකට නැගීමට යාමේදී වන අලියා හොඩවැලෙන් මොහු අල්ලාගෙන බිමට දමා පාගා ඇතැයි පොලිසිය සදහන් කළේය.
පසුව වන අලියා කැළෑවට ගොස් ඇති අතර ,ඒ සමඟ ගස්වලට නැග සිටි පිරිස බිමට බැස තුවාල ලබා සිටි මොහු ඔසවාගෙන කන්දකැටිය රෝහලට රැගෙන ගොස් ඇතුලත් කිරිමේදී මියගොස් සිටි බවද පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අපේ අලි සම්පත කෙසේ හෝ රැකගනිමු. ගම්වල ජීවත්වන මිනිස්සු මැරුණාම මොකද මිනිස්සු ඉන්නවනේ ඕනෑවටත් වැඩිය.
ප්‍රරදේශයෙම පදිංචිකරුවන් වන මොවුන්' රාත්‍රි කාලයෙදි අලින් එහි ගැව්සෙන බව දැන දැනත් එවනි ගමනක් ගියෙ මත්පැන් පානය කිරිමෙන් පසුව වෙන්ට ඔන. කටට ටිකක් වත්කර ගත්තු ගමන් මුලු ලොකෙටම ගහන්ට පුලුවන් කියල හිතන පුහු වීරයො වෙන පිරිසකුත් ඉන්නවානෙ.