(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
පාතාල සාමාජිකයකු බව සංජීව සමරරත්න හෙවත් ගණේමුල්ලේ සංජීව නමැත්තාගේ ගණේමුල්ල, මාකිලංගමුව ප්‍රදේශයේ පිහිටි නිවසට අද (24) අුයම් කාලයේ නාදුනන කණ්ඩායමක් පැමිණ වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි ගණේමුල්ල පොලිසිය පවසයි.
මෙම වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ගණේමුල්ල සංජීව නැමැත්තාගේ බිරිඳ, දියණිය ඔහුගේ සහෝදරියක සහ මවුපියන් නිවසේ සිට ඇතත් ඔවුන් කිසිවකුටත් එම වෙඩි ප්‍රහාරයෙන් හානියක් සිදුවී නොමැති බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
ටී-56 වර්ගයේ ගිනි අවියකින් සහ පිස්තෝලයකින් වෙඩි ප්‍රහාරය එල්ල කර ඇති බවත් නිවසේ බිත්තිවල සහ ගේට්ටුවෙ වෙඩි සලකුණු පෙනෙන්නට ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් කීය.
ගණේමුල්ල සංජීව නමැත්තාගේ මව සහ සහෝදරිය විසින් නීතීඥයකු සමඟ අද දහවල් කාලයෙ ගණේමුල්ල පොලීසියට පැමිණ මේ ගැන පැමිණිලි කර ඇත අතර ඔහු මේ වන විට ඉන්දියාවට පලාගොස් සැඟව සිටින බවද බුද්ධි අංශ සඳහන් කරයි.
මීට දින කිහිපයකට ඉහත දී ඉන්දියාවේ ආරක්ෂක අංශ විසින් ගනේමුල්ල සංජීව නැමැත්තා සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගෙන ඇති බවට ද ආරංචි මෙරට බුද්ධිඅංශ වලට ලැබී තිබිණි.
ප්‍රතිවාදී පාතාල කණ්ඩායමක් ගනේමුල්ල සංජීව නමැත්තා ගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කරන්නට පැමිණ ඇති බවත් වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි කණ්ඩායම ගැන තොරතුරු මෙතෙක් පොලිසියට ලැබී නොමැති බවත් ෙපාලිසිය පවසයි
2025 දෙසැම්බර් මස 18
362
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
217
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගණේමුල්ලේ සංජීවගේ නිවසට වෙඩි
Maarayaa Friday, 25 August 2023 02:05 PM
ඒ ගොල්ලන්ටත් මරණ බය දැනිලා වගේ...
sam Friday, 25 August 2023 04:12 PM
මෙන්න මේවට තමයි කියන්නේ අවි ගත්තෝ අවියෙන්ම නැසේ කියලා... සංජීව කළ අපරාධවලට දඬුවම් පස්සෙන් එළවගෙන එනවා වගේ...
සමන් Friday, 25 August 2023 05:31 PM
ගම්පහ ප්‍රසන්නට කියන්න.