IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


හොරෙන් රත්රන් ගෙනා මන්ත්‍රී රහීම් වරප්‍රසාද කමිටුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

රුපියල් කෝටි 7කට වැඩි රත්රන් කිලෝ තුනක් සහ  ජංගම දුරකතන තොගයක්  නීති විරෝධීව රැගෙන ආ පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී අලි සබ්‍රිරි රහීම් මහතා ගැන ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට  දැනුම්දී  ඒ සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වන ලෙස සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කරමින් පාර්ලිමේන්තුවේදී අද (25)  ඉල්ලීමක් කළේය.

රහීම්  මහතා මෙම රත්රන් සහ  ජංගම දුරකතන  පාර්ලිමේන්තු වරප්‍රසාද සහ සිය  රාජ්‍යතාන්ත්‍රික ගුවන් ගමන් බලපත්‍රය අවභාවිතා කරමින්  නීති විරෝධීව කටුනායක ගුවන් තොටුපළේ  ප්‍රභූ පර්යන්තයෙන් 2023 මැයි 23 දින මෙරටට ගෙන ඒමට කටයුතු කර ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රේගුව මෙම මන්ත්‍රීවරයාට රුපියල් ලක්ෂ 75 ක දඩ මුදලක් නියම කර ඇති බවත් සභානායකවරයා කීවේය.

එසේම ඔහු රැගෙන ආ සියලු භාණ්ඩ රාජසන්තක කෙරුණු බවද  අමාත්‍යවරයා පැවසීය.

මන්ත්‍රීවරයා මන්ත්‍රී චර්යා ධර්ම පද්ධතිය උල්ලංඝනය කර ඇති බැවින් සහ  මහජන නියෝජිතයකු වශයෙන් මහජන විශ්වාසය කඩකර ඇති හෙයින් මෙම උත්තරීතර පාර්ලිමේන්තුවේ සහ  නියෝජනය කරන සමස්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවද  සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසුවේය.



අදහස් (5)

හොරෙන් රත්රන් ගෙනා මන්ත්‍රී රහීම් වරප්‍රසාද කමිටුවට

Bunny Preena Friday, 25 August 2023 02:07 PM

නිදොස් කොට නිදහස් කරයි. එහෙමත් නැතිනම් නිදොස් වී නිදහස් වෙයි..

:       1       17

අරවින්ද මොනරවිල Friday, 25 August 2023 03:40 PM

දැන් දැන් පොඩි පොඩි ජිල්මාට් දානවා ඡන්ද දායකයා රවට්ටන්න පුළුවන් වෙයි කියලා හිතලා, අපි ඒ ගොනා විකුණලා හුඟක් කල් සුසිලෝ...

:       1       18

Perakum Friday, 25 August 2023 10:36 PM

බොරු කතා දියවන්නාවේ ඉන්න අය හිටපු අය කවුරු කවුරුත් මේවට හවුල්... ඒනිසා අන්තිමට නිදොස් කොට නිදහස්…!

:       0       2

Lalla Saturday, 26 August 2023 01:19 AM

ඊළඟ ඡන්දෙන් පස්සේ ඕක කරන්න තිබුනේ... කලින් වැඩියි...

:       0       2

kavidhu Saturday, 26 August 2023 11:40 AM

මේක ගැන හොයලා දැඩි දඬුවම් දෙන්න කමිටුවක් පත්කළා නම් හොඳයි නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 362 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site