IMG-LOGO

2025 නොවැම්බර් මස 23 වන ඉරිදා


ප්ලාස්ටික බෑග් භාවිතය බුරුන්ඩි ජනපති තහනම් කරයි


 
 
 
නයිරෝබිහිදීය (ඒ.එෆ්.පී)
 
 
 
ප්ලාස්ටික් බෑග් භාවිත කිරීම තහනම් කරමින් බුරුන්ඩි ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කර ඇත. 
 
‘‘ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය, ආනයනය කිරීම, ගබඩා කිරීම, අලෙවිය සහ  ඕනෑම ආකාරයකින් ප්ලාස්ටික් බෑග් භාවිතා කිරීම සහ ප්ලාස්ටික ඇසුරුම් තහනම් කරමින්’’ බුරුන්ඩි ජනාධිපති පියෙරේ න්කුරුන්සිසා එම නියෝගය කර ඇත. 
 
අදාළ නියෝගය කි‍්‍රයාත්මක කරන තෙක් මාස 18ක සහන කාලයක් ලබා දී තිබෙන අතර එම සහන කාලය අවසන් වීමෙන් ඉහත නියෝගය කි‍්‍රයාත්මක වේ. 
 
ප්ලාස්ටික සහ පොලිතින් භාවිතා කිරීම තහනම් කිරීමේ ප‍්‍රවණතාවක් ඇති වී තිබෙන අතර මධ්‍යම අපි‍්‍රකාවේ කුඩා රාජ්‍යයක් වන බුරුන්ඩි රාජ්‍යය එලෙස ප්ලාස්ටික් භාවිත කිරීම තහනම් කළ අලූත්ම රට බවට පත්විය. 
 
පසුගිය සතියේදී නවසිලන්ත අගමැතිනි ජෙසින්ඩා ආර්ඩ්න් ද මෙවැනිම පියවරක් ගත්තාය. කෙසේ නමුත් ක්ෂුද්‍ර ජීවින් මගින් විනාශයට පත්වන ප්ලාස්ටික්, වෛද්‍ය සේවා සහ ඖෂධ ඇසුරුම් කිරීමට යොදාගන්නා ප්ලාස්ටික් බෑග් සහ ඇසුරුම්වලට මෙම තහනම අදාළ නොවේ. 
 
මේ අනුව බුරුන්ඩි රාජ්‍යය ද ප්ලාස්ටික් භාවිතා කිරීම තහනම් කරන ලද අනෙකුත් අප්‍රිකානු රටවල් වන මොරොක්කෝව, රුවන්ඩාව සහ කෙන්යාව යන රටවල් ගොන්නට ඇතුළත් වේ. 
 



අදහස් (4)

ප්ලාස්ටික බෑග් භාවිතය බුරුන්ඩි ජනපති තහනම් කරයි

rasika Wednesday, 15 August 2018 10:18 AM

අපිට තමයි එහෙම දෙයක්වත් කරගන්න බැරි...

:       0       10

sampath Wednesday, 15 August 2018 10:34 AM

මේවා ප්‍රයෝගික නැහැ ජනතාව දැනුවත් කිරීමත් පරිසරයට ආදරය කිරීමටත් පුරුදු කිරීමත් විකල්ප සහ ආදේශක හදුන්වා දීමත් ප්‍රයෝගික විසදුම් වෙතයාමත් රිෆන්ඩබල් ඩිපොසිට් එකක් වැනි දෙයක් හදුන්වාදීමත් ප්‍රතිශක්තීකරණ යන සියල්ල තුළින් යම් ප්‍රතිපලයක් ලඟා කරගත හැකිය.......

:       20       3

Bamunuarachchi Wednesday, 15 August 2018 10:57 AM

අන්න ශක්තිමත් කශේරුකාවක් තිබෙන ජනාධිපතිවරු ඒකට අපිට?

:       0       7

Lakvidu Wednesday, 15 August 2018 02:58 PM

මේ හැදීම අනුව තහනම් වෙලා තියෙන්නේ බුරුන්දි ජනපතිනේ...!!!

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 40 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 149 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1003 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site