(දයාසීලි ලියනගේ)
බස්නාහිර පළාතේ වෛද්‍යවරුන් 3000කට පසුගිය පෙබරවාරි මාසයේ සිට මේ දක්වා අතිකාල දීමනා ලබාදී නැති බව වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පසුගිය මාස 4 පුරාම සිහිකැඳවීම් ගණනාවක්ම කර තිබෙන නමුත්, මෙතෙක් සතුටුදායක ප්‍රතිචාරයක් ලබාදී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේය.
කොරෝනා වසංගත තත්ත්වය හමුවේ මේ අවස්ථාවේ වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට නොහැකි වී ඇතැයි ද ඔහු කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd