මන්ත්‍රී වාසුදේව  

(ජයන්ත සමරකෝන්)  

ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් එන පාටක් පෙනෙන්නට ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ‍ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි. 

තිරය පිටුපස සිට සිදුවෙන රහස් සාකච්ඡා අනුව ඒ පිළිබඳව සැකයක් මතු වී ඇතැයි ද මන්ත්‍රීවරයා කීය.  


ඒ සමගම ප්‍රධාන බලකඳවුරු දෙකේ ජනාධිපතිවරණ අපේක්ෂකයා තේරීම කල්යන බවත්, දක්නට ඇතැයි ද හෙතෙම සඳහන් කරයි.  


විපක්ෂයේ ද සහාය ඇතිව 2/3 බහුතර බලයකින් මහමැතිවරණයකට යා හැකි බව ද ඔහු කියයි.  


1994 වසරේ දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සියයට 62ක ජනවරමක් ලබා ජනාධිපතිනිය වූවද, ඊළඟ මහ මැතිවරණයෙන් ඇයට ලබාගත හැකිවූයේ එක් වැඩිපුර මන්ත්‍රී ධුරයක් පමණක් බව අප අමතක කළ යුතු නැතැයි ද මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.