(දයාසීලි ලියනගේ)
සමගි ජන බලවේගය හා එක්සත් ජාතික පක්ෂය අතර පවත්නා අර්බුදය නිමකර එකම ලාංඡනයක් යටතේ එක්ව තරග වැදීම සඳහා වූ සාකච්ඡා මේ දිනවල පැවැත්වෙන බව එම පක්ෂයේ දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.
කුමන ලාංඡනයකින් වුවත් මහ මැතිවරණයට ඉදිරිපත් වෙන බවට සමගි ජන බලවේගය අවසන් තීරණයකට එළඹි ඇති නිසා දැන් අලියා ලකුණ ලැබුණත් නොලැබුණත් කිසිදු ගැටලුවක් නොවන බව එම පක්ෂයේ අදහස වී ඇත.
මේ අතර පක්ෂ නායකත්වය කරු ජයසූරිය මහතාට ලබා දීමට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් පිරිසක් ඉදිරිපත් කරන ලද යෝජනාවට ඒ මහතා දැඩි ප්‍රසාදයක් දක්වා නැති අතර රනිල් වික්‍රමසිංහ මහතා ද ඒ සම්බන්ධයෙන් ප්‍රතිචාරයක් දක්වා නැති බව වාර්තා වේ.
නාම යෝජනා බාර දීමට ඇත්තේ තව දින කීපයක් නිසාත් පක්ෂය භේද නොවිය යුතු බවට බහුතරය දක්වන දැඩි බලපෑම නිසාත් එකඟතාවක් මත අලියා ලකුණින් තරග කිරීම අවසාන තීරණය වනු ඇතැයි විශ්වාස කරයි.
2025 දෙසැම්බර් මස 18
650
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
316
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1105
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
එජාප කණ්ඩායම් දෙක එකම ලකුණින් ඡන්දයට? අර්බුද සමනය කරගන්න සාකච්ඡා