lankadeepa.lk

දැරියක් අපයෝජනය කළ තරුණයෙක් අත්අඩංගුවට

2020 මැයි මස 26 පෙ.ව. 08:35

0     536

වයස අවුරුදු 15 ක හා මාස 04ක බාලවයස්කාර දැරියක් නිත්‍යානුකුල භාරකාරත්වයෙන් අපහරණය කොට ස්ත්‍රි දුෂණයක් කිරිම සම්බන්දයෙන් 19 හැවිරිදි තරුණයකු රත්ගම රණපනාදෙණිය ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.


lankadeepa.lk

කොස් දැව තොගයක් සොරකම් කළ සිව් දෙනෙකු අත්අඩංගුවට

2020 මැයි මස 26 පෙ.ව. 08:32

0     83

රුපියල් ලක්ෂ දෙකක් පමණ වටිනා කොස්දැව තොගයක් සොරකම් කිරිම, සොරභාණ්ඩ බැහැර කිරිම හා මිලදි ගැනිමේ චෝදනාව යටතේ සැකකරුවන් 04 දෙනෙකු අත්අඩංගුවට ගත්බැව් පොද්දල පොලිසිය පවසයි.


lankadeepa.lk

හෙරොයින් සමඟ ධීවරයෙක් අත්අඩංගුවට

2020 මැයි මස 25 ප.ව. 10:47

0     85

දෙවිනුවර වැල්ලවත්ත ප්‍රදේශයේදි හෙරොයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400 ක් සන්තකයේ තබාගෙන සිටි ධීවරයෙකු අද (25) රාත්‍රී අත් අඩංගුවට ගත් බව ගන්දර පොලිසිය පවසයි.


lankadeepa.lk

බලපත් නොමැති ගල්කොරියක් වටලයි

2020 මැයි මස 25 ප.ව. 05:24

0     243

පොල්ගහවෙල ලේකම් කොට්ඨාසයේ අරඹේපොල බලපත්‍ නොමැතිව නොමැතිව පවත්වාගෙන ගිය විශාල ගල් කොරියක් අදද (25) දා වැටලූ බව භූ විද්‍යා හා පතල් කාර්යාංශය පවසයි.


lankadeepa.lk

යතුරු පැදි සොරකම් කළැයි 4 ක් රිමාන්ඩ්

2020 මැයි මස 25 ප.ව. 05:21

0     156

දකුණු පළාතේ විවිධ ප්‍රදේශවලින් සොරකම් කරන ලද එකම වර්ගයේ යතුරු පැදි 27ක් සමග අත් අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු ඇතුලු සැකකරුවන් හතර දෙනෙකු ලබන මස 8වනදින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(25) නියෝග කලේය.


lankadeepa.lk

බූස්ස කඳවුරේ නිරෝධායනය වු තවත් 14 ක් පිටව යති

2020 මැයි මස 25 ප.ව. 03:43

0     100

ගාල්ල බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේදී නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ ජාත්‍යන්තර නෞකා ආරක්ෂණ රාජකාරී කටයුතුවල නිරත තවත් පුද්ගලයින් 14 දෙනෙක් අද (25) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාව පවසයි.


lankadeepa.lk

වෙනිවැල්ගැට කිලෝ 190 ක් සමග පුද්ගලයකු අත්අඩංගුවට

2020 මැයි මස 25 ප.ව. 02:05

0     258

පිටිගල පොලිස් වසමට අයත් මානම්පිට ප්‍රදේශයේ නිවසක බලපත්‍රයක් නොමැතිව ළග තබාගෙන සිටි වෙනිවැල් ගැට කිලෝ 190 ක් අද (25)දහවල් අත් අඩංගුවට ගත් බව ඇල්පිටිය පොලිස් දූෂණ මර්දන අංශය පවසයි .


lankadeepa.lk

බදුලුඔය ඉවුරෙන් නාඳුනන මළ සිරුරක්

2020 මැයි මස 25 ප.ව. 02:00

0     117

බදුල්ල දෙයියන්නේවෙල ප්‍රදේශයේ බදුලුඔය ඉවුරේ තිබී නාඳුනන පිරිමි මළ සිරුරක් අද (25) දහවල් සොයාගත් බව බදුල්ල පොලීසිය පවසයි.


lankadeepa.lk

බදගිරියේ උණුසුම් තත්වයක් : ආරක්ෂාවට හමුදාව හා පොලිසියත් කැඳවයි

2020 මැයි මස 25 ප.ව. 01:44

0     806

හම්බන්තොට බදගිරිය ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇති වු ගැටුමක් හේතුවෙන් පහර කෑමට ලක් වු එක් අයෙකු රෝහල් ගතකර ඇති අතර ප්‍රදේශයේ ආරක්ෂාව සදහා යුද හමුදාව හා විශේෂ පොලිස් කණ්ඩායමක් බදගිරියට කැදවීමට හම්බන්තොට පොලිසිය කටයුතු කර තිබේ.


lankadeepa.lk

කුඩා ධීවර බෝට්ටුවලට ධීවර කටයුතුවලට අද සිට අවසර

2020 මැයි මස 25 ප.ව. 01:36

0     35

පැවැති වැසි සහිත කාලගුණික හා කුණාටු තත්වය හේතුකොට ධීවර කටයුතු සඳහා තහනම් කර තිබූ කුඩා ධීවර යාත්‍රා සඳහා යළි අද (25) සිට මසුන් ඇල්ලීමේ කටයුතු වලට අවස්ථාව ලබාදීමට ධීවර දෙපාර්තමේන්තුව තීරණය කර ඇතැයි එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළහ.


lankadeepa.lk

බඹරු ඇනීමෙක් තිදරු මවක් ජීවිතක්ෂයට

2020 මැයි මස 25 පෙ.ව. 11:44

0     115

තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද (25) දින එල්ල වු බඹර ප්‍රහාරයකින් තිදරු මවක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පවසයි.


lankadeepa.lk

ග්‍රාම නිලධාරීයාට තර්ජනය කළ පුද්ගලයකු අත්අඩංගුවට

2020 මැයි මස 25 පෙ.ව. 11:37

0     117

ඇදිරිනීතිය පවත්නා අවස්ථාවේ ග්‍රාම නිලධාරීවරයකුට බැන තර්ජනය කර ඔහුගේ රාජකාරියට බාධා කළ බව කියන කන්දකැටිය මුඩගමුව ප්‍රදේශයේ පුද්ගලයෙකු අද (25) උදෑසන සැකපිට අත්අඩංගුවට ගත් බව කන්දකැටිය පොලිසිය පවසයි.


lankadeepa.lk

දිවියකුගේ සපා කෑමට ලක් වු පුද්ගයෙක් රෝහලේ

2020 මැයි මස 25 පෙ.ව. 10:28

0     158

මීගහකිවුල කිවුල ගම්මානයේදී දිවියකු සපා කෑමෙන් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු අද (25) අලුයම මීගහකිවුල රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත ඇතුළත් කර ඇත.


lankadeepa.lk

ඇඳිරිනීතියේදී වෙළෙඳසැල් දෙකකට හොරු පනිති

2020 මැයි මස 25 පෙ.ව. 10:22

0     198

ඇදිරි නිතිය පනවා තිබියදි අද (25) දින අලුයම වෙලදසැල් දෙකක් බිද එම වෙලදසැල් වල තිබු මුදල් , දුම්වැටි සහ භාණ්ඩ සොරාගෙන ඇති බව දිඹුල පොලිසිය පැවසිය.


lankadeepa.lk

අකුරල ඇවිදන මං තීරුව අසළ මුහුදු ගල්වැටියක මළ සිරුරක් තිබී හමුවෙයි

2020 මැයි මස 25 පෙ.ව. 09:51

0     97

අකුරල ඇවිදින මංතීරුව අසළ මුහුදු අන්තයේ ගල් වැටියක තිබී අභිරහස් අයුරින් මියගිය පිරිමි අයකුගේ මළ සිරුරක් අද (25 ) උදේ සොයා ගත් බව අම්බලන්ගොඩ පොලීසිය කියයි


lankadeepa.lk

සඳහිරු සෑයේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල් තබයි

2020 මැයි මස 25 පෙ.ව. 09:37

0     166

අනුරාධපුර පුද බිමේ ඉදිකෙරෙන සඳහිරු සෑය දාගැබේ හතරැස් කොටුවේ පාදමට මුල්ගල තැබීම අද (25) උදෑසන සුබ මොහොතින් සිදු කෙරිණි.


lankadeepa.lk

මධ්‍යම පළාතේ ප්‍රා.ලේ. කොට්ඨාස දෙකක නාය අවදානම් නිවේදනය දීර්ඝ කරයි

2020 මැයි මස 25 පෙ.ව. 08:47

0     58

මධ්‍යම පළාත තුළ පවතින වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් පළාතේ මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස දෙකකට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය මගින් නිකුත් කර ඇති නායයෑමේ අවදානම් නිවේදනය අද (25) සවස පහ දක්වා දීර්ග කරනු ලැබ තිබේ.


lankadeepa.lk

අධිකරණය මගහරිමින් සිටි අයෙක් වසර තුනකට පසු අත්අඩංගුවට

2020 මැයි මස 25 පෙ.ව. 08:46

0     58

වසර තුනක කාලයක සිට අධිකරණය මගහරිමින් සිටි වරෙන්තුකරුවකු හික්කඩුව කළුපේ ප්‍රදේශයේ දි අත්අඩංගුවට ගත්බැව් තෙලිකඩ පොලිසිය පවසයි.


lankadeepa.lk

මත්ද්‍රව්‍ය සමඟ හමුදා සෙබළෙකු අත් අඩංගුවට

2020 මැයි මස 24 ප.ව. 11:45

0     186

හෙරොයින්,ගංජා සහ අයිස් යන මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි යුද හමුදා සෙබළෙකු කල්පිටිය නගරයේ පිහිටි නිවසකදී අද (24) රාත්‍රී අත් අඩංගුවට ගත් බව කල්පිටිය පොලිසිය පැවසීය


lankadeepa.lk

අතුරුදන් වු පුද්ගලයකුගේ සිරුරක් ඩෙවෝන් ඇලෙන් හමුවෙයි

2020 මැයි මස 24 ප.ව. 09:56

0     177

දින තුනකට ප්‍රථම අතුරුදන් වු පුද්ගලයකුගේ මළ සිරුර අද (24) දින ඩෙවොන් දිය ඇල්ලට ජලය ගලා බසිනා ඩෙවොන් ඇලේ තිබි හමු වු බව දිඹුල පොලිසිය පැවසිය.


lankadeepa.lk

අරක්කු හා බියර් තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

2020 මැයි මස 24 ප.ව. 08:56

0     70

ඇල්ල නිවුබර්ග් ප්‍රදේශයේ දී අද (24) සවස අරක්කු බෝතල් 14ක් හා බියර් ටින් 21 ක් සමග සැකපිට පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය කියයි .


lankadeepa.lk

මදුරු කීටයන් බෝ කළැයි වදුරඹ 7 කට නඩු

2020 මැයි මස 24 ප.ව. 08:49

0     73

බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ නිලධාරීන් මගින් වදුරඹ ප්‍රදේශයේ සිදුකල සෝදිසි කිරිම් වලදි නිවාස හා ව්‍යාපාරික ස්ථාන 242 ක් පරික්ෂණයට භාජනය කර බෝවීමට හැකි අයුරින් තම නිවාස භූමි නඩත්තු කළ හත් දෙනකුට සෞඛ්‍ය ආරක්ෂක හේතු මත නඩු පැවරීමට කටයුතු කල බව බද්දේගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.පී.නවරත්න මහතා පැවසීය .


lankadeepa.lk

නීතී විරෝධීව වැලි පැටවු තිදෙනෙකු අත්අඩංගුවට

2020 මැයි මස 24 ප.ව. 05:08

0     72

ඉගිනිමිටිය ජලාශයේ වාන් ජලය ගලායන ඇළේ වැලි නීති විරෝධීව ට්‍රැක්ටර් 3 කට පටවමින් සිටි බව කියන පුද්ගලයන් තිදෙනෙක් එම වැලි ට්‍රක්ටර් හා වැලි පැටවීමට යොදා ගත් සවල් 3ක්ද සමඟ අද( 24) අත් අඩංගුවට ගත් බව නවගත්තේගම පොලීසිය පැවසීය.


lankadeepa.lk

යතුරුපැදි අනතුරකින් තරුණයෙක් මරුට

2020 මැයි මස 24 ප.ව. 04:33

0     357

අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ගේට්ටුවක ගැටි සිදු අනතුරකින් තරුණයෙක් ජිවිතක්ෂයට පත් වි ඇති බව හැටන් පොලිසිය පැවසිය.


lankadeepa.lk

කොළඹ ගංවතුර අවදානමට පෙර සූදානමක්

2020 මැයි මස 24 ප.ව. 03:45

0     334

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ ප‍්‍රදේශයේ ඇතිවන ගංවතුර තර්ජනය වළක්වාලීම සඳහා ඇතිවිය හැකි අවදානමට සූදානමක් ලෙසින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව ශ‍්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සමඟ එක්ව කොළඹ ප‍්‍රදේශයේ වාරිමාර්ග සුද්ධ පවිත‍්‍ර කිරීමේ කටයුතු අරඹා තිබේ.


lankadeepa.lk

විදුලිසැර වැදීමෙන් දියසෙන්පුර පුද්ගලයකු මරුට

2020 මැයි මස 24 ප.ව. 02:13

0     86

මැදිරිගිරිය,දියසෙන්පුර,රත්මල්යාය ප‍්‍රදේශයේදී අනාරක්‍ෂිත විදුලි රැහැනක පැටලී විදුලි සැරවැදීමෙන් අද(24) පුද්ගලයෙකු මියගොස් ඇතැයි මැදිරිගිරිය පොලීසිය කියයි.


lankadeepa.lk

බලංගොඩ වාඩියක 18 හැවිරිදි තරුණයකුගේ සිරුරක්

2020 මැයි මස 24 ප.ව. 02:06

0     205

බලන්ගොඩ ඇල්ලෙපොළ ප්‍රදේශයේ තේ වත්තක වාඩියක තිබි සැක කටයුතු ලෙස මියගිය තරුණයකුගේ සිරැරක් අද (24) දා සොයාගත් බව පොලිසිය පැවැසිය.


lankadeepa.lk

ගොවිජන සමිතියේ ලේකම්ට පහර දුන් පුද්ගලයකු රිමාන්ඩ්

2020 මැයි මස 24 ප.ව. 01:50

0     62

ආරච්චිකට්ටුව,පාංකුලාව වැවේ සොරොව්දොර කඩා එහි වතුර නාස්ති වීමට සලස්වා ගොවි සමිතියේ ලේකම්වරයාට පහරදුන් පුද්ගලයකු හලාවත වැඩබලන මහේස්ත‍්‍රාත් ශානක උදයංග මහතා වෙත අද (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනිමස 02 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට පොලීසියට නියෝග කළේය.


lankadeepa.lk

කටුගස්තොට විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් 6 ක් අල්ලති

2020 මැයි මස 24 ප.ව. 01:17

0     93

මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බල ප්‍රදේශය තුල ඊයේ 23 වනදා රාත්‍රියේ සිට අද 24 වනදා අලුයම දක්වා සිදු කරනු ලැබූ විශේෂ මෙහෙයුසකදී වරෙන්තුකරුවන් හය දෙනෙකු අත් අඩංගුවට ගනු ලැබු බව පොලිසිය පවසයි.


lankadeepa.lk

අත්තිඩියේ නිවසක මැගසින්-උණ්ඩ සගවා සිටි අයකු අත්අඩංගුවට

2020 මැයි මස 24 ප.ව. 12:59

0     131

ගල්කිස්ස අත්තිඩිය බෝ සෙවන ප‍්‍රදේශයේ නිවෙසක් තුළ පිස්තෝලයක්, මැගසීනයක් සහ උණ්ඩ 04ක් සන්තකයේ තබා ගත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.