(ප්‍රියානි මංගලිකා )
නිකවැරටිය, මොන්නෑකුලම දී විදුලිය සැර වද්දවා අලියෙකු මැරූ අයෙකුට රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් සහ වසර 10කට අත්හිටුවන ලද බරපතල වැඩ සහිත මාස හයක සිර දඬුවමක් අද (23) නිකවැරටිය මහේස්ත්‍රාත් සසිකා ලක්මාලි දසනායක මහත්මිය නියම කළාය.
මෙම දඩ මුදල ලබන මස 21 දින එකවර ගෙවන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
මෙලෙස දඩ සහ අත්හිටු වූ සිරදඬුවම් නියම කෙරුණේ නිකවැරටිය, මොන්නෑකුලම , මීමිනිඅංගේ පදිංචි එච්.එම්.පුංචිබංඩා (70)නැමති අයෙකුටය.
වසර 2016/05/25 දින මෙම පුද්ගලයාගේ ගෙවත්තේ ඇද තිබු අනවසර විදුලි රැහැනක පැටලී අලියා මැරී වැටී සිරුරද නරක් වී තිබූ බවද ,හදිසි මරණ පරීක්ෂණය සිදු කළ වයඹ වනජීවි පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා මෙම අලියාගේ මරණය විදුලිය සැර වැදීමෙන් සිදු වූවක් බවට නිගමනය කල බවද නිකවැරටිය වනජීවි අඩවි ආරක්ෂක අයි.එම්. ජී. සෙනවිරත්න මහතා අධිකරණයට සාක්ෂි ලබා දෙමින් පැවසීය.
ඒ වන විට ප්‍රදේශයෙන් පලාගොස් රෝහල් ගතව සිටි සැකකරු සහ අලියා පැටලී සිටි අනවසර විදුලිය රැහැන ද අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගත් බවද මරණයට ලක්ව සිටි මෙම පිරිමි අලියා අඩි අටක් උස හා වයස 20 ක පමණ හොඳින් වැඩුන අලියෙකු බවද අඩවි ආරක්ෂක වරයා වැඩිදුරටත් අධිකරණයට කරුණු දැක්වීය.
මෙහිදී නිකවැරටිය වනජීවි නියාමක නිලධාරී.සංජීව වීරසිංහ ,වයඹ වනජීවි පශුවෛද්‍ය චන්දන ජයසිංහ ,වාරියපොල ප්‍රාදේශීය විදුලි ඉංජිනේරුවරයා සහ මොන්නෑකුලම වසම බාර ග්‍රාම නිලධාරීවරයා ද අධිකරණයට සාක්ෂි ලබා දුන්නේය.
නිකවැරටිය වනජීවි කාර්යාලය නඩුව පවරා තිබු අතර,කුරුණෑගල වනජීවි කලාප කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක එම්.ඒ.පතිරාජ ධර්මසිරි මහතා විසින් නඩුව මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 18
446
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1036
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විදුලි සැර වද්දවා අලියකු මැරූ අයකුට දස වසරක අත්හිටවූ සිරදඬුවමක්