IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

(ක්‍රිෂාන් ජීවක ජයරුක්)

මාතර මහ නගර සභාවේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාගරික මන්ත්‍රීවරියකට ව්‍යාපාරිකයකු විසින් බැණ තර්ජනය කර පහර දුන් බව කියන සිද්ධියකට විරෝධය පල කරමින් එම නගර සභාවේ නාගරික මන්ත්‍රීවරුන් පිරිසක් අද (13) දහවල් උද්ඝෝෂණ ව්‍යාපාරයක නිරතවුහ.

විශේෂයෙන්ම මාතර මහ නගර සභාව සතු ඉඩමක් අදාල ව්‍යාපාරිකයා විසින් අත්පත් කර ගෙන ඇති බවද ඒ ගැන නගර සභාව තුළ නිතර හඩ නගන මන්ත්‍රීවරියකට මෙම පහරදීම සිදු කර තිබෙන බවද ඔවුන් පැවසීය.

කෙසේ වෙතත් පහර කෑමට ලක්වු බව කියන නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත ලියනගේ මහත්මිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර සිටී.

ඊට සම්බන්ධ ආදාල ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මන්ත්‍රීවරු පිරිස ඉල්ලා සිටියේය.

රෝහල් ගතව සිටින නාගරික මන්ත්‍රීනී ධනංජනී උක්වත්ත මහත්මිය මෙසේ කීවාය.

“මාතර මහ නගර සභාවට අයත් ෆීනෑන්ස් ඉඩමක් අදාල ව්‍යාපාරිකයා සූක්ෂම ලෙස ඔහු නමට පවරා ගෙන අයිති කර ගෙන තිබෙනවා.මම අවස්ථා ගණනාවකදී මෙය හෙලිදරව් කලා.ඒ ගැන තරහින් සිටි ව්‍යාපාරිකයා ඔහුගේ බිරිද සමග ත්‍රීරෝද රථයකින් පැමිණ පසුගියදා මා ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතාට කැන්වසින් යන විට පාර මැදදී බැණ තර්ජනය කර පහර දුන්නා.නීතියෙන් සාධාරණයක් මා බලාපොරොත්තු වෙනවා.”

මේ පිළිබඳව චෝදනාවට ලක්වු ව්‍යාපාරිකයා වන පියසිරි ගාල්ලගේ මහතාගෙන් විමසූ විට මෙසේ කීය.

“අදාල මන්ත්‍රීවරිය මා රජයේ දේපල අල්ලගෙන ඉන්න හොරෙකු යයි කියමින් ගම පුරා ප්‍රචාරයකරනවා.මම නීත්‍යානුකූලව තමයි ඉඩම මිලදී ගෙන තිබෙන්නේ.ඒත් අදාල මන්ත්‍රීවරිය මට අපහාස කරනවා.මටත් ආත්ම ගරුත්වයක් තිබෙනවා.ඔය අතරතුරදී ඇය අපේ ගෙදරට කැන්වසින් ආවා.මගේ බිරිද ඇයට ගෙදරට එන්න එපා කියා තල්ලු කලා. ඒ සිද්ධියට මේබොරු පැමිණිල්ල දමා තිබෙනවා.”

මෙම සිද්ධියට සම්බන්ධ සැකකාර ව්‍යාපාරිකයා වහාම අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කරන ලෙසට මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චන්දන හේරත් මහතා මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක ධම්මික අමරසේන මහතාට නියෝග කර ඇත.



අදහස් (0)

මාතර නගර සබේ නාගරික මන්ත්‍රීවරු උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1084 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1107 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 420 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site