IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ගල්කිස්ස මුහුදු තීරයේ අපද්‍රව්‍ය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලිමක්

( විනීතා එම් ගමගේ )
 
දින කිහිපයක් තිස්සේ ගල්කිස්ස මුහුදු වෙරළට මහා පරිමාණයෙන් ගොඩ ගසමින් ඇති පොලිතින් හා ප්ලාස්ටික් ඇතුඵ අපද්‍රව්‍ය පිළිබදව පරික්ෂණයක් කරන්නැයි වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල් ප‍්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා කොළඹ දිසාව භාර ජ්‍යෙශ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගෙන් ඉල්ලීමක් කර ඇත.

වෙරළට ගොඩ ගසන මෙම අසාමාන්‍ය කසල තොගය යම් කුමන්ත‍්‍රණයක ප‍්‍රතිපලයක් විය හැකි යැයි බවත් අද (05)  පරවරුවේ මේ සම්බන්ධව ගල්කිස්ස පොලිසියට පැමිණල්ලක් කළ බවත් චන්ද්‍රකීර්ති මහතා ලංකාදීපයට  පැවැසීය.

වාරකන් කාලවල දී මුහුදු වෙරළට කසල ගොඩ ගැසීම සාමාන්‍ය දෙයක් වුවත් එහි දී පාවී එන්නේ වීදුරු බෝතල් තැඹිලි කෝම්බ පාවහන් කැබලි වැනි දේ බවත් පොලිතින්, ප්ලාස්ටික් පාවී ඒම අසාමාන්‍ය දෙයක් බවත් කී වෙරළ සංරක්ෂණ අධ්‍යක්ෂ ජනරාල්වරයා එහි තිබු මුද්‍රිත පොලිතින් කවර පරික්ෂා කිරීමේ දී ඒවායේ මැයි මස 17 වැනිදා මුද්‍රණය කරන ලද ඒවා තිබු බවත් මාස කිහිපයක් පැරණි ඒවා ද එහි තිබු බවත් කීය.

යම් ස්ථානයක එකතු කරන ලද පොලිතින් ප්ලාස්ටික් තොගයක් මොරටුව දෙසින් මුහුදට දමා ඇතැයි පෙනී යන්නේ යැයි කී චන්ද්‍රකීර්ති මහතා මෙය හිතාමතා කරන ලද්දක් යැයි විශ්වාස කරන බව ද පැවැසීය.

ලෝක පරිසර දිනය යෙදෙන ඊයේ දවස තුළ මෙම කසල තොගය පිරිසිදු කළ බව කී ඔහු වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පරිසර පොලිසිය, වන අරණ සංවිධානය හා ප‍්‍රදේශවාසින් ඊට සහභාගි වූ බවත් අද දවසේ එම ප‍්‍රදේශය පිරසිදු කර අවසන් කිරීමට බලාපොරොත්තු වන බව ද කීවේය.    



අදහස් (3)

ගල්කිස්ස මුහුදු තීරයේ අපද්‍රව්‍ය ගැන පරීක්ෂණයක් කරන්නැයි ඉල්ලිමක්

banda Friday, 05 June 2020 01:32 PM

ගල්කිස්සෙන් වැලි දැම්මම වැල්ලවත්තෙන් ගොඩට එනවා මොරටුවෙන් දාන කුණු ගල්කිස්සෙන් ගොඩට එනවා මේක මාර බයි තියරියක් නේද.?

:       0       1

raminda - rathmalana Friday, 05 June 2020 02:52 PM

ඔය මහත්මයත් එහෙනම් ගානක් ගහලාවගේ වැලි ගොඩදාලා කරපු බිස්නස් එකෙන්.

:       0       0

lankasri Friday, 05 June 2020 10:30 PM

ගල්කිස්ස වෙරල පුරුවන්න වැලි දාන්න ඉස්සර කුණු දාල පිරෙව්වද දන්නේ නැහැ. වෙරල හෝදගෙන ගිය නිසා දැන් කුණුත් ගොඩගහනවා ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 243 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site