(දසුන් රාජපක්ෂ)
 
ඉදිරියේදී පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සදහා වාමාංශික පක්ෂ කිහිපයකින් සැදුම්ලත් සන්ධානයකින් තරග කරන බව ලංකා සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහාචාර්ය තිස්ස විතාරණ මහතා අද (24) සදහන් කළේය.
 
 වාමාංශික සන්ධානයක් නිර්මාණය කරගැනීම සදහා මේ වනවිට මහජන එක්සත් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පෙරමුණ, කොමියුනිස්ට් පක්ෂය සහ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ යන දේශපාලන පක්ෂ සිය එකගතාවයන් පල කොට ඇති බවද මහාචාර්ය තිස්ස විතාරණ මහතා ප්‍රකාශ කළේය.
 
සන්ධානය සදහා යොදාගනු ලබන නම සහ පක්ෂ ලකුණ පිලිබදව මේ වනතෙක් තීරණය කර නොමැති බවද ඒ මහතා පැවසීය.