(නිමල කොඩිතුවක්කු)
ඉදිරි මහමැතිවරණය ජයග‍්‍රහණය කිරීම සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගා එම පුළුල් සන්ධානයට නායකත්වය ලබාදීමට තමන් සූදානම් බව විපක්ෂනායක සජිත් පේ‍්‍රමදාස මහතා පැවසීය.
මොනම අවස්ථාවකදීවත් තනතුරු උදෙසා පක්ෂය දෙකඩ කිරීමට ඉඩ නොදෙන බවත් පැවසූ සජිත් පේ‍්‍රමදාස මහතා හැම දෙනාම එකතු කරගෙන හැම බරක්ම විඳගෙන ජනතාව ශක්තිමත් කරගනිමින් අනාගත ජයග‍්‍රහණයට නායකත්වය ලබාදෙන්න තමන් සූදානම් බවත් සඳහන් කළේය.
‘‘සජිත් පේ‍්‍රමදාස මහතා ගමින් ගමට ජනතාව මුණ ගැසීම’’ ජන රැළි මාලාවේ පළමු ජනහමුවට කොලොන්නාවේ දී අද (17) එක්වෙමින් ඔහු මේ මේ බව පැවසීය.
ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ ප‍්‍රතිපත්ති මාලාව ක‍්‍රියාත්මක කිරිමට විරුද්ධ පාර්ශවයේ සිට උපරිම සහයෝගය ලබාදෙන බවත් පේ‍්‍රමදාස මහතා එහිදී සඳහන් කළේය.
ජනතා ප‍්‍රසාදය සහ ජනතා ආශිර්වාදය මැද ඉදිරියේ දී විපක්ෂයේ කාර්යභාරය ඉටුකිරීමට තමන් සූදානම් බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කශේරුකාව ශක්තිමත් මදි
සජිත් බේබි, ගොටාභය ජනාදිපතිතුමා එතුමාගේ 2019 - 2029 දශකය තුල රට පාලනය කිරීම තුලින්, රට සව්භාග්‍ය කරනා බව අපට සක්සුදක්සේ පැහැදිලිය. සජිත් බේබිට පමණක් නොව, නාමල් බෙබිටවත් කරන්න දෙයක් එතුමා ඉතුරු කරන්නේ නැති බව එතුමාට ඡන්දය දුන් / නොදුන් කාටත් දැන් පැහැදිලිය.