IMG-LOGO

2025 නොවැම්බර් මස 27 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව සැදූ අහස් මාලිගා අද බොද වෙලා ‘

(නිමල කොඩිතුවක්කු)

බොරු පොරොන්දු දෙමින් ආණ්ඩුව සෑදූ   අහස් මාලිගා අද වන විට බොඳ වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවැසීය.
 
එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව පන්නා දමමින්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප‍්‍රමුඛ වත්මන් ආණ්ඩුව  පත්කරගත්ත ජනතාවට අද සිදුව ඇත්තේ ඉඟුරු දී මිරිස් ගත්තා වගේ දෙයක් යැයිද මන්ත‍්‍රීවරයා සදහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද (31) පැවති   මාධ්‍ය හමුවකට එක්වෙමින්  ඔහු මේ බව පැවැසීය.
 
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජේපාල හෙට්ටිආරච්චි  මහතා මෙසේද කීය. ‘‘මහින්ද රාජපක්ෂ ආණ්ඩුව එදා මැතිවරණ ඉලක්ක කරගනිමින් අරලියගහ මන්දිරයේ දොරවල් පැය 24 ම විවෘත කරගෙන  දන්සල් දුන්නා. රාජ්‍ය  මුදල්, රාජ්‍ය දේපල අවභාවිතා කරමින් ඔවුන් ඒ සියල්ල තමන්ගේ මැතිවරණ ජයග‍්‍රහණ වෙනුවෙන් යෙදෙව්වා.

 
රජ්‍ය දේපල,  රාජය මුදල් සුරක්ෂිත කරමින් අනවශ්‍ය වියදම් කපාහරිමින්  ආදර්ශමත් පාලනයක් ගෙන යන බවට ගෝඨාභය රාජපක්ෂ මහතා  ජනාධිපතිවරණයේදි පැවසුවා. වාහන දෙක තුනක් පාවිච්චි කරනවිට, ආරක්ෂාව අඩු කරන විට, වියදම අඩු කරනවිට  රටේ ජනතාවටත් ඒ පිළිබඳ විශ්වාසයක් ගොඩනැගුණා.
 
නැවත වරක් ඔවුන් මේ සෙල්ලම පටන් ගෙන තිබෙනවා. දැන් ලබන සතියේ සිට අරලියගහ මන්දිරය ඉලක්ක කරගනනිමින් යලිත් දන්සල් සෙල්ලම ආරම්භ කරලා තියෙනවා. විවිධ උත්සව යොදාගනිමින් පවල් පිටින් අරලියගහ මන්දිරයට ගෙනල්ලා කන්න බොන්න දීල් සතුටු කිරිමේ වැඩපිලිවලක් ආරම්භ කරලා තියෙනවා.
 
රජ්‍ය දේපල,  රාජය මුදල් තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට යොදාගැනිම එක්සත් ජාතික පක්ෂය  විදියට අපි තදින්ම හෙලා දකිනවා. පසුලගිය අවුරුදු හතරහමාර තුළ අපි රජ්‍ය දේපොළ,  රාජය මුදල් මේ විදියට අවභාවිතා කලේ නැහැ.  ගෝඨාභය රාජපක්ෂ මහතා වංචාව, දූෂණය ප‍්‍රතික්ෂේප කරලා අලූත් රටක් ගැන හිතනවනම් මේ දේවල් නතර කරන්න කියලා විපක්ෂය විදියට අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා.
 
අද මේ අය රටේ ජනතාවගේ ඇස්වලට වැලි ගහලා,  ජනතාවට කොකා පෙන්නලා අලූත් ගමනක් යන්න ලෑස්ති වෙනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා ප‍්‍රමුඛ මේ ආණ්ඩුව වේදිකාවක් වේදිකාවකක් ගානේ කෑ ගැහුවා වතු තකම්කරු වැටුප  රුපියල් 1000 ක් කරනවා කිව්වා. කැබිනට් තීන්දුවක් ගෙන ඔවුන් දැන් මේ තීරණය ක‍්‍රියාත්මක කරන්න උත්සාහ කළා. ඒත් මේක කරන ක‍්‍රමවේදයක් නැහැ. වතුකම්කරුවන්ට තියා රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවන්න විදියට මේ ආණ්ඩුවට මුදල් නැහැ.
 
දැන් මේ රුපියල් 1000 ගෙවා ගන්න බැරුව  බන්දුල ගුණවර්ධන  සහ තොන්ඩමන් අමාත්‍යවරුන් 1000 නොදුන්නොත් වතු ටික රජයට පවරා ගන්නවා කියලා වතු හිමිකරුවන්ට තර්ජනය කරනවා. මෙයට පෙරත් මේ අය වතු පවරාගෙන තේ කර්මාණ්තය සම්පූර්ණයෙන්ම කඩා වැට්ටුවා.  ඒ කඩා වැටීම තමයි අදටත් අපේ ආර්ථිකයට බරපතල ලෙස දැනිලා තියෙන්නේ.
 
බොරු පොරොන්දු  දුන්න පලියට කැබිනට්  පත‍්‍රිකා  දාලා බයිපෝස් එකෙන්  ගන්න හදනවනම් ඒක මේ ආණ්ඩුව පොට වරද්දා ගැනීමක් කියලා අපි කියනවා.  ආණ්ඩුවේ මේ වැඩපිළිවෙලින් වෙන්නේ  තවදුරටත් වතු කම්කරුවා කබලෙන් ලිපට වැටීමයි. මේ රුපියල් 1000 දීමනාව  මාර්තු පළවෙනිදට කලින් ගෙවන්න කියලා අපි ආණ්ඩුවක්  කියනවා.  අද මේ ආණ්ඩුව  දිනෙන් දින වැඩ බැරි ආණ්ඩුවක් බවට පත් වෙලා තියෙනවා. දීපු  පොරොන්දු අද පුස්සක් වෙලා තියෙනවා.
මේ යහපාලන, නීතිගරුක ආණ්ඩුවේ ඉන්න  මූණු ටික ගත්තම එක්කෙනෙක්  දෙන්නෙක් හැර අනිත් සියලූ දෙනාම නඩු භාන්ඩ බවට පත්වෙලා  තියෙනවා. 
 



අදහස් (5)

‘ආණ්ඩුව සැදූ අහස් මාලිගා අද බොද වෙලා ‘

Chathuri Friday, 31 January 2020 03:20 PM

එක්කෙනෙක් නොවේ සේරම එකයි... කෑම බීම, මුදල් දැක්කේ, බඩ පිරෙන්න කෑවේ දේශපාලනය කරන්න අපහසුයි. ඒක කැපිලා පේනවා සුනිල් පෙරේරාගේ අයට ගහලා තියෙන සින්දු අහනකොට. බලයට එන්න ඕනෑවුණාම මොනවද නොකියන්නේ? මුළු ලෝකෙම තියෙන දේවල් නොමිලේ දෙනවා කියනවා. ජනතාවත් රැවටිලා ඡන්දෙ දෙනවා. දැන් පොහොර බෙදනවා නොමිලේ මේවා හොඳ පාඩම්... ජනතා විමුක්ති පෙරමුණට ඇර වෙන කෙනෙක් නැහැ රට බාරදෙන්න තරම්...

:       19       46

Chathura Sunday, 16 February 2020 10:31 AM

දැන් තමයි මෙයා 3% යන එන මන් නැති පාටියේ කියල දැන් ගත්තේ, සුබ පැතුම් පුංචි අම්මටත් එක්කම,

:       0       0

haramanis Thursday, 06 February 2020 03:56 PM

අපිටනම් ඇත්තටම හොඳයි යහපාලනේට වඩා.

:       0       0

HARAMANIS Sunday, 09 February 2020 03:04 PM

මේ අයට අමු කැවිලා...

:       0       0

Bamunuarachchi Monday, 09 March 2020 02:05 AM

අනේ, අපිට එහෙම වුනේ නැහැ. අපේ බදු නැතිවුණා.. අඩුවුණා. ඉතිරි ටික බජට් එකක් ආවම බලා ගනිමු. තවම ආණ්ඩුව තිබෙන්නේ ඔබලා අතේ නේද? අහස් මාලිගා හැදුවේ යහපාලක ආණ්ඩුව හදපු ගොයියන් හැබැයි සුඛෝපභෝගී වාහන ගන්න හදපු අහස්මාලිගා හරි ගියා නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 161 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 232 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1103 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site