IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’

(මුදිතා දයානන්ද)
       
‘ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480 ට ලෝභ වෙලා ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විජිත හේරත් මහතා අද (16) පැවසීය.
       
ඔහු මේ බව පැවසූයේ පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදි පැවති මාධ්‍ය හමුවකදි අදහස් දක්වමිනි.
 
එහිදි තවදුරටත් ඔහු මෙසේද පැවසීය.
       
“මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අපේ රටේ ස්වෛරීත්වයට හානිකරන ඇමරිකානු අධිරාජ්‍යවාද ව්‍යාප්ත කිරීමේම තවත් එක පියවරක්. එහි කොටසක් හොඳයි, කොටසක් නරකයි කියලා අත්සන් කරන්න ඉඩ දෙන්න බැහැ.
       
ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ ඡන්දේ කාලේ මේ ගිවිසුම මහා බිල්ලෙක් බවට පත් කරලා මිනිස්සු බය කළා. රට දෙකට බෙදෙන ගිවිසුමක් කිව්වා. ඊළම නැවත වෙනත් ක‍්‍රමයකට දෙන ගිවිසුමක් කිව්වා. අපි ආපු ගමන් මේක කුණු කූඩයට දානවා කිව්වා. දැන් මොකද වෙලා තියෙන්නේ?
       
දැන් කැබිනට් මණ්ඩලය තීන්දුවක් අරන් ඒක අධ්‍යයනය කරන්න  ඕන කියලා. ඒකට අනුකමිටුවක් පත්කරලා. මේ සම්බන්ධයෙන් පනවපු නඩුවේදි නීතිපති අධිකරණයට දැනුම් දෙනවා දැන්ම ගිවිසුම අත්සන් කරන්නේ නැහැ. ඒ ගැන අධ්‍යයනයක් කරනවා කියලා. සමහර ඇමතිවරු කියනවා මේක අත්සන් කළොත් අපි ආණ්ඩුවේ ඉන්නේ නැහැ කියලා. කලින් කිව්වේ මේකෙන් රට බෙදෙනවා කියලානේ. බලයට ආවම කුණු කූඩයට දානවා කියලානේ. ඒවා කිව්වේ අධ්‍යයනයක් නොකරද? අධ්‍යයනයක් කරලා  කිව්වා නම් ඇයි දැන් තවත් අධ්‍යයනය කර කර ඉන්නේ? ඇයි ඒවාට කැබිනට් මණ්ඩලයේදි විරුද්ධ නොවුණේ? එළියට ඇවිත් අරක මේක කියලා වැඩක් නැහැ. 

කැබිනට් මණ්ඩලය තමයි රට වෙනුවෙන් තීන්දු ගන්න තැන. එතන ඉන්නවා නම් තමන් දැන ගන්න  ඕන මේවාට විරුද්ධ වෙන්න. විසිකරන්න  ඕන එකක් අධ්‍යයනය කරන්න යනවා කියනකොටම තියෙනවා නැවත සළකා බැලීමක් කෙරෙනවා කියන කාරණය. ජනතාවට කොලේ වහලා ගිවිසුම අත්සන් කරන්න දරණ උත්සාහයක් මේක. මේ ගිවිසුම තනියෙන් නෙවෙයි එන්නේ. තව ගිවිසුම් දෙකක් එක්ක. එවාත් එක්කයි මේක අධ්‍යයනය කළ යුත්තේ. ඒවා අත්සන් කරලා ඉවරයි. මේක අත්සන් කරලා නැහැ. අත්සන් නොකරපු එකකින් අයින් වෙන එක අමාරු වැඩක් නෙවෙයි. ඇයි අපි මේකට එකග නෑ නොකියා වටේ යන්නේ?
       
ගම්මන්පිල මහත්තයා කියනවා මේ ගිවිසුමේ 70%ක් හොඳයි. තිහක් තමයි නරක කියලා. එතකොට ඒ කාලේ කෑ ගැහුවේ මේ 30 ගැනද? ඔහු හිතනවා ඇති මේකේ ඉඩම් ඔප්පු ලබාදීම තමයි එකම ප‍්‍රශ්නය. ඒක තමයි30%. මෙහි දැක්වෙන ප‍්‍රවාහන වැඩපිළිවෙළ අවුලක් නෑ කියලා.එහෙම නැහැ. ඔවුන් අපේ මාර්ග පද්ධතියේ ආරක්ෂක කැමරා සවි කරනවා. ඒවා පරික්ෂා කිරීමේ බලයත් තියෙන්නේ මේ ප‍්‍රවාහන කළමණාකරනයට මැදිහත් වෙන ඇමරිකානු සමාගමටයි. අපේ රටේ අභ්‍යන්තර තොරතුරු පිටතට ගලායාමක් මෙමගින් සිදුවෙන බව වැටහෙන්නේ නැද්ද?
       
ඇමරිකාවෙන් ලැබෙන ඩොලර් මිලියන 480ක් වෙනුවෙන් කබර ගොයා තලගොයා කරලා කන්න ගන්න ඉඩ දෙන්න බැහැ” යැයිද ඔහු කීය.



අදහස් (0)

‘ආණ්ඩුව එම්සීසී කබරගොයා තලගොයෙක් කරගෙන කන්න හදනවා’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 520 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 479 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 418 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site