IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දූෂණය තුරන් කරන්න ආණ්ඩු වෙනස් කළාට පමණක් බැහැ - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

 (හර්ෂණ තුෂාර සිල්වා)
දූෂණය තුරන් කිරීම සඳහා ආණ්ඩු වෙනස් කිරීම පමණක් ප්‍රමාණවත් වන්නේ නැතැයි මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා ඊයේ, සිකුරාදා (7) පැවැසීය. 


පසුගිය වසර තුනේ ශ්‍රී ලංකාවේ ආසියානු කලාපයේ රටවල අත්දැකීම සලකා බැලීමේදී එය හොඳින් පෙනී යන බව ද මහාචාර්යවරයා පෙන්වා දුන්නේය.


‘හොරු නැති ආණ්ඩුවක් යථාර්ථයක් ද ?’ යන ප්‍රශ්නය ඇතිව දියුණු පුරවැසි සමාජයක් උදෙසා යන්න තේමාව කරගනිමින් කොළඹ ශ්‍රී ලංකා පදනම් ආයතනයේ පැවැති සමුළුවකදී අදහස් දක්වමින් මහාචාර්ය ජයදේව උයන්ගොඩ මහතා එම කරුණු කීවේය. 


දූෂණය තුරන් කිරීමට ආණ්ඩු වෙනස් කිරීම අවශ්‍ය සාධකයක් වුවද ප්‍රමාණවත් කරුණක් බව මහාචාර්යවරයා මෙහිදි පෙන්වා දුන්නේය. 


ඉන්දියාවේ පැවැති කොංග්‍රස් ආණ්ඩුව පරාජයට පත් කිරීම සඳහා භාරතීය ජනතා පක්ෂය දූෂණය තුරන් කිරීම දේශපාලන සටන් පාඨයක් කරගත්තද පසුගිය වසර හතරක කාලයේදී භාරතීය ජනතා පක්ෂය කොංග්‍රස් ආණ්ඩුවේ දූෂණ චෝදනා එල්ල වූ කිසිවකුට එරෙහිව කිසිදු පරීක්ෂණයක් නොකළ බව මහාචාර්යවරයා මෙහිදි කීය. 


මැතිවරණ ළඟා වනවිට සෑම පක්ෂයකට මුදල් වියදම් කරන සාම්ප්‍රදායික ව්‍යාපාරික පන්තිය වෙනුවට අද වනවිට නව ව්‍යාපාරික පන්තියක් බිහි වී ඇතැයි කී උයන්ගොඩ එම නව ව්‍යාපාරික පන්තිය තමන්ට අවශ්‍ය පුද්ගලයා බලයට ගෙන ඒමට කටයුතු කරන බව ද කීවේය. 


අද වනවිට ප්‍රජාතන්ත්‍රවාදය සහ දූෂණය එකිනෙකා අත් අල්ලාගෙන ගමන් කරන බව කී මහාචාර්යවරයා දූෂණය, අපරාධ, පුද්ගලික ප්‍රාග්ධනය හා ප්‍රජාතන්ත්‍රවාදය සෑම දේහයකම පිළිකාවක් මෙන් පැතිර ගොස් ඇතැයි ද පැවැසීය.



අදහස් (3)

දූෂණය තුරන් කරන්න ආණ්ඩු වෙනස් කළාට පමණක් බැහැ - මහාචාර්ය ජයදේව උයන්ගොඩ

ranjith Saturday, 07 July 2018 01:03 PM

මේ කතා ඇත්තටම වැදගත්... රට හදනවා නම් එ්ත් කීයෙන් කීදෙනාද මේවා හිතන්නේ? අනාගත පරපුරට හොඳ රටක් කොහොමද හදන්නේ?

:       0       3

Senarath Sunday, 08 July 2018 03:29 AM

ඒ උනාට 2015දි කිව්වේ දුෂණය නවතන්න අලුත් රජය ගෙනෙනවා කියලනේ. එකේ ඉන්න හොරු 2015 දීත් හොරු විදියට හංවඩු ගැහිලා හිටියනේ, සතොස කාල. අද දුෂණය වැඩිවෙලා පමණක් නෙමෙයි, සංවර්දන වැඩත් ඇනහිටලා. නායකයෝ දෙන්න ගන්න තීරණ සමහර ඒවා එකිනෙකට විරුද්ධ ඒවා. අද රටටම මේ උදවිය විහිළුවක් වෙලා. වෙන කුමන රජයෙන්ද , අයවැයකින් සම්මත වූ යෝජනා හොර රහසේ උද්ගෝෂණ වලට බයේ වෙනස් උනේ. කුමන ජනාධිපතිවරයාද කිඋවේ "මම දන්නේ නැහැ, දැක්කේ පත්තරෙන්" කියල. කුමන අගමැතිවරයාද කිඋවේ "අපිට වී අතිරික්තයක් තියෙනවා , එනිසා වී වගාව අඩුකරන්න ඕනේ" කියල. තව ඕනේ තරම් උදාහරණ තියෙනවා කියන්න. දැන් හදන්නේ ටක්ස් ගහල, බඩුමිල ඉහල දමල මේ උදවිය හොරා කන ඒවාට මිනිස්සු ලවා වන්දි ගෙවන්න.

:       0       199

kalani Sunday, 08 July 2018 12:01 PM

ලිච්ඡවි රජ පෙළපතේ සාමාජිකයින් මිහිඳු මහරහතන් වහන්සේ සමඟ ලංකාවට පැමිණ නැත. කාලිංග මාඝ පරපුරෙන් පැවත එන්නන් පමණක් තවම ශේෂව ඇති බව සිතමි.

:       0       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 222 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 972 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site