හිටපු මහ බැංකු අධිපතිගෙන් පැය 24ක් ප්‍රශ්න කරලා

2017 මාර්තු මස 22 ප.ව. 03:40

1     273

ආන්දෝලනයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් දින හතරකදී පුරා පැය 24ක කාලයක් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගෙන් ප්‍රශ්න කර බැඳුම්කර කොමිසමේ විමර්ශන නිලධාරීහු එම ප්‍රකාශ සටහන් කර ගත්හ.


පැරැණි ක්‍රමයට පුංචි ඡන්දය තියන්නත් අහෝසි කළ පනත යළි සම්මත විය යුතු

2017 මාර්තු මස 22 ප.ව. 03:39

0     100

පැරණි ක්‍රමයට හෝ පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීමට නම් ඊට අදාළ පනත යළි පාර්ලිමේන්තුවෙන් සම්මත විය යුතු යැයි නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් එම්.එම්. මොහොමඞ් මහතා ඉරිදා ලංකාදීපයට පැවසුවේය.


ආර්ථික ස්ථාවර භාවයට අගමැතිගෙන් පනත් දෙකක්

2017 මාර්තු මස 22 ප.ව. 03:39

0     153

රටේ ආර්ථික ස්ථාවර භාවය ඇති කිරීම සඳහා නව පනත් දෙකක් ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.


හම්බන්තොට වරාය චීනෙට දෙන අලුත් ගිවිසුම අනිද්දා කැබිනට්ටුවට

2017 මාර්තු මස 22 ප.ව. 03:37

0     108

හම්බන්තොට ජාත්‍යන්තර වරාය චයිනා මර්චන්ට් සමාගමට පැවැරීමේ ගිවිසුම අනිද්දා (21) කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.


එතෙරින් ආ ආයෝජන 12 ක් ආපසු ගිහින්

2017 මාර්තු මස 22 ප.ව. 03:24

0     209

ගිවිසුම් ගතවීමට නියමිතව තිබූ ආයෝජන දොළහක් ඉකුත් වසර තුළදී රටට අහිමි වී ගොස් ඇතැයි වාර්තා වේ. රට තුළ වරින්වර ඇති වූ උද්ඝෝෂණ, කලහකාරි සිදුවීම් සහ යම් යම් දේශපාලන අස්ථාවරවීම් ආදිය හේතු කොටගෙන මෙම ආයෝජන රටට අහිමි වී ඇතැයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති උපුල් ජයසූරිය මහතා ඉරිදා ලංකාදීපයට පැවැසීය.


රජයේ පෞද්ගලීකරණයට එරෙහිව ඒකාබද්දෙන් නව සැලසුමක්

2017 මාර්තු මස 22 ප.ව. 03:23

0     40

රාජ්‍ය ආයතනය පෞද්ගලීකරණය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළ අඩාළ කිරීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ඒ ඒ ආයතනවල සේවක කොටස් සමග සාකච්ඡා කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බව වාර්තාවේ.


වයඹට අලුත් ආණ්ඩුකාරවරයකු ඉල්ලති

2017 මාර්තු මස 22 ප.ව. 03:07

0     24

වයඹ පළාත් සභාවේ ආණ්ඩුකාර අමරා පියසීලි රත්නායක මහත්මිය සහ එහි ආණ්ඩු පක්ෂය අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා ආණ්ඩුකාරවරිය වෙනත් පළාතකට පත්කර අලුතින්


මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට

2017 මාර්තු මස 20 ප.ව. 05:12

2     2748

මවගේ කිරිත් හිරුගේ කිරණත් නොමැති නම් ලෝකයක් පවතින්නට නොහැකි යන ශ්‍රේෂ්ඨ වැකිය මක්සිම් ගෝර්කි සිය පොතක ලියා තැබුවේය. එම වැකියට වසර සීයක් ගෙවී ගියද අදටත් එය පරම සත්‍යයක්ම සේ පවතී. එහෙත් ඒ සත්‍යය වේදිකාවල කතා සරසන්නට පොත් පිටු සරසන්නට පමණක් මිස කෙතරම් දුරට තමන්ගේ ජීවිතයට කවන්නට සමත්වූවන් සිටින්නේ කීයෙන් කී දෙනෙක්ද කියන ප්‍රශ්නයක් එදිනෙදා වාර්තා වන පුවත් විමසා බැලීමේදී මතු වේ.


රට කරන-කරවන අය කියන කතා

2017 මාර්තු මස 20 ප.ව. 05:00

0     145

එක්තැනක හෙද සේවයේ විරෝධතා ක්‍රියාත්මක වේ. සයිටම් නිසා තවත් තැනක වෙද, සිසු උද්ඝෝෂණ හා විරෝධතාවන්ය. විශ්‍රාම වැටුප් පාරිතෝෂික නොගෙවීම නිසා තවත් තැනක රණවිරුවන්ගේ විරෝධතාවන් ක්‍රියාත්මක වේ. බොහෝ විට මහ හඬින් කෑ නොගැසුවත් ප්‍රවෘත්ති සාකච්ඡා අතරද ඇත්තේ විරෝධතාය, තවත් විටෙක ඉල්ලීම්ය. නැත්නම් දෝෂ දර්ශනයට ලක් කිරීම්ය. ගෙවුණු සතියේ ප්‍රවෘත්ති සාකච්ඡා මණ්ඩපවල සිදුවූ කතා මොනවාද, ඒ කොහේ කොතැනක කවර අරමුණකින් සිදුකරන ලද සාකච්ඡාද යන්න පිළිබඳව අප සොයා බැලුවෙමු.


අධිවේගී මාර්ගයේ පස් පිරවුම් මුදල් ගිලින මාෆියාවක්ද

2017 මාර්තු මස 20 ප.ව. 04:38

1     557

ශ්‍රී ලංකාවේ අධිවේගී මාර්ග පද්ධතිය තවත් පුළුල් කරමින් ඉදිවෙන මධ්‍යම අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම්වල මූලික කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. මින් පෙර “උතුරු අධිවේගී මාර්ගය” ලෙස නම් කෙරුණු මෙම ව්‍යාපෘතිය පසුව මධ්‍යම අධිවේගී මාර්ගය ලෙස නම් කෙරුණි එහි ඉදිකිරීම් කටයුතු ප්‍රධාන අදියර දෙකක් යටතේ සිදු කිරීමට යෝජනා කර තිබේ. එහි පළමු වැන්න යටතේ කඩවත සිට දඹුල්ල දක්වා මෙහි ඉදිකිරීම් කටයුතු සිදු කිරීමට නියමිත අතර දෙවැනි අදියර යටතේ මෙහි ඉදිකිරීම් කටයුතු උ


කාගේ නමුත් ජීවිතයක් කියා හිතලා මම ගිනි ගත්ත ගේ තුළට ගියා

2017 මාර්තු මස 20 ප.ව. 04:26

8     9178

දකුණු කොරියාවේ ගුන්චි ප්‍රදේශයේ නිවසක හදිසියේ හටගත් ගින්නකට මැදිවි මරණය පෙනි පෙනී ජීවිතය යදිමින් සිටි 90 හැවිරිදි වයෝවෘද්ධ මාතාවකගේ ජීවිතය, සිය ජීවිතය පරදුවට තබා බුර බුරා නගින ගිනිදැල් අතරින් ගොස් බේරාගත් එරටේ රැකියාවක නිරතව සිටින ශ්‍රී ලාංකික වීරවරයෙක් නිසා අපේ මව්බිමට විශාල කීර්තියක් හා අභිමානයක් හිමිවී ඇත.


සමයංගේ උපන් දිනයට සුපිරි සාදයක් පවත්වලා

2017 මාර්තු මස 20 ප.ව. 04:13

1     1536

අරුණ උදයන්ත පතිරණ හෙවත් රණාලේ සමයං නමැති පාතාල කල්ලි නායකයා ඇතුළු ඔහුගේ ගෝලබාලයින් පස් දෙනෙක් වෙඩිකා මියයන්නේ කළුතර බන්ධනාගාරයේ සිට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයේ විභාගවන නඩුවකට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර බස් රථයකින් රැගෙන එන අතරවාරයේ බන්ධනාගාරයට නුදුරු ප්‍රදේශයකදීය.


සෝමාලි කොල්ලකරුවන්ගෙන් නැවක් බේරාගත් ලාංකික කපිතාන්

2017 මාර්තු මස 20 ප.ව. 03:07

0     669

සෝමාලියානු කොල්ලකරුවන් විසින් ශ්‍රී ලංකාවේ කාර්ය මණ්ඩලයක් සහිත එරිස් 13 නමැති නෞකාව අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය විශේෂ ප්‍රවෘත්තියක් විය.


හමුදාව යුද අපරාධ නොකළ බව ඔප්පු කරන්න සූදානම්

2017 මාර්තු මස 12 ප.ව. 12:38

0     725

ශ්‍රී ලංකා රජයේ හමුදා විසින් පසුගිය යුද්ධයේදී යුද අපරාධ කරන ලද බවට දිගින් දිගටම එල්ලවෙන චෝදනා අසත්‍ය බව තහවුරු කිරීම සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් විශේෂ වාර්තාවක් සකස් කර ඇති බවත් එය මේ දිනවල ජිනීවා නුවර පැවැත්වෙන 34 වැනි මානව හිමිකම් සමුළුව සඳහා යොමු කිරීමට අපේක්ෂා කරන බවත් රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි. මේ ඒ සම්බන්ධයෙන් “ඉරිදා ලංකාදීප”ය ඔහු සමග කළ සාකච්ඡාවකි.


මවුපියන් පෝෂණය කිරීම දෙවියන්ගේ ආශිර්වාද ලැබීමට හේතුවක්

2017 මාර්තු මස 12 ප.ව. 12:31

0     681

රටක වැඩිහිටියන් ලෙස සලකනු ලබන්නේ වයස අවුරුදු 60 ඉක්ම වූ අයයි. ශ්‍රී ලංකාව ගත් කළ 2000 වර්ෂය වන විට අවුරුදු 60 ඉක්මවූවන් සෑම දහ දෙනෙකුටම එක් අයෙකු විය.


වියපත් මව්පියන් මහ මග දමා යන දරුවෝ

2017 මාර්තු මස 12 ප.ව. 12:09

2     975

ජනලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සපයන වාර්තාවන්ට අනුව අපේ රටේ සමස්ත ජනගහනයෙන් සියයට දොළහක පමණ පිරිසක් වැඩිහිටි ජනගහන කුලකයට අයත්වේ


සමයංට වෙඩිතැබූ අංගොඩ ලොක්කා කවුද

2017 මාර්තු මස 12 පෙ.ව. 11:49

1     2436


රිය අනතුරු අවම කරන මග

2017 මාර්තු මස 12 පෙ.ව. 11:10

1     890

දිනෙන් දින ධාවනයට එක් වෙන රථවාහන සංඛ්‍යාවත් සමග රථවාහන අනතුරුවලින් සිදුවන මිනිස් ජීවිත විනාශවී යාමද මෑතක සිට ඉහළ යමින් පවතී. රථවාහන අනතුරු බහුල වුවද ඒවා පාලනය සඳහා තවමත් ක්‍රමවත් වැඩපිළිවෙළක් නොතිබීම කනගාටුවට කරුණකි. වාහන විශාල සංඛ්‍යාවක් දිනපතා ධාවනයට එක් වුවද ඒ සඳහා ක්‍රමවත් මාර්ග පද්ධතියක් සකස් නොවීමද මෙම රථවාහන අනතුරු ඉහළ යාමට හේතුවක් වී තිබේ. මෙයට වසර ගණනාවකට පෙර මෙතරම් ජනගහනයක් නොපැවතුණද මෙතරම් වාහන තොගයක්ද දක්නට නොලැබිණි.


මාර්ග තදබදයෙන් දිනකට මිලියන 1000ක් නාස්තියි

2017 මාර්තු මස 12 පෙ.ව. 11:07

1     1017

මේ වසරේ පසුගිය මාස දෙක තුළ කොළඹ නගරයේ පවත්වන ලද විරෝධතා නිසා රටේ ආර්ථික සංවර්ධනයට දින 20 ක කාලයක් අහිමිවී ඇත.


සයිටම් ප්‍රධානියාට වෙඩි තැබීමේ ව්‍යාජ රංගනයේ කතාන්දරය

2017 මාර්තු මස 08 ප.ව. 03:36

0     3975

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලයේ විධායක නිලධාරියාව සිටි වෛද්‍ය සමීර සේනාරත්න මහතා ගමන්ගත් මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම ඔහුට මරණ තර්ජන ඇති බවට හුවා දැක්වීමට කළ රඟ දැක්වීමක් බවට පොලිස් මූලස්ථානයේ


පොළොන්නරුවෙන් කොළඹට ආ “සමයං” කවුද?

2017 මාර්තු මස 04 ප.ව. 04:01

0     4

“මිනිස්සු දන්නෙ මගේ නම විතරයි. මගේ ජීවිත කතාව දන්නෙ මම විතරයි” මේ සටහන පසුගිය ජනවාරි 28 වැනිදා තම මුහුණු පොතට එක්කර තිබුණේ අරුණ උදයන්ත පතිරණය. එසේ කියුවාට ඔබ ඔහුව දන්නේ නැත. ඔබ ඔහුව දන්නේ සංවිධිත පාතාල ප්‍රහාරයකින් කළුතරදී පසුගියදා ඝාතනය කෙරුණු “රණාලෙ සමයං” යැයි කිව්වොත්ය. එහෙත් තම ජීවිත කතාවට තවත් ඉතිරිව ඇත්තේ මාසයක පමණ කෙටි කාලයක් යැයි ඔහු එදින දැන සිටියේ නැත.


මහවැලි නදියේ වැලි ජාවාරම

2017 මාර්තු මස 04 ප.ව. 03:17

1     634

-වැලි ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව අනිවාර්යෙන්ම තොරතුරු ලබා දෙනවානම් පොලිසිය ක්‍රියාත්මක වෙනවා.


අපේ නාවික හමුදාවටත් මැරීන් බළකායක්

2017 මාර්තු මස 04 ප.ව. 02:09

1     2770

නාවික හමුදා ඉතිහාස පොතට නව සුවිශේෂීය සන්ධිස්ථානයක් එක්කරමින් නාවික හමුදා මැරීන් බළඇණියේ 164 ක් වූ ප්‍රථම කණ්ඩායම පසුගිය 27 වැනි දින මන්නාරම මුල්ලිකුලම් වයඹ නාවික විධාන මූලස්ථානයේ දී විසිර ගියේය.


සමාජයේ වරදින් බිහිවුණු පාතාලය ගැනයි

2017 මාර්තු මස 04 ප.ව. 02:00

0     1918

-සියලු සිරකරුවෝ මනුෂ්‍යයෝය” වැලිකඩ බන්ධනාගාරය දෙස මහ මග සිට නෙත් හෙළන ඕනෑම අයෙකුගේ නෙත ගැටෙන්නේ එම වැකියයි. දරුවකු කුස තුළ සිටියදී කිසිම මවක් හෝ පියෙක් තම දරුවා මැරයෙක් වේවායි පතන්නේ නැත. කුඩුකාරයෙක්, සොරෙක්, මිනීමරුවෙක්, ස්ත්‍රී දූෂකයෙක් වේවායි පතන්නේ නැත. ඔවුන්ගේ ඒකායන බලාපොරොත්තුව යහපත් දරුවෙක්ම වන්නේය.


කීත් නොයාර් පැහැරගෙන වධ හිංසා කිරීමේ සුලමුල

2017 පෙබරවාරි මස 28 ප.ව. 09:27

2     4519

කාලයේ වැලිතලා අතර සැඟව යන්නට තිබූ තවත් එක් අපරාධයක සුලමුල පසුගිය සතියේ දිග හැරුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශ සාමාජිකයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමත් සමඟය. වසර අටක් තිස්සේ සැඟවී තිබූ තොරතුරු රැසක් එකිනෙක ගලා එන්නට වූයේ රහස් පොලිස් විමර්ශකයන්ට තවත් අපරාධ රැසක තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි ඉඟි මතු කරමිනි.


විශ්‍රාම වැටුප් හා පාරිතෝෂික ලැබෙන තෙක් ආබාධිත රණවිරුවෝ මහපාරේ

2017 පෙබරවාරි මස 28 ප.ව. 09:25

0     126

තරුණ බව හේතුවෙන් සිතට ගතට දැනෙන ජව සම්පන්න බවත් බිය සැක පසෙකලා සටන් පෙරමුණේ ඉදිරියට යෑමේ හැකියාවන් යනාදිය මත පදනම්ව යුද සෙබළා යන තනතුරු දරන නිලධාරියා රණවිරුවා නමින් රටවැසියා අතර අතිශය ගෞරවාදරයට පාත්‍ර වන්නේය.


බැඳුම්කර වෙන්දේසි කළ ගැසට්ටුවේ අත්සන කාගේද

2017 පෙබරවාරි මස 28 ප.ව. 09:20

0     4279

මහත් ආන්දෝලනයකට තුඩුදුන් මහා භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසිය පිළිබඳ පසුගිය දින ගණනාවක සිට විවිධ මත හා අදහස් පළවිය. මේ පිළිබඳ දිගින් දිගටම මතුවූ විරෝධතා නිසා මේ සම්බන්ධව කරුණු සොයා බලා විමසීමට ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිසමක්ද පත්කෙරිණි. මෙම කොමිසමේ සාමාජිකයන් වන්නේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු බී.කේ. චිත්‍රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති කන්දසාමි වේලුපිල්ලේ යන මහත්වරුන්ය.


මේ දිනවල පැතිරෙන උගුරේ අමාරුව

2017 පෙබරවාරි මස 28 ප.ව. 09:15

0     8557

නොමළ ගෙයකින් අබ මිටක් සෙවීම අසීරු වන්නා සේ, සෙම්ප්‍රතිශ්‍යාව, කැස්ස ඇතැම්විට උණ නොවැළඳුන රෝගියෙකු නොමැති තරමට වර්තමානයේ වෛරස් ආසාදන තත්ත්වයක් පැතිර යමින් තිබේ.


විධායක ජනපති ක්‍රමය දිගටම

2017 පෙබරවාරි මස 28 ප.ව. 08:53

0     118

නව ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියේදී විධායක ජනාධිපතිධුරය පිළිබඳව ගන්නා ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් ආණ්ඩුව අභ්‍යන්තරයේ ඒකමතික අදහසක් නැති බව පෙනෙන්නට තිබේ. මෛත්‍රීපාල සිරිසේන මහතා, ජනාධිපති කරවූ ජනපතිවරණ සටනට උරදුන් එක්සත් ජාතික පක්‍ෂය මේ ධුරය අහෝසි කළ යුතු බව ප්‍රකාශ කරන විට ආණ්ඩුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වය නියෝජනය කරන ඇමැතිවරුන් කියන්නේ මේ ධුරය පවත්වාගත යුතු බවය.


සරසවි සිසුන්ට වධ දුන් වධකාගාරය

2017 පෙබරවාරි මස 28 ප.ව. 08:30

0     758

පේරාදෙණිය හැඩ කරන රොබරෝසියා ගැන කතා කරන්නට සරසවි සිසුන්ට මේ දිනවල වේලාවක් නැත. එයට හේතුව මේ දිනවල උණුසුම්ව පවතින නවක වදය පිළිබඳ වූ සිදුවීම නිසාය.