(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඩීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් අද (10) පැවැසීය.
මෙම ජයග්‍රාහී ලොතරැයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙනි.
ලොතරැයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප්‍රිය සිනමා නළුවකුගේ නමින් හැඳින්වෙන අයෙකි.
නිතිපතාම පාහේ ලොතරැයි පත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලාය.
පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයි පත් දහයක් පමණ මිලදීගෙන යන බව කියති.
ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.
රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැවසේ.
වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් කියති.
දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඩීම සඳහාය.
කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප්‍රදේශවාසීහු කියති.
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.
මීට වසර එක හමාරකට පමණ ඉහතදී මෙම පොල් කඩන්නාට රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවීමේ පුවත ලංකාදීප පුවත්පතේ මුල් පිටුවේ පළවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැරියුත් මහ රහතන් වහන්සේ වැඩසිටි සමයේ ආහාරයක් අතට ගත්තට වළදන්න නොලැබෙන හාමුදුරු නමක් ඉදලා තියෙනවා උන්වහන්සේ අන්තිමට ආහාරයක් ගත්තා කියන්නෙ පාත්‍රය සැරියුත් මහ රහතන් වහන්සේගේ අතේ තියාගෙන කියලා තමයි කියන්නෙ ඒ පූර්වයේ කරපු පාපකර්මයක් නිසා කියලා තමයි කියන්නෙ ඉතින් මේ කතාව ඇහුවම මට ඒ කතාව මතක් වුනා කොහොම වුනත් මුදල් තැන්පත් කල බැංකුවේ නිළධාරි නැත්නම් කවුරු හෝ මොහුගේ අනාගතය සාර්ථක වෙන්න උදව්වක් කලොත් ලොකු පිනක් කියන්න පුළුවන්
පොල් කඩලත් ගන්නේ බොහොම සාධාරණ ගානක්. මනුස්සයාට හරි යනවා.
සමහරු කොපමණ ධනස්කන්ධයක් තිබුණත් ඒවා බැංකුවේ දමාගෙන පොලිය දෙස බලාසිටිනවා මිස ඒකෙන් සැප විඳින්නේ නැත...
මුදල්ම ජීවිතය යැයි සිතන ජනසමාජයට එහි ඇති දෙපැත්ත ගැන සිතා බලන්නට වැදගත් හා මහපොළවෙන් ලැබෙන පණිවිඩයක්. සතුටින් සරලව ජීවත් වීමට අතිවිශාල මුදල් ප්‍රමාණයක් අවශ්‍ය නොවන බව හා පමණ ඉක්මවා මුදල් වියදම්කරත් මුදල් හැකියාව තුල පමණක්ම සතුට නොමැති බව. ඒවගේම පින පව යන මූලික ගුණදහම් වල ඇති සහසම්බන්ඳයත් මනාවට මෙහි පෙන්නුම් කරනවා. ස්තුතියි.
සතුට කියන්නෙ එකිනෙකාට සාපේක්ෂ මානසික කරුණක්,සැප පහසුව එකක් සතුට එකක්.මොහු තම වෘත්තීය කිරීමෙන් තෘප්තියක් සහ සතුටක් ලබනවා ඇත.මුදල් වලින්ම සතුට,තෘප්තිය ලබාගත නොහැක.
සැපවත් ජීවිතයක් ගත කරන්න පින තියෙන්න ඕනෑ
මේ වගේ අයට පින් මදි... තමන්ට ලැබුණු දේ පරිහරණය කරන්න. පෙර භවවල දන් දීලා තියෙනවා. හොඳට... නමුත් අඩුපාඩු ඇතිවයි දන් දීලා තියෙන්නේ... තෝදෙයිය බමුණා වගේ...!
සුබ පැතුම් !!! එදා ජීවිතය ජිවත් කරන්නට ඔබ හෙලු ලේ කඳුළු ඩහදිය පමණක් නොව සුසුම් වලටත් මිලකළ නොහැකි අගයක් ලැබී ඇත.
කටුස්සගේ කරේ රත්තරන් බැන්දට වැඩක් නැ.
දෙන දෙවියෝ ගෙට ගෙනැවිත් දෙනවා. දෙවියෝ ඔබට වරම් දෙකක් දීලා තිබෙනවා. තුන්වැනි වරම ගැන පරිස්සමින්. වැරැදි විදිහට මුදල් පාවිච්චි කළොත් තිබුණා මොකක්ද එකත් නැතිවෙලා යාවි.... මුදල් හම්බකරනවාට වැඩි දැනුමක් මුදල් වියදම් කරන්න තිබෙන්න ඕනේ....
මේ අසරණ මනුස්සයාට පැහැදිලි කරලා දෙන්න මේ මුදල් අවසානයේ රජයට හරි පෞද්ගලික බැංකුවට හරි හිමිවෙන බව. අම්මට හොඳින් සලකා ගෙන සැපසේ ජීවත් වෙන්න උපදෙස් දෙන්න බැංකුවේ ත් වගකීම
මුදල් සම්බන්ධයෙන් දැනුමක් තේරුමක් නොමැති අයෙක් වෙන්න ඇති...
තවත් කෝටි 6ක් ඇදියන්.
ඒ වගේ කෙනෙකුට ඇදීම ගැන මමත්, මගේ පවුලේ අයත් හදවතින්ම සතුටු වෙනවා... සුබපැතුම්...!
හොඳම සාර්ථකත්වය ලැබෙන්නේ බොහෝ අසාර්ථකත්වයන්ගෙන් පසුවය.
පව් අහිංසකයා. අපට නැතත් ගොඩක් සතුටුයි. සතුටින් ඉන්න. බුදු සරණයි...!
සතුටුයි තව තව ලැබෙන්න ඕනේ නිහතමානී මනුස්සයෙක් ❤️
සල්ලි කියන්නේ තේරුමක් නැතුව නාස්ති කරන්නවත් තේරුමක් නැතුව පොදි ගහන්නවත් ඕනෑ දෙයක් නෙවෙයි. සල්ලි ලැබිලාත් දුක් විඳිනවා නම් පූර්ව කර්ම තමයි. නැතුව අනේ වාසනාව, යහපත් pol කඩන්නා, නිහතමානී මිනිස්සු කියලා අගය කරන්න ඕනෑ වැඩක් නෙවෙයි..!
පාර්ලිමේන්තුවට මෙහි පිටපතක් යවන්න ආදර්ශයට ගන්න . නෑ එපා අහිංසකයාටත් එකතුවෙලා කෙළියි .
ඔහු මොලය පාවිච්චි කරනවා. ඒ ඔහු වයෝවෘද්ධ වුණාම ඒගැන සිතා... දැන් ඔයා මාව බලාගෙන පරණ පුරුදු ජීවිතය ගත කරනවා වගේම ඔහුගේ ආරක්ෂාව ගැනද හිතනවා.
පව්.. ඒ මුදලේ ප්‍රමාණයවත් ඒවා වියදම් කරන විදිහවත් ඒ මනුස්සයාට තේරුමක් නැතුව ඇති... ඔය අතරේ ගෑනියෙක් සෙට් වුනොත් ඔක්කෝම කම්මුතුයි... කවුරුහරි ගමේ වැඩිහිටියෙක් ඒ මනුස්සයාගේ විශ්වාසවන්තයෙක් අවංකවම මග පෙන්වනවා නම් තමයි හොඳ... ඒත් ගමේ ඉන්න කෙනා තව කෙනෙක් තමන්ට වඩා දියුණු වෙනවාට කැමැති නෑනේ...
පවු අහිංසකයා
සල්ලි වියදම් කරල හොද ජීවන තත්වයක් උදාකරගන්ඩත් පින තියෙන්ඩ ඕන.කෝටි ගනන් ලැබිලත් ඔහේ ඉන්නවනම් උෟ මනුස්සයෙක් වෙන්ට බෑ.සල්ලි තිබුනත් යම් ප්‍රමානයකින් හරි වියදම් කරල සරල ජීවිතයක් ගතකරන්ඩත් පින තියෙන්ඩ ඕන දුකයි ඉතින්