මාස හතරක් මුළුල්ලේ ක්‍රියාත්මක කෙරුණු හදිසි නීතිය අවසන් කිරීමට රජය තීරණය කර ඇතැයි ප්‍රංශ පුවත් සේවය අද (23) වාර්තා කළේය.
පාස්කු ඉරිදා (අප්‍රේල් 21) එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව රට තුළ නීතිය ක්‍රියාත්ක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගත්තේය. ඒ අනුව අප්‍රේල් මස 22 වැනිදා සිට මාසයෙන් මාසයට ජූලි 22 වැනිදා දක්වා හදිසි නීතිය දීර්ඝ කළේය.
එසේ වුවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවත් මාසයකට හදිසි නීතිය දීර්ඝ නොකර ඇතැයි වාර්තා වේ.
නිල ආරංචි මාර්ගයක් උපුටා දක්වමින් ජනාධිපතිවරයා හදිසි නීතිය දීර්ඝ කෙරෙන අති විශේෂ ගැසට් පත්‍රයකට අත්සන් තබා නැතැයි ද ප්‍රංශ පුවත් සේවය වාර්තා කර ඇත.
රජයේ මුද්‍රණාලයද ඒ බව තහවුරු කළේ යැයි ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් 258 දෙනකු මියගොස් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූහ.
055
COMMENTS
ඕක අයින්කර ගන්න ඕනෑ වැරදිකරන මිනිසුන්ට මිසක් අහිංසක මිනිසුන්ට නෙමේ. අරක්ෂාව තහවුරු නම් ෆොන්සේකා මහත්මයා කියනවා නම් අපි පිළිගන්නවා.. නැත්නම් අම්මො අපි කැමති නැහැ අයින් කරනවට... ෂුවර් එකටම අල්ලලා ඉවරයිද උන්ව..?
ඉතාම හොඳ පියවරක්.. රටක ආරක්ෂාව පවත්වාගෙන යන්න හදිසි නීතියක් අවශ්‍ය නැහැ. අත්අඩංගුවට ගන්න රටේ සාමාන්‍ය නීතිය හොඳටම ප්‍රමාණවත්... හදිසි නීතියෙන් කරන්න පුළුවන් එකම දේ පොලිසියේ තියාගෙන අධිකරණයට ඉදිරිපත් නොකර දසවද දෙන්න පුළුවන්කම විතරයි...
හදිසි නීතිය ගෙන ඒමේ අරමුණ වුනේ තාවකාලිකව තත්වය සමනය කරන්න වුනත් මේ අන්තවාදී ත්‍රස්තවාදීන්ව දීර්ඝකාලීනව පාලනය කරන්න මේ ආණ්ඩුව නීතිරීති ගේන්න අසමත් වෙලා. ත්‍රස්තවාදීන්ව ඇල්ලුවාට මේවාට මූලික වෙච්ච කණ්ඩායම, ඔවුන්ගේ අරමුණ හොයාගත්තද? හදිසි නීතිය අයින්කරපු ගමන් නිකාබයේත්, බුර්කාවේ තහනමත් ඉබේම අවසන් වෙනවා නේද? හදිසි නීතිය යටතේ අත්අඩංගුවට ගත්ත අයත් නිදහස් නේද? අන්තවාදී දේශනා, අන්තවාදී මද්‍රසා පාසල් නියාමනය කෝ? මහත්වරුනි, දේශපාලන බලය වෙනුවෙන් රටේ අනාගතය පාවාදෙන්න එපා...
එතකොට බුර්කාව එලිබහී නේද?
ඕක තියෙන එකෙන් ත්‍රස්තයින් පමණක් නොවේ.., පාතාලය, කුඩු ජාවාරම වැනි දේවලුත් මර්ධනය වෙලා තිබුණා. මට නම් ඕක තිබුණා කියලා කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. අමාරුවේ වැටිලා තිබුනේ හොර ජාවාරම් කාරයින්ව..
හදිසි නීතිය අයින් කළා කියලා ලංකාවේ මිනිස්සු දැනගන්නේ ප්‍රංශයේ පත්තරවලින්... එතකොට මරු රටක් අයිසේ මේක...
කල යුතු දෙයක්.
ලංකාව බටහිර සහ ඇමෙරිකාවේ රූකඩයක් වෙලා... අපි හිතන විදියට නම් හදිසි නීතිය තවත් මාස 6 ක්වත් තියෙන්න ඕනෑ.. මොන හේතුවක් නිසාද අපි බටහිර සහ ඇමෙරිකාවට ඕනෑ විදියට වැඩ කරන්නේ...?
අප්‍රේල් 21 බෝම්බ ප්‍රහාරයෙන් පසුව මාස 4ක් තිස්සේ ක්‍රියාත්මක කරන ලද හදිසි නීතිය අවසන් කිරීමට ගත් තීරණයත් සමඟම දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි "මහජන සාමය පවත්වාගෙන යාම සඳහා" ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් 2019 අගෝස්තු 22 වන නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් ත්‍රිවිධ හමුදාවල සියලුම සාමාජිකයින් කැඳවා ඇති බවත් වාර්තාවෙනවා. අපි අහන්නේ මේ අර අඳින්නේ අලුත් අගමැති කෙනෙක් පත්කර ආයෙත් අර ඔක්තෝම්බර් නාඩගම නටන්නවත්ද කියලයි. දැන් දැන් එහෙම කතා හරියට ප්‍රචාරය වෙනවා.