නෙදර්ලන්තයේ යූට්රෙක්ට් නගරයේදී පුද්ගලයකු කළ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් කිහිපදෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
වෙඩි තැබීම වූ විගස ආරක්ෂක අංශ සහ හදිසි සේවා එම ස්ථානයට පැමිණි බව බී. බී. සී පුවත් සේවය වාර්තා කරයි.
වෙඩි තැබීමෙන් එක් පුද්ගලයකු මියගොස් ඇතැයි ද වෙඩි තැබීම කළ පුද්ගලයා පලාගොස් ඇතැයි ද ඔහු සොයා මෙහෙයුම් දියත් කර ඇතැයි ද ප්‍රංශ පුවත් සේවය තවදුරටත් වාර්තා කර ඇත.
මෙය බොහෝ දුරට ත්‍රස්ත ප්‍රහාරයක් විය හැකි යැයි ද නෙදර්ලන්ත පොලිස් ආරංචි මාර්ගවලින් කියැවේ.
ආරක්ෂක අංශවලට සහ හදිසි සේවා අංශවලට ඔවුන්ගේ රාජකාරීවලට නිරත වීමට සහායවීමක් ලෙස ප්‍රධාන මාර්ගවලින් ඉවත්ව සිටින්නැයි එරට බලධාරීන්ගේ මහජනතාවගෙන් ඉල්ලා ඇතැයි ද වාර්තා වේ.
සිදුවීම සම්බන්ධයෙන් එරට ප්‍රති ත්‍රස්ත ඒකකය හදිසි රැස්වීමක් කැඳවා ඇතැයි ද නෙදර්ලන්ත අග්‍රාමාත්‍ය මාර්ක් රට්ටේ වෙඩි තැබීම සම්බන්ධයෙන් සිය අවධානය යොමු කර ඇතැයි ද බී.බී.සී. පුවත් සේවය වාර්තා කරයි.
(055)
2025 දෙසැම්බර් මස 18
90
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
142
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
943
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නෙදර්ලන්තයේ වෙඩි තැබීමක්
kalu sudda Tuesday, 19 March 2019 03:02 AM
අපි මේ දෙස උපේක්ෂා සහගතව බලමු.
samanTuesday, 19 March 2019 04:17 AM
ආර්ථික දරුශන වලට අනුව ලබන සංවර්ධනය සහ මිනිසාගේ මනස ඇතුලේ ඇතිවන සංවර්ධනය යනු දෙකකි. මනස සංවර්ධනය වී නැත්නම් මෙවැනි මුර්ග සිතුවිලි ඇතිවීම සාමාන්‍ය දෙයක්...