සඳ මතට ගොඩබැස්සවීමට මොහොතකට පෙර චන්ද්‍රයාන් 2 අභ්‍යවකාශ යානය සමග තිබූ සබඳතා ගිලිහී ගිය බව ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය පවසයි.
සඳෙහි කක්ෂගතවී තිබූ යානය අද (07) එහි දකුණු ධ්‍රැවයට ගොඩබැස්වීමට නියමිතව තිබිණි.
චන්ද්‍රයාන් 2 යානයේ නැවතුම් දැරුම පාලිත තත්ත්ව යටතේ සඳ මතට පහත් කිරිමට සැලසුම් කර තිබූ බවත් සියල්ල සාමාන්‍ය ආකාරයට සිදුවූ නමුත් කිලෝමීටර් 2.1ක උසකදී සබඳතා ගිලිහී ගිය බවත් පර්යේෂකයෝ සඳහන් කරති.
ඉන්දියානු අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ සභාපති කේ. සිවාන් මහතා පවසන්නේ දත්ත විෂ්ලේෂණය කරමින් පවතින බවයි.
පර්යේෂණ ආයතනයේ බෙන්ගලාරු මෙහෙයුම් මධ්‍යස්ථානයේ මැදිරියේ විද්‍යාඥයින් ගල්ගැසී නිසොල්මන් වුණු බවත් එය ඉකා දුක්මුසු අවස්ථාවක් වූ බවත් මාධ්‍ය වාර්තා කර ඇත.
ජීවිතයේ ගොඩනැගීම් සහ බිඳවැටීම් සාමාන්‍යයෙන් සිදුවුවද ලබාගත් ජයග්‍රහණය සුළුකොට නොතැකිය යුතු බව ආයතනය වෙත පැමිණි ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසා තිබේ.
කෙසේවුවද රෝවරය සඳමත පතිත වීමේදී බලාපොරොත්තු වූ වේගයට වඩා වැඩි වේගයෙන් ගමන් කර විනාශ වන්නට ඇතැයි සැකකරන බව ද අගමැතිවරයා සඳහන් කරයි.
ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ "අපගේ ආත්ම විශ්වාසය බිඳවැටී නැහැ. ඉදිරිය සුබදායකයි" යනුවෙනි.

(බීබීසී ඇසුරිණි- 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නොදන්නා වැඩ නොකර ඉන්න ඕනේ. රටේ භාගයකට ටොයිලට් නැහැ.. හඳට යන්න හදනවා.
වැසිකිළි වලින් රටක් මනින්න තරම් අපි නොදියුණු ජාතියක් බවට පත්වීම කණගාටුවට කරුණක්... ලංකාවේ ඇති තරම් වැසිකිලි තියනවා. නමුත් අපිට කන්න සහල් ටික, බෙහෙත් ටික, වාහන, ඇඳුම්, පලතුරු, වෙසක් කූඩු ,රූපවාහිනී, පරිගණක එකී නොකී සියල්ල ආනයනය කරනවා. (බලන්න අපි කොච්චර දියුණු රටක් කියලද මිනිස්සු හිතන් ඉන්නේ?).
ඉන්දියානුවන්ගේ මේ ව්‍යාපෘතිය ලෝකයේ එවැනි ව්‍යාපෘතිවලින් අඩුම වියදමකින් කළ එකයි, නාසාහි ඉහළ විද්‍යාඥයින් පවා මෙවන් ව්‍යාපෘති අගය කළා.
ඉන්දියානු ටාටා, ලේලන්ඩ් බජාජ්, මහේන්ද්‍ර, මරුටි සුසුකි, පරිප්පු, බෙහෙත්, රෙදි පිලි, නාට්‍ය, සිනමා, මොබයිල් ෆෝන් මෙකීනොකී සියලු ඉන්දියානු නිෂ්පාදන වලින් යැපෙන තමන්ගේ කියලා දම්වැල් නොපනින බයිසිකලයක් වත් හදලා ලෝකෙට නොවිකුණන අඳබාලා මිනිස්සු ලෝක ප්‍රජාවටම සේවයක් ලබාගන්න තිබුණු මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් අසල්වැසි රටක් කරලා දෝෂයක් වුණාම සතුටු වෙනවා කුහකකම කුහකකම.., නුඹලාට තව කොච්චර කලක් ගියත් කිසි දියුණුවක් නැත. (ජාත්‍යන්තරයේ දස්කම් පෑ ලාංකිකයන්ට අදාළ නොවේ)
උන් හඳට යන එක වැරදුණාට හිනාවෙන එවුන් පොල් ගහකට යන්නවත් එකෙක් නැති ජාතියක්.
මාලක ඔයා මාර ප්‍රසිද්ධයිනේ... ඔබගේ වැරදි අදහසට යවා ඇති පිළිතුරු අදහස් වලින් ඔබගේ වැරදි වැටහීම් සහ වරදට සිනාසෙන ගතිය අවමවේවා...!!!
ඉන්දියාව අපට වඩා ඉදිරියෙන්... කුහක නොවී අප පරාජිත බව පිළිගනිමු. මුල්ම අදහස් දැක්වූ කෙනා මුහුණ පෙනෙන තැනක නම් කිසිවිටෙකත් එම තත්ත්වය අදහසක් ඉදිරිපත් කරන්නේ නැත..
ඉන්දියාව දරිද්‍රතාවයේ පතුලේ ගිලිලා සමහර ප්‍රාන්තවල දුප්පත් මිනිසුන් බොන්න වතුර හොයාගෙන සැතපුම් ගණන් ගාටනවා. මේවාට විසඳුම් හොයන්නේ නැතිව කෝටි ගණන් මුදල් කාබාසිනියා කරමින් ලෝකෙට පෙන්වන්න කිසිම ප්‍රයෝජනයක් නැති වැඩකරනවා. හඳට ගියා කියලා තිබෙන ප්‍රයෝජනයක් නැහැ. ඒ බව ඇමරිකාවම පිළිගත්තා. මම එක්වරක් නාසා ආයතනයට ලිපියක් ඇරියා.. ඔබලා ඔය සඳට යවන්න කළ ව්‍යායාමය අඩුතරමින් ජනතාවට මුහුදු පතුල නැරඹීමට කැපකළා නම් ලෝකයටම එය ප්‍රයෝජන එකක් වෙනවා කියා. ඔවුන් එයට ස්තුතිය පළකර පිළිතුරු එවා තිබෙනවා...
මේ නාස්ති කරපු මුදලින් මැලේරියාවට, කොලරාවට වගේ ඉන්දියාවටත් තුන්වැනි ලෝකේ අනිකුත් රට වලටත් බලපාන බොහෝමයක් ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්න තිබුණා. නමුත් පුහු ජයග්‍රහණ පස්සේ යාමේ අභිලාෂය නිසා සහ ලොකුරට රටවලට තමන්ගේ ගෙම්බර් පෙන්නීම මේ ව්‍යාපාරේ එකම අරමුණ බව පැහැදිලියි. (නැතිනම් හඳෙන් හාල් ගෙනාවා වගේ ඡන්ද පොරොන්දුවක් ඉෂ්ට කරන්න කළාද දන්නෙත් නැහැ.)
අසියාකාර රටක් විදිහට අපි හුඟක් සන්තෝස වෙන්න ඕනෑ... අසල්වැසි රටක් විදිහට ඉන්දියානුවන් මේ කරපු දේ ගැන.. අපේ අසල්වැසි රට විදිහට ඉන්දියාව දරපු මේ ප්‍රයත්නය අභිබවා තවතවත් ඉදිරියට යන්න ලැබෙන්න කියලා මම ලාංකිකයෙක් විදිහට සුබ පතනවා...!!!
මාලක ඔයා මාර ප්‍රසිද්ධයිනේ... ඔබගේ වැරදි අදහසට යවා ඇති පිළිතුරු අදහස්වලින් ඔබගේ වැරදි වැටහීම් සහ වරදට සිනාසෙන ගතිය අවම වේවා...!!!
ඉන්දියාව කියන්නේ ලෝකේ භයානකම දුම්රිය පද්ධතිය තියෙන රට මුළු ලෝකෙන්ම. ඔය යට කරපු මුදලින් ඉතාම සුළු කොටසක් වියදම් කරලා ලෝකේ තියෙන ආරක්ෂතම දුම්රිය පද්ධතිය තියෙන රට බවට පත්කර ගන්න තිබුණා නේද? නමුත් ලෝකෙට පරකාසේ, අපේ කොට්ටාසේ රටවල් වලට තියෙන හොඳ කරන්න බැරි ලෙඩක්...
ඒ මිනිස්සු ලෝකය දිනන්න වෙරදරනවා. මොන ප්‍රශ්න තිබ්බත්. අපේ එවුන් පිල්වලට බෙදිලා රට වලපල්ලට ගෙනියන්න දඟලනවා. කක්කුස්සි නැති වුණාට ඒ මිනිස්සු ලෝකේ හැමතැනම ඔවුන්ගේ රටේ ආර්ථිකය වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රයන්වල නියැලී සිටිනවා. අපේ අය ඒවා බලබල හූල්ලනවා. හරියට ලිඳ ළඟ සංගමේ අය වගේ...
හඳට රොකට්ටුවක් යවලා මහජන මුදල් පිච්චුවා, දැන් රටේ තියෙන එක ප්‍රශ්නයක්වත් විසඳුණාද? පුහු ජාතික අභිමානේ ගෙදරට මරගාතේ...
එංගලන්තය, ජර්මනිය, ජපනය, ස්වීඩනය, ප්‍රංශය වගේ රටවල් ඉන්දියාව තරම් දියුණු නැති නිසා ඒ අයට තාම හඳට රොකටිටුවක් යවාගන්න බැරි වෙලා....
ඉන්දියාව අභ්‍යවකාශ වැඩ සටහන පටන් ගත්තේ 1950 වගේ කාලෙක. ඉතාම දුර පෙනෙන නායකයින් ඉස්සරත් එහෙ හිටිය. තව න්‍යෂ්ටික වැඩපිළිවෙලත් ඒ කළෙම පටන් ගත්ත එකක්. ඒක තමා අද ඉන්දියාව තාක්ෂණයෙන් ස්වයම්පොෂිත. ලස්සන නැති වුනත් ඔවුන්ගේ රටේ හැම දෙයක්ම නිපදවනවා.