



(ඩිල්ෂානි චතුරිකා දාබරේ)
කොරෝනා වයිරසය ආසාදනය වූ පුද්ගලයකු රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් ඇතුළත් කරමින්, ගුවන් හමුදාව විසින් එම් අයි-17 දරන හෙලිකොප්ටරය ගුවන් ගිලන් රථයක් බවට පත්කර නවීකරණය කර නිමවීමේ කටයුතු ඉකුත් දා සිදුකරන ලදී.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ උපදෙස් මත, ගුවන්යානා ඉංජිනේරු අධ්‍යක්ෂකවරයාගේ මෙහෙයවීම අනුව, අංක 6 දරන හෙලිකොප්ටරය බලගණය එහි කටයුතු සඳහා දායක වූයේය.
නවීකරණයට ලක් වූ මෙම හෙලිකොප්ටරයෙහි රෝගීන් 12දෙනෙකු එකවර රැගෙන යා හැකි අතර ගිලන් සයන 12ක් ද තැබීමට පහසුකම සලසා ඇත.
මෙම ගුවන් ගිලන් රථය සමඟ ගුවන් හමුදා කාර්ය මණ්ඩලය සහ වෛද්‍ය ඒකකය හදිසි අවස්ථාකවදී ක්‍රියාකිරීම සඳහා කටුනායක ගුවන් හමුදා කඳවුරෙහි සූදානම් ව සිටිති.
(ඡායාරූප - ගුවන් හමුදා මාධ්‍ය අංශය)
COMMENTS
මෙම අවදානම් අවස්ථාවේ රටවැසියන්ගේ ආරක්ෂාවට ඉදිරිය ගැන සිතා ඔබලා ගත් තීරණ අප අගය කරන්නෙමු.
රටවැසියට කෙසේවෙතත් දේශපාලුවාට ඔය සේවය ලැබෙයි.
මිග් යානා වලින් සහ එයාර් බස් ගනු දෙනුවලින් රජ පවුල ගසා කාපු සල්ලිවලින් දිස්ත්‍රික්කයකට ඔරිජිනල් ඇම්බ්යුලන්ස් හෙලිකොප්ටර් අඩුම තරමේ දෙක ගානේ දෙන්න තිබුණා. දැන් තමයි ජනතාවට හොඳ අවස්ථාව රජ පවුලේ ගසා කෑමේ තරම තේරුම් ගන්න.
පෙර සුදානම අගය කොට සලකමි.