(පුත්තලම - ජුඩ් සමන්ත)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානය පක්ෂයෙන් තරග කරන හලාවත - විල්පත පදිංචි ඒ.එම්.සේනාධීර මහතාගේ නිවස ඉදිරිපිට සවි කර තිබූ මැතිවරණ ප්‍රචාරක පුවරු දෙකකට කිසියම් පිරිසක් විසින් හානි කර ඇති බව පල්ලම පොලීසියට ලැබී ඇති පැමිණිල්ලක සදහන් වේ.
13 වැනිදා අළුයම 2.00 ට පමණ මෝටර් රථයකින් පැමිණ ඇති දෙදෙනෙකු ප්‍රචාරක පුවරු වලට හානි කර පලා ගොස් ඇති බවත්,ඔවුන් කව්රුන්ද නොහදුනන බවද ඒ.එම්.සේනාධීර මහතා පල්ලම පොලීසියට කර ඇති පැමිණිල්ලේ සදහන් වේ.
කව්රුන් විසින් මෙම කටයුත්ත සිදු කර ඇද්ද යන්න මෙතෙක් හෙලිවී නොමැති බව පොලීසිය කියයි.
පල්ලම පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම ප්‍රචාරක පුවරු දමන්න මැතිවරණ නීතියෙන් අවසර තියෙනවද?