IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


දිස්ත්‍රික් 4 කට නායයාම් අවදානමක්

(ඩයනා උදයංගනී)                    

              
පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වය ඉදිරියටත් පැවතියහොත් දිස්ත‍්‍රික්ක 4ක නායයෑමේ අවදානමක් මතුවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.


 ඒ අනුව නුවරඑළිය, මාතලේ, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත‍්‍රික්කයන්හි මෙම අවදානම පවතින බව එම සංවිධානය සඳහන් කරයි.


විශේෂයෙන් නුවරඑළිය දිස්ත‍්‍රික්කයේ වලපනේ, මාතලේ දිස්ත‍්‍රික්කයේ උකුවෙල, කුරුණෑගල දිස්ත‍්‍රික්කයේ මල්ලවපිටිය සහ මහනුවර දිස්ත‍්‍රික්කයේ ගඟවට කෝරලේ යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල නායයෑමේ දැඩි අවදානමක් මතුවිය හැකි බව ද ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (22) නිකුත් කළ නායයෑම් පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයේ දැක්වේ.


ඉහත ප‍්‍රදේශවල කඳුකර බෑවුම් ආශි‍්‍රතව සහ නායයෑමේ හැකිියාවන් ඇති ප‍්‍රදේශ ලෙස හඳුනාගෙන ඇති ප‍්‍රදේශයන්හි පදිංචි වී සිටින්නන් මේ සම්බන්ධයෙන් අවදානයෙන් සිටිය යුතු බව ද ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
 



අදහස් (0)

දිස්ත්‍රික් 4 කට නායයාම් අවදානමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 205 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site