(මනෝජ් හර්ෂික)
ශාරීරික දඬුවම් හෙවත් කෝප්‍රල් පනිශ්මන්ට් පාසල් තුළ තහනම් කිරීමට අවශ්‍ය නීති ගෙන ඒමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට කටයුතු සුදානම් කරමින් සිටින බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය සඳහන් කරයි.
6 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා පාසල් විෂය මාලාවට නීති අධ්‍යාපනය එකතු කිරීමට කටයුතු කරන බවද අමාත්‍යවරිය වැඩිදුරටත් කියයි.
නීතිය නොදැනීම නිදහසට කරුණක් නොවන බවත් නීතිය නොදැනීම නිසා නොයෙකුත් අපරාධ හා ප්‍රශ්න රාශියක් සිදුවන බවත් දරුවන්ගේ යහපත සඳහා මේ ලෙස කටයුතු කරන බවත් අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි.
COMMENTS
ඔව් පුතාලා දූලා ඕගොල්ලන්ට ඕනේ විදිහට හැදෙන්න. ගුරුවරු සිලබස් එක කවර් කරාවි. පුළුවන් කෙනා ඉගෙන ගන්න බැරි කෙනා පුළුවන් කෙනාටත් පන්තියේ ඉගෙන ගන්න නොදී ඉන්න. එහෙමනේ පන්ති වල වෙන්නේ. විනය කියාදෙන්නේ පාසල්වලදී ඒ විනය කඩෙන විට දරුවන්ට දඬුවම් කිරීමට සිදුවෙනවා. අපි හැම දෙනාම වාගේ පාසල්වල දඬුවම් විඳපු අය. දැන් අපි ඒ දඬුවම් ගැන අපේ දරු මුණුබුරන්ට කියනවා. අපට දඬුවම් කල ගුරුවරුන් ආදරයෙන් සිහිපත් කරනවා. අනාගතයේ විනයක් නැති මිනිසුන් හැදීම පටන ගෙන වගේ. ළමයි ඉන්න එපැයි ළමයින්ගේ විනය ගැන හිතන්න. මේ උන්දැ හදන්නේ හැඳි නොගා හොද්ද හදන්නයි. කාලාවරෙන්කෝ...
නෝනා ශාරීරික දඬුවමට වඩා බොහොම දරුණුයි මානසික දඬුවම. පන්තියේ ළමයෙකුට ගුරුවරයා කී වොත් මම ඔයළමයා ගැන සොයන්නේ නැහැ. ඔය ළමයාට ඕනේ විදිහට හැදෙන්න කියා... එතැනින්ම ඒ ළමයා මානසිකව කඩා වැටෙනවා. මේ ගුරුවරයා මා ගැන සැලකීමක් නැහැ කියා. පන්ති කට් කරන ළමයා ගැන සිනහවෙන් බැලුවොත් ඒ ළමයාගෙන් අනාගතය ඉවරයි. නෝනා ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවාද?
අනේ නිකං ඉන්න මැඩම්, ඔබතුමී අරක කරනවා මේක කරනවා කියකිය කීයක් දේවල් කීවද? එ්ත් මොකුත් වුනේ නැහැ. දැන් යන්න ලැහැස්තිවෙලා තවත් බොරු කියනවා.
පාසල් වල විනය බැලීමට පොලිසිය යොදා ගැනීම තමයි වඩාත්ම සුදුසු. දරුවන්ට වරද වටහා දී පොලිස් නීතිය අනුව දඬුවම් ද කරන්න පුළුවනි.
ගුරුවරුන්ගෙන් දඬුවම් නොදුන්නා නම් අද ඔබතුමිය කොහේද ඉන්නේ? නරකම රස්සාව වන දේශපාලනයේ වත් නැහැ නේද?
ළමා මනස දූෂණය වෙන නානාප්‍රකාර හිරිකිත ටෙලිනාට්‍යය දිගට හරහට රූපවාහිනී නාලිකාවල විකාශය වෙනවා. ඒවා නරඹන දරුවන් පාසල් තුළ ඒවා ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන විට ගතයුතු ක්‍රියාමාර්ගය කුමක්ද? එවැනි ටෙලි නාට්‍යය තහනම් කරන්න නීති හදාගන්න බැරි ඔහේ අපට බයිලා කියනවා.. පුළුවන් නම් මහලොකු අධිකරණ අමාත්‍ය තුමිය නම් දෙරණ නාලිකාවේ විකාශය වන කසිකබල් නාට්‍ය තහනම් කරලා පෙන්වන්න. ඒක කරගන්න බැරිනම් ඔය අධිකරණ ඇමතිකම....!!!
අන්න තොණ්ඩුව වැටුණු කෙනා හිරගෙදර සෙල් ෆෝනුත් තියාගෙන දොස්තරවරියට හා ජේලර්ලාට සල්ලි දාන පිරිනමමින් කුමාර ජීවිතයක් ගෙනියනවලු. පොහොට්ටු අපේක්ෂකයා කියනවා රටේ තිබිය යුත්තේ එක නීතියක් කියා. මම හිතන්නේ මේ සිද්ධිය ආරංචි වෙලා වෙන්න ඇති ඔහු එහෙම කියලා තිබෙන්නේ... ඉතින් ඒ ගැන සොයා බැලුවොත් නරකද?
තව මාස කීපයක් ඔහොම්ම කරකර ඉන්න නෝනා.
ගුරුවරු හදන්න කලින් අන්න අර ටෙලි නාට්‍ය ව්‍යවසනය නවත්වන්න. මේ ඊයේ ප්‍රචාරය වුන ටෙලි නාටකයේ උසස්පෙළ සිසුවා, වරදට අවවාද කරන්න තමන්ගේ කාමරයට පැමිණි මව්පියන් අතින් ඇදගෙන ගොස් කාමරයෙන් එළියට දමා දොර වසනවා. මොහුගේ චරිතය ඉතා සුපිරි ආදර්ශමත් පාසල් පෙම්වතෙක්... හෙට අනිද්දාට අපේ දරුවන් පාසල් වයසේදීම මව්පියන් ගෙවල්වලින් එළියට ඇද දැම්මා කියා අසන්න ලැබේවි... මේවායේ සිටින ගුරුවරියන්ගේ චරිත රූපරාජිනි තරඟයට යන බාලිකාවන් මෙන් තොරොම්බල් කරත්ත බවට පත්කර ඇත.
ශිෂ්‍ය නායක ක්‍රීඩා ගුරුවරුන්ගෙන් වන හිරිහැර ගැනත් සොයාබලන්න.
දැන් දැන් පාසල් ළමයින් ඉලක්ක කර ගනිමින් ඉතා නොමනා ටෙලි නාට්‍ය ගණනාවක් විවිධ නාලිකා වලින් ප්‍රචාරය වෙනවා. පාසල් ප්‍රේමය අධ්‍යාපනයේම කොටසක් බව ඔප්පු කරන්න කිසිම හිරිකිතයක් නැතිව වැරදි සමාජ පූර්වාදර්ශ ටෙලි නාට්‍යවලට ඇතුළත් කරලා. අපිත් ගොළු හදවත, ගැහැණු ළමයි නරඹලා තිබෙනවා. එහෙත් ඒ කතා වල සමාජයට වැරදි ආදර්ශ සපයන පාසල් පෙම්වතුන් සිටියේ නැහැ. කුසුම් කිව්වේ මට අම්මා කෙනෙකුට දුක් දෙන්න බැහැ. අපි මේක නවත්වමු නිමල් අයියේ කියා. එ්කට දැන්..? බඳින්නත් කලින් අනාගත නැන්දම්මට “පට්ට ගේමක්” දෙන්න සෙට් වෙන පාසල් වීරවරියන්...
ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස මට්ටමින් බන්ධනාගාර, පොලීසි, උසාවිත් හදන්න ඊළඟ අයවැයෙන් ප්‍රතිපාදන වෙන්කරන්න ඇමතිතුමියනි...
බමුණුආරච්චි කණගාටු නොවන්න. නූගත් කෙනා කැමැති නැහැ තවත් කෙනෙක් ඉගෙන ගන්නවට. එයා කැමති අනිත් අයත් එම වලටම වැටෙනවට...
අහෝ ලංකාවේ අධ්‍යාපන ක්‍රමයට ගිය කලක්..!!! මම දැනට වසරකට පෙර මම අධ්‍යාපනය ලැබූ පාසලට ගියෙමි. කියන්න දුකයි ළමයින්ගේ හැසිරීම ගැන කියලා වැඩක් නැහැ. ඔවුන්ගේ විවේක කාලය තුළ ඔවුන් හැසිරෙන්නේ ළඟදීම විවාහ වෙන්න යන පෙම්වතුන් ලෙස... ගුරුවරුන්ට කිසිම ගරුත්වයක් නැහැ. පාසල් නිලඇඳුම් ස්ලිම් ෆිට් වෙලා... කොණ්ඩ කපන්න කවුරුත් කියන්නේ නැහැ. විනය කියන එක අැත්තෙම නැහැ. මොකක්ද දැන් ලංකාවට වෙලා තියෙන්නේ. කොහොම තිබුණු රටක්ද?
අද දේශපාලකයින්ට විනයක් නැහැ. පාරක් තොටක විනයක් නැහැ. නීතිය ක්‍රියාත්මක තැන්වල විනයක් නැහැ. විනය චුට්ටක් හරි තියෙන්නේ පාසල්වල සහ ගෙදර, දරුවන්ට... පාසලේදී ළමයෙක් තව ළමයෙක්ට පහර දුන්නොත් ඒ දරුවට දඬුවම් කරන්න බැහැ කියන්නේ, තවත් එම ජාතියේ අයට ඉඩදෙනවා කියන එක. හරියට කුඩු ගෙන ආ අයට දඬුවම් නොකර දේශපාලකයින් සුරතල් කරනවා වගේ.. එ්කෙන් වෙන්නේ තවතව කුඩු මුදලාලිලා බෝ වෙන එක... වර්තමාන දේශපාලකයින්ට ඕනේ ඔවුන්ගේ පස්සේ යන රැකියා විරහිත මැරයන් පාසල්වලින් බෝ කරගන්න මිසක් උගත්, තරුණ පරම්පරාවක් බිහිකරන එක නෙවේ. තව ටික දවසකින් මව්පියන්ටත් දරුවන්ට දඬුවම් කරන්න බැරිවෙන්න නීති ගෙනේවි... මේ රට තවදුරටත් පිරිහෙන එක සහ ලෝකයේම කුණු රට වෙන දවස වැඩි ඈතක නැහැ. සියලු දෙය අනිත්‍යයි. හැකිතරම් හොඳට අපේ දරුවන්ට හොඳ, නරක කියාදීලා පිටරටකටවත් යවමු...