IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


‘හුංගම වෙඩි තැබීමෙන් හිමිනම අපවත් වීම අත්වැරැද්දක්’

(ඉන්දිකා රාමනායක)

හුංගම දෙණිය ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියකු සතුව තිබූ පිස්තෝලයක්  ක්‍රියාත්මක වීමෙන් හිමිනමක් අපවත් වීමේ සිද්ධිය අත් වැරදීමකින් සිදු වූ අවාසනාවන්ත සිද්ධියක් බවට වැඩබලන පොලිස්පති  සී ඩී වික්‍රමරත්න මහතා ජාතික පොලිස් කොමිසම වෙත දැනුම් දී ඇති බව  පොලිස් කොමිසම කියයි.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිසම වැඩබලන පොලිස්පතිවරයාගෙන් වාර්තාවක් කැඳවා ඇති අතර  ජාතික පොලිස්  කොමිසමේ විධායක කමිටු රැස්වීමේ දී පොලිස්පතිවරයා මේ බව වාචිකව කමිටුව හමුවේ  ප්‍රකාශ කළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත  වීරසිංහ මහතා සඳහන් කළේය.

හුංගම හාතාගල දෙණියපාර ප්‍රදේශයේ දී ඉකුත් (19) හෙරොයින් ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවකු පොලිස් අණනොතකා යතුරුපැදියක් පළා යමින් සිටියදී පොලිස් නිලධාරීන් දෙදෙනකු යතුරුපැදියකින්   සැකකරුවන් ලුහුබැද ගොස් ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී සිදු වූ පොර බැදීමකදී  මෙම සිද්ධිය සිදුව ඇති බව පොලිසිය පවසයි.

පොලිස් නිලධාරියාගේ ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් ඒ අසල වෑන් රථයක සිටි හුංගම  හාතගල  පුරාණ රජමහා  විහාරයේ  වැඩ විසූ  බුත්තල  උණවටුනේ  සීලරතන  (21) හිමියෝ සිද්ධියෙන් අපවත් වුහ. 



අදහස් (0)

‘හුංගම වෙඩි තැබීමෙන් හිමිනම අපවත් වීම අත්වැරැද්දක්’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 204 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site