(චමිල් රූපසිංහ)
රට ව්‍යවසනයකට ගමන් කරන විට මහා සංඝයා එක්ව ඒවාට පිළියම් ඉදිරිපත් කරන බවත් එය අතීතයේ සිට සිදුවු දෙයක් බවත් එලෙස රට රැකගන්නට ඉදිරියට එන මහා සංඝයාට අපහාස වන අයුරින් වත්මන් රජය සංඝයා වහන්සේලාට ගරහන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවැසූහ.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා අද (22) සිරිවිමල හිමියන් බැහැදැක වත්මන් රජය සහ රජයේ දේශපාලඥයින් ගමන් ගන්නා මාවත පිළිබඳව දැනුවත් කිරීම සදහා පැමිණි අවස්ථාවේදි ඒ හිමියෝ එසේ පැවැසුහ.
‘‘තිබ්ච්ච කරුමෙ වැඩක් නෑ කියල ජනතාව තවත් එකක් ඕන කියල තවත් ආණ්ඩුවක් ගත්තා. දැන් දාගත්තු කරුමය තිබ්බ කරුමෙට වඩා එහා. දැන් ඇගට දාගත්ත එකෙන් ගැලවෙන්නෙ කොහොමද කියා මිනිසුන් බලා ඉන්නවා. වත්මන් රජය මොනයම් සූත්‍රයක් දමා හෝ මැතිවරණය කල් දමනවා. රටේ නායකයන් වෙන අයගෙ පස්සෙ ගිහින් බලය ලබාගන්නවා. නමුත් හිතන්නෙ නැ මේක මට පිනට ලැබිච්ච දෙයක් කියලා. එහෙන් බැංකු කනවා. අනික් පැත්තෙන් අධ්‍යාපනය කනකං බලං ඉන්නවා.‘‘ යැයි ද නාහිමියෝ කීහ.
එහිදි මාධ්‍ය සදහා අදහස් දැක්වු තිස්ස අත්තනායක මහතා කියා සිටියේ තමා තවම එක්සත් ජාතික පාක්ෂිකයෙක් බවත් තම දේශපාලනය නැවත් ආරම්භ කිරීමට සුදුසු වෙලාව ඊළඟ ජනාධිපතිවරණය බවත් ය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු 70 ක් තිස්සේ "තිබිච්ච කරුම" නැවත නැවතත් කරුමයක් කර ගැනීමේ කරුමය ගරුතර මහා සංඝරත්නයත්, ජනතාවත් තේරුම් නොගැනීමද දුක්විඳින පීඩිත පන්තියේ කරුමය වී ඇත.
අනේ නිකන් දෙන දේ කාලා වෙන දෙයක් බලන් ඉන්න හාමුදුරුවනේ. ඔය කොයි උන්නාන්සේලාගේත් කටවල් එදා වැහිලා තිබුනේ. අද මේ ඇහැටවත් නොදැකපු ව්‍යවස්ථාවක් ගැන නන් දොඩවනවා.
රටේ කටයුතුවලට හාමුදුරුවෝ මැදිහත් වෙන්න ඕනෙ නැහැ. ඒවාට සිවිල් සංවිධාන වල නායකයෝ, බුද්ධිමතුන් ඉන්නවා.
අපි ලෝකයටම ණය වෙලා ඉන්නේ. මැතිවරණයේ වැඩට කියලා ණය ඉල්ලුවට සල්ලි හම්බවෙන එකක් නැහැ. රට සංවර්ධනය කරලම ඡන්දෙ කරහම හොඳයි. අවසර හාමුදුරුවනේ.
මහජන දේපළ හොරාකාපු හොරුන්ව බේරගන්න පිණ්ඩපාතේ වඩින්නෙත්, රට, ජාතිය බේර ගන්න වෙන්න ඇති.
ස්වාමීන් වහන්ස, වර්තමාන ප්‍රජාතන්ත්‍රවාදය, අතීතයේ තිබුන ඒකාධිපති රාජාණ්ඩු ක්‍රමයට වඩා බොහෝ සෙයින් වෙනස්. අද දේශපාලනය කරනු ලබන්නේ මහජන ඡන්දයෙන් පත් වුනු නියෝජිතයන් වන අතර, ඔවුන්ගේ වැරදි ක්‍රියා ඇත්නම්, ඒවා මහජන ගැරහුමට ලක්වෙයි. එවැනි අවස්ථාවල, සංඝයා වහන්සේත් දේශපාලකයන් අතර සිටියොත්, පොදුවේ සියලු දෙනාම ගැරහුමට ලක්වෙයි. එබැවින්, වර්තමානයේ සංඝයා වහන්සේලා දේශපාලනයට සම්බන්ධ වෙනවා නම්, ප්‍රශංසාවට මෙන්ම, නින්දාවටත් එකසේ මුහුණ දීමට පුරුදු විය යුතුයි.
සංඝයාට ගරහන්නේ රජය නොව සංඝයාම බව අමතක වීම පුදුමයි. ගිහි හැඳුනුම් පතත්, පැවිදි හැඳුනුම් පතත් එකට පාවිච්චි කරන්නේ අප නොව සංඝයා වහන්සේලා නේද?
අද සංඝයා වහන්සේලාට දඬුවම් කරන්නේ මහනායක හාමුදුරුවරු නෙමෙයි. විශේෂයෙන් රෝහින්ග්‍යා සිද්ධියේදී අක්මීමන දයාරතන හිමි රිමාන්ඩ් කිරීමටත්, අරඹේපොල රතනසාර හිමි රිමාන්ඩ් කිරීමටත් නියෝග දීමෙන් පසු එම අවස්ථා දෙකේදීම නියෝග දුන් සැණින් එම ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා කාමරයකට ගොස් තම දෙවියන්ට ස්තුති කිරීමට යාඥා කල බව එදා උසාවියේ හිටපු ඔක්කොම දන්නා ප්‍රසිද්ධ රහසක්. අපිට වැරදුනා. අපට සමාවෙන්න ඕනේ අපේ හාමුදුරුවනේ. අපි ඉඟුරු දීලා මිරිස් ගත්තා...
නිවට, නියාලු යහපාලකයින් බුද්ධ ශාසනයටත්, සඟරුවනටත් අපහාස කරන බව සැබෑ මිනිසුන් දන්නවා. නමුත් නිවට දේශපාලකයන්ගේ බත් බැලයින්ට මේවා නොතේරුණාක් මෙන් බඩගෝස්තරයට දේශපාලකයන් වෙනුවෙන් කඩේ යමින් ප්‍රතිචාර දමනවා. නිවටයින්ට රට, ජාතිය, ආගම ගැන වටිනාකමක් නැති බව අපි දන්නවා.
අති උතුම් දළදා වහන්සේ වැඩසිටින ඔය කියන රට කොහෙද තිබුනේ? ඇයි එතකොට නිවන් දැකලද හිටියේ?
වත්මන් රජය සංඝයාට ගරහනවාද නැතිනම් සංඝයා විසින් ඉල්ලගෙන ගරහගන්නවද? දේශපාලනයෙන් ඉවත්වෙලා ශාසනය වෙනුවෙන් කැප වෙලා ධර්මයේ දියුණුවට කටයුතු කරනවා නම් හොඳයි.
අවසරයි අපේ ස්වාමින්වහන්ස, ඔබතුමා එළිපිටම දේශපාලනයට බැස්සම ඉතින් නින්දා අපහාස ගැරහුම් ලැබෙන බව දැනගන්න..
නායක හිමියනි අපි 1948 දී නිදහස ගත්තේ ජාතිභේද, ආගම්භේද කිසිවක් නැතිව සියලුදෙනා එක්සත්ව, එක්සිත්ව එකාවන්ව කටයුතු කරලා කියලා අපි අහලා තියෙනවා. එයට උරණ වුණු ඉංග්‍රීසින් අපව භේද භින්න කිරීමට අපට පක්ෂ ක්‍රමයක් (ජාතිය භේදවන ක්‍රමයක්) ලබාදුන්නා එකාවන්ව සිටි අපි දැන් එක එක පක්ෂ වලට බෙදිලා රට කනවා. රට හැමදාම පිරිහෙනවා අනේ හාමුදුරුවනේ දැන්වත් ඔය භේද කිරීම් නවතා ජාතිය සමගිකර දෙන්න.
සමහරක් අය උතුම් බුදුදහමට කරන දේ නොදකින අයගෙන් මොන අවවාදද? බෞද්ධ අපිට දෙන දේ කාලා කරන දේ කරලා ඉන්න බුදුදහමට නිගරු නොකර....
හැමදාම JR ගේ ව්‍යවස්ථාව එපා කියපු අය දැන් ඒක ඕනේ කියනවා. විහිළු කරන්න එපා හාමුදුරුවනේ.
මේ හාමුදුරුවන්ගේ දෙමව්පියන් තමයි මැදමූලනෙ වැඩ කල අය.
අපේ හාමුදුරුවනේ මුන් හදන්නේ කැහි ගැහැණි නැති කොරලා හොටු ගැහැණි අපේ ඇඟේ ගහන්නයි.
නාත් රණසිංහ ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවා කියල මම හිතනවා තමන්ට තිබෙන දේ නරක උනත් ඊටත් වඩා නරක දෙයක් දෙන්න හදනකොට කියන්නේ මොකක්ද ? තිබෙන එක මට හොඳයි කියලානේද? ඔය සුළු දෙය ඔබට තේරෙන්නේ නැද්ද? අනේ අපොයි ඔයගොල්ලොත් මෙතන අදහස් දානවානේ.
මේ ශ්‍රී ලංකාවයි. මහාසංඝයා රටේ භයානක තත්වයකදී ඉදිරි පත් වුණේ අද ඊයේ නොවෙයි. පසුගිය වසර 2500 ම ලංකාවේ හමුදුරුවෝ කියන්නේ නිවන් යන මග පෙන්නපු අය විතරක් නොවෙයි. ලංකාවේ ඉතිහාසය කියවලා බලන්න. වාරියපොළ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ කියන්නේ කවුද මොනවද කලේ කියල බලන්න. රටේ ජීවත් වෙන්න ඉස්සෙල්ලා ඉතිහාසය කියවන්න.
සමහරු හිතන්නේ අපි තවමත් අධිරාජ්‍යවාදී පාලනයේ යටතේ කියා. අපේ පන්සලේ හාමුදුරුවරු දේශපාලනයට නැහැ. ඡන්දෙ දෙන්නවත් යන්නේ නැහැ. කව්රුත් ගරුකරනවා මිසක් නින්දා අපහාස කරන්නේ නැහැ. ඔය වැරදි වැඩකරන හාමුදුරුවරුන්ට නේද නින්දා අපහාස එන්නේ? අර ඔබවහන්සේලාම කියන්නේ බණ කියනවිට අහකට ගහන ගලුත් ඇවිත් අංගුලිමාල උන්නාන්සේගේ ඇඟේ වදිනවා කියා. ඔය නින්දාකරනවා කියන එකත් එ් වගෙයි. අර සෝමාරාම කියලා හාමුදුරු කෙනෙක් හිටපු අගමැති බණ්ඩාරනායක මහතා ඝාතනය කලහම එකත් මංගල කාරණයක් කියල කියන්නද කියන්නේ? මේ ආණ්ඩුවෙන් ඔබවහන්සේට හා බුද්ධාගමට අැතිවී තිබෙන ප්‍රශ්න මොනවද?
ආණ්ඩුවේ ලොක්කෝ ආවම ආණ්ඩුව හොඳයි කියලා පිරිත් නූල් බඳිනවා. විපක්ෂයේ ලොක්කෝ ආවම ආණ්ඩුවට බැණ බැණ විවේචනය කරනවා.. මොකක්ද හැබැටම මේ කරන්නේ?
ව්‍යවස්ථාව සම්මත වනු අැත. සිරිසේන - රනිල් දෙපළ ඉතිහාස ගත වනු අැත. මහින්ද පහළට වැටෙනු අැත. මහා සංඝරත්නයටද වන්නේ එයයි. දමිල - මුස්ලිම් ජනයා පිනා යනු අැත. යුද්ධය දිනූ සිංහලයාට කෙලවෙනු අැත. සාමයට ලැදි යුධ විරෝධි එන්.ජී.ඕ. සිංහලයන් රජ වනු අැත. කේතුමති රාජධානිය පහළවනු අැත. ජය වේවා !!!