(නිමල කොඩිතුවක්කු)
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කරන බවට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දුවක් ගෙන තිබියදීත් එම තීන්දුව නොසලකා කටයුතු කළ රිෂාඩ් බදියුදීන්ගේ සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ රවුෆ් හකීම්ගේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරන මන්ත්‍රීවරුන් එම පක්ෂ වලින් ඉවත් කරන ලෙසට සමගි ජනබලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් එම පක්ෂ නායකයන්ගෙන් ඉල්ලීමක් කරයි.
විස්සට පක්ෂව ඡන්දය ලබා දුන් මන්ත්‍රීවරුන් ඉවත් කිරීමට එම පක්ෂ නායකයන් කටයුතු නොකරන්නේ නම් සමගි ජනබලවේගයෙන් ඔවුන් නෙරපා හැරීම සඳහා තීන්දුවක් ගන්නා ලෙසට සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් එම මන්ත්‍රීවරුන් ඉල්ලීමක් කරති.
සමගි ජන බලවේගයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් අත්සන් සහිතව එහි මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා වෙත අද(23) දිනයේ ලිපියක් යොමු කරමින් මෙම ඉල්ලීම සිදු කරනු ලැබීය.
සමගි ජන බලවේගය විනයක් සහිත ප්‍රජාතන්ත්‍රවාදය දේශපාලන ව්‍යාපාරයක් බවත් ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ආණ්ඩුව ගෙන ආ විසිවන සංශෝධනය ට පක්ෂ වූ පිරිස් තවදුරටත් රදවා ගන්නේ නම් එයට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගන්නට සිදුවන බවද මන්ත්‍රීවරුන් එම ලිපිය මගින් සදහන් කරති.
ආණ්ඩුව ඉදිරිපත් කළ 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීමට සමගි ජන බලවේගය ඒකමතිකව තීන්දු කල බවත් එම තීන්දුවට එරෙහි වන ඕනෑම පුද්ගලයෙක් තරාතිරම නොබලා පක්ෂයෙන් නෙරපන බවට සමගි ජන බලවේගය මහලේකම් ලෙස රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී පොරොන්දු වූ බැවින් ඒ අනුව කටයුතු කරන ලෙසත් එම මන්ත්‍රීවරුන් පිරිස ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සජිත් නායකයකු නොවේ. ඔහුගේ පක්ෂයේ කණ්ඩායම් ඔහුට අවනත කර ගැනීමට නොහැකිනම් ඔහු නායකත්වයෙන් ඉවත්ව හකීම්ට නායකත්වය දිය යුතුවේ.
හොද තීරනයක්. සල්ලිවලට විකිනෙන අය පන්නන්නම ඕන
පුදුම විනයක් තමයි සමගි බලවේගයට තියෙන්නේ. අපි හොඳට දන්නවා.
ඕකේ නායකයා ඊට කලින් හැදෙන්න ඕන. නායකයකුට ගැලපෙන විදියට නොවෙයි පුතාණෝ හැසිරෙන්නේ. ඇදගෙන නාගන්න එකේ සීමාවක් නැහැ.
මෙයාලගේ මේ නරි කපටි සෙල්ලම අපි නිදහස ලබන්න ඉස්සරවෙලා ඉඳලම දැකලා තියෙනවානේ... මේ කපටියන් අපේ රටේ වැදගත් දේශපාලන තීරණ ගන්න පාවිච්චි කරන දේශපාලුවන්ටයි ගහලා එළවන්න ඕනේ..
මොවුන් වැනි නායකයින් පසුපස යනවාට වඩා ගෝඨාභයගේ සෙවනැල්ල පසුපස යාම හොඳයි කියලා සිතන්න ඇති.
20 සම්මතයි අපිට දැන් ඔයාලගේ මිනිසුන්ගෙන් වැඩක් නැහැ. ඒගොල්ලෝ අරගෙන පක්ෂේ කොරගෙන යන්න.