(ඬේලි මේල් අනුග‍්‍රහයෙනි)
ශී‍්‍ර ලංකාවේ පුරවැසියන් මෙන්ම විදේශිකයන්ද ඇතුළත්ව 290 ක් පමණ දෙනා මරුට බිළි දෙමින් බෝම්බ වැලක් පුපුරා යාම සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උදම් වන බව එංගලන්තයේ ඬේලි මේල් පුවත් පත වාර්තා කරයි. ‘අයිසිස්’ හෙවත් අයි.එස්.අයි.එස්. යනුවෙන් හැඳින්වෙන්නේ ඉරාක - සිරියා ඉස්ලාමීය රාජ්‍යය යන සංවිධානයයි.
අයිසිස් සංවිධානය ලෝකය පුරා ත‍්‍රස්තවාදී ප‍්‍රහාර මාලාවක් දියත් කළ අන්තර්ජාතික ත‍්‍රස්තවාදී සංවිධානයකි. පාස්කු ඉරිදා දිනය වූ ඊයේ (21 වැනිදා) සිදුවූ බෝම්බ පිපිරීම් වැල හේතුවෙන් 290 ක් පමණ දෙනා මියගිය අතර 500 කට වැඩි පිරිසක් තුවාල ලැබූහ.
අන්තවාදී කණ්ඩායම් සම්බන්ධයෙන් අන්තර්ජාලය හරහා සමීක්‍ෂණයක නිරත වන බුද්ධි අංශයක් විසින් හෙළිදරව් කරගනු ලැබ ඇත්තේ ශී‍්‍ර ලංකාවේ සිදුවූ ප‍්‍රහාරය සම්බන්ධයෙන් අයිසිස් ආධාරකරුවන් උද්දාමයට පත්ව සිටින බවයි. මාසයකට පමණ ඉහතදී ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී සිදුවූ වෙඩි තැබීමට පළි ගැනීමක් ලෙස ඔවුන් එය හඳුන්වන බවද වාර්තා වේ.
ශී‍්‍ර ලංකාවේදී සිදුවූ බෝම්බ ප‍්‍රහාර මාලාව සම්බන්ධයෙන් මේ දක්වා කිසිවකු වගකීම බාරගෙන නැත. එහෙත් පොලිස් ආරංචි මාර්ග වලින් කියැවෙන්නේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායමක් විසින් කරනු ලබන ප‍්‍රහාරයක් සම්බන්ධයෙන් දින 10 කට පමණ පෙරදී අනතුරු අඟවා තිබුණ බවයි.
මුස්ලිම් සංවිධානයක් වන ජාතික තව්හීත් ජමාත් සංවිධානය වෙත පූර්ව සාක්ෂි එල්ල වන අතරම බුද්ධි අංශ ප‍්‍රධානීන් අවවාද කරන්නේ
තව තවත් ප‍්‍රහාර එල්ල වීමේ අවදානමක් පවතින බවයි. ත‍්‍රස්තවාදී කි‍්‍රයා සම්බන්ධයෙන් අන්තර්ජාලය ඔස්සේ විමසිල්ලෙන් සිටින බුද්ධි අංශ කණ්ඩායමක අධ්‍යක්‍ෂවරිය වන රීටා කැට්ස් මහත්මිය පවසන්නේ අයිසිස් ආධාරකරුවන් ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීමෙන් වන හානිය වැඩිවන තරමට අන්තර්ජාලය ඔස්සේ අත්පොළසන් දුන් බවයි.
ශී‍්‍ර ලංකාවේ බෝම්බ පිපිරීම් ඉහළ යාමත් සමගම අයිසිස් මාධ්‍ය ජාලය ඉතා වේගයෙන් සිය උද්දාමය ප‍්‍රකාශ කළ අතරම ”අල්ලා දෙවියන් ඔවුන්ව පිළිගනිත්වා” යි මරාගෙන මැරෙන බෝම්බකරුවන්ට ආශිර්වාද කළ බවද ප‍්‍රකාශ කර තිබේ. රීටා කැට්ස් මහත්මියගේ අදහස වන්නේ ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර සම්බන්ධයෙන් වගකීම බාරගැනීමට අයිසිස් සංවිධානය සූදානම් වන බවකි.
”එවන් වගකීම බාරගැනීමක් නවසීලන්තයේදී සිදුවූ වෙඩි ප‍්‍රහාරයට පිළිතුරු දීමක් ලෙසින් හුවාදැක්විය හැකි නමුත් ශී‍්‍ර ලංකාවේ ප‍්‍රහාර මාලාව කලකට ඉහත සිටම සැලසුම් කරන ලද්දක් බව සිකුරුයි” යයිද රීටා කැට්ස් මහත්මිය කියයි.
නවසීලන්තයේ ක‍්‍රයිස්ට්චර්ච් නුවර මුස්ලිම් පල්ලියකදී කළ වෙඩි තැබීමක් හේතුවෙන් ඕස්ටේ‍්‍රලියානු ජාතිකයකු වන බ්‍රෙන්ටන් ටැරන්ට් මිනී මැරීමේ චෝදනා 50 කටද මිනී මැරීමට තැත් කිරීමේ චෝදනා 39 කට මුහුණ දී සිටී. මෙම වෙඩි ප‍්‍රහාරය සිදුවූයේ මාර්තු මස 15 වැනිදාය.
රොයිටර් පුවත් සේවයට අනුව ශී‍්‍ර ලංකාවේ වෙසෙන ඉහළම මුස්ලිම් පවුල් වල බොහෝ දෙනෙක් ඉතා ඉහළ අධ්‍යාපනයක් ලද අය වන අතරම අයිසිස් සංවිධානයේ සාමාජිකයෝ ද වෙති. ශී‍්‍ර ලංකාවේ මෙම ප‍්‍රහාරය දියත් වන්නේ අයිසිස් සංවිධානය ගෝලීය හමුදාමය කි‍්‍රයාමාර්ගයක් දියත් කිරීමෙන් සති කිහිපයකට පසුවය.
‘පළිගැනීමේ කඩාවැදීම’ යනුවෙන් හැඳින්වෙන මෙම හමුදාමය කි‍්‍රයාමාර්ගය අයිසිස් සංවිධානය විසින් ආරම්භ කරනු ලබන්නේ සිරියාවේ ඔවුන්ට තිබූ භූමිය අහිමි වීමට ප‍්‍රතිචාර දැක්වීමක් ලෙසිනි.
ශී‍්‍ර ලංකාවේ පොලිසිය මේ දක්වා 24 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිසිය විසින් ඔවුන් හඳුන්වා දෙනු ලබන්නේ ‘ආගමික අන්තවාදීන්’ ලෙසිනි.
ඉස්ලාමීය අන්තවාදීන්ගේ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයක් සිදුවිය හැකි බවට වාර්තා වූ බුද්ධි තොරතුරු සහිත අනතුරු ඇ`ගවීමක් පොලිසියේ ඉහළ නිලධාරියකුගෙන් දින 10 කට පමණ ඉහතදී පොලිසියේ ඉහළම නිලධාරීන් වෙත නිකුත් කරන ලද බව මේ වන විට මහත් ප‍්‍රසිද්ධියට පත් කාරණාවක් වී තිබේ. එහි ඉතාම පැහැදිළිව සටහන් වී තිබුණේ ප‍්‍රධාන පෙළේ කතෝලික දේවස්ථාන ඉලක්කයක් විය හැකි බවයි. ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයද ඉලක්කයක් වන බව එහි සටහන් වී තිබිණ.
‘ජාතික තව්හීත් ජමාත්’ සංවිධානය ඉතා ශී‍්‍ර ලංකාවේ කුඩා සංවිධානයකි. විශාල ප‍්‍රමාණයේ ප‍්‍රහාර සම්බන්ධයෙන් ඔවුන්ගේ ඉතිහාසයේ කිසිවක් සටහන් වී නැත. එහෙත් පසුගිය වසරේදී බුදු පිළිම කිහිපයකට පහර දීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ල වී තිබිණ.
කතෝලිකයන්ගේ ආගමික දින දර්ශනයේ වඩාත්ම ශුද්ධ වූ දිනය වන පාස්කු ඉරිදා සිදුවූ මෙම ප‍්‍රහාර හේතුවෙන් මියගිය පිරිස අතර බි‍්‍රතාන්‍ය ජාතිකයෝ 8 දෙනෙක්ද වූහ. ඩෙන්මාර්ක් ජාතික ධන කුවේරයකු වන ඇන්ඩර්ස් හොල්ච් පොව්ල්සන් මහතාගේ දරුවන් තිදෙනෙකුද ෂැංග‍්‍රිලා හෝටලයේ සිදුවූ ප‍්‍රහාරයෙන් මියගිය අතර අනෙක් දියනිය අතුරුදන්ව ඇතැයි ඬේලි මේල් පුවත් පත අද (22) වාර්තා කළේය.
මෙම ප‍්‍රහාරය හේතුවෙන් මේ වන විට ෂැංගි‍්‍රලා හෝටලය වසා දමා තිබේ.
වසර 10 කට පෙරදී වර්ගවාදී යුද්ධය අවසන් වීමෙන් පසුව ශී‍්‍ර ලංකාවේදී සිදුවූ දරුණුතම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය මෙයයි.
COMMENTS
තවත් මොකට බලා ඉන්නවද? හම්බයින් මුලින් උපුටා දමන්නේ නැතුව...
මෙච්චර සාක්කි තියෙද්දිත් මොකද ඔය සංවිධානය තහනම් කරන්නැත්තේ ? ඡන්දෙ එන හින්දද ?
මේ මිනීමරුවන් කෙලින්ම ගියෙ අසිපත් නිරයට. වැඩිහිටියෙක් විදියට ඕපපාතිකව ඉපදිලා අහසින් වැටෙන අසිපත් වැස්සෙන් බේරෙන්න පණ එපා කියලා දුවනවා නමුත් හැම මොහොතකම අසිපත් වලින් ඇඟ පසාරුවෙලා මැරෙනවා. ඒත් එක්කම ආයෙමත් ඉපදෙනවා. අසිපත් වැදිලා නැවතත් මැරෙනවා මේ විදියට අවුරුදු කෝටි ගණනක් දුක් විඳින්න වෙනවා.
"ජාතික තව්හීත් ජමාත් සංවිධානය" මේ ගැන ඥානසාර හාමුදුරුවෝ මුල ඉඳලාම කිව්වා. බොදුබල සේන එකෙන් මොවුන් ගැන විමර්ශනය කළා... මොකද ආණ්ඩුව කලේ ඒ හාමුදුරුවන්ව හිරේ දැම්මා. හඳ පෙන්නුවහම ඇඟිල්ල දිහා බලන ආණ්ඩුව, මුස්ලිම් ඡන්ද වෙනුවෙන් බොරු සංහිඳියාවක් කළ, බටහිර සතුටු කරන්න හාමුදුරුවරු, බුද්ධි නිලධාරීන් හිරේ දැම්මා... අවසානයේ ආණ්ඩුවේ අවසානයම එකෙන් ලියැවුණා. දැන් මේ ආණ්ඩුව ගැන විශ්වාසයක් කතෝලික ජනතාවගේත් නැහැ. මේක දේශපාලනික විදියට සහ ජාතිය විදියට අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කිරීමේ වරද... මුලින්ම මේක නැති කරන්න තිබුණු අර හාමුදුරුවෝ පෙන්නපු වෙලාවේ... ආගම බේදයකින් තොරව, ලංකාවට වෙන විපතක් විදියට දැක්කා නම් මේවා වළක්වන්න තිබුණා... දැන්වත්, මොන ආණ්ඩුව තිබුණත්, ජාතික ආරක්ෂාවට ඇගිලි ගහන්න බැරි වෙන්න නීතිය හදන්න ඕනේ..
බොදුබල සේනාවේ හාමුදුරුවරු මේ බව කිව්වා. ඒ වෙලාවේ ආගම්වාදය ලෙසයි මෙය දැක්කේ බොහෝ දෙනෙක්... නියපොත්තෙන් කඩන්න පුළුවන් දේ පොරවෙන් කඩන්න තියාගන්න එපා. ලංකාවේ මේ අන්තවාදී ආගමික කල්ලියේ සියල්ලන්ම විනාශකළ යුතුයි. ලංකාවේ මෙවන් අන්තවාදී ආගමික කල්ලි ඇතිවීම වැළැක්වීමට නීති ඉතා දැඩි කළයුතුයි.
අපි බලමු මේ රජය මෙවන් අවස්ථාවකට මුහුණ දෙන්නේ කොහොමද කියලා? මීට ප්‍රථම අවස්ථාවලදී මුස්ලිම් අයට විරුද්ධව අදහස් දැක්වු විට අපිව ජාතිවාදීන් ලෙස හංවඩු ගැසුවා. සමහරක් නහීවේරෙන වේරානී කීවා.සමහරක් බණ කීවා. බුදු පිළිම කඩපු බවක් මතකවත් තිබුනේ නැත.
සිංහලයනි, දැන්වත් එකමුතු වී ත්‍රස්තවාදයට මුහුණ දියහැකි රාජ්‍ය නායකයෙක් පත්කර ගනිල්ලා. ඉතිහාසයේ කිසිම කාලයක රටේ කලබල අවස්ථාවට නිර්භීතව මුහුණදුන් එජාප නායකයෙක් ඉඳලා නැත. මෙවර අපි නියම නායකයෙක් පත්කර නොගත්තොත් මේ රට මුස්ලිම්කරණය වෙන්නේ දහස් ගණනක් සිංහල බෞද්ධයින් මැරිලාය.
මුසල්මානුවන් "පළිගැනීමේ කඩාවැදීමට" තෝරාගත්තේ ශ්‍රී ලංකාවය, ඒ ලංකාව දැන් පාලනය කරන්නේ නිවටයින් නිසාය. ජාතික සමගිය ගැන මෙතන මොරසන් දීපු ගොයියෝ කෝ?
පිස්සුද? ලංකාවේ ඉන්න අය මේවා කරන්නේ නැහැ.පොලීසියට හරිම ආදරෙයි.සිකුරාදාට හෙල්මට් නැතිව පාරේ යන්නේවත් නැහැ.කොටින්ම ආණ්ඩුවේ නීතිය හොඳටම ක්‍රියාත්මක වෙනවා.ඔලුවිල් විශ්වවිද්‍යාලයේ සිකුරාදාට නිවාඩු නැහැ.පෝයට,ඉරිදට ,සෙනසුරාදට නිවාඩු. කොටින්ම වෙනම නීතියක් ලංකාවේ නැහැ .තියෙන්නේ කහ ත්‍රස්තවාදය !!
අන්තවාදී සංවිධානය වලට සම්බන්ධ ෆේස්බුක් ගිණුම් පරික්ෂ කර ඒවයෙ අන්තවාදී ප්‍රකාශ කර ඇති අය අල්ලා ප්‍රශ්න කරන්න
සුළු ජාතීන්ගේ ඡන්ද හිඟමන් යදින දේසපාලුවෝ මේ ඉස්ලාම් අන්තවාදී සංවිදාන තහනම් කරාවිද? හීනෙන් තමා!
අපි ජාතියක් වශයෙන් කණගාටු වෙමු.