( ටී.කේ.ජී.කපිල )
ලොව පුරා ගුවන් මගී ප්‍රවාහන සේවා අඩාල වීමත් සමග , ශ්‍රී ලන්කන් ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රය වෙත පිවිසී සිටී .
ඒ අනුව චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ , ජොහැන්ස්බර්ග් නුවර ඕ.ආර්.තම්බෝ ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත මෙට්‍රික් ටොන් 45 ක බරකින් යුත් අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් භාණ්ඩ තොගයක් 13 වැනිදා එකවර ශ්‍රී ලන්කන් ගුවන් යානා තුනක් යොදා ගනිමින් රැගෙන ගොස් තිබේ .
මෙම ගුවන් යානා අද (14 ) දින උදෑසන යළිත් ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ මූලස්ථානය වන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
එම අත්‍යාවශ්‍ය වෛද්‍ය සැපයුම් අතර , ආරක්ෂිත මුහුණු ආවරණය මිලියන 07 ක් සහ තවත් ඖෂධ සහ වෛද්‍ය උපකරණ විය .
මේ ආකාරයට ගුවන් මගී ප්‍රවාහන සේවා බිද වැටීමෙන් පසුව , ශ්‍රී ලන්කන් ගුවන් සේවය චීනයේ බෙයිජිං නුවර සිට දකුණු අප්‍රිකාවේ ජොහැන්ස්බර්ග් නුවර වෙත තුන් වරක් සිය ගුවන් මෙහෙයුම් සිදු කර තිබේ .
2025 නොවැම්බර් මස 17
33
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
875
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2509
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ශ්රී ලංකා ගුවන් සේවය ජාත්‍යන්තර ගුවන් භාණ්ඩ ප්‍රවාහන ක්ෂේත්‍රයට
Nandalal DE SILVA - France Thursday, 14 May 2020 01:23 PM
ඔව්, ඉතින් කටුනායක කොට උඩ තියන් ඉන්නවට වඩා බඩු ඇදීමට යොදාගත්තොත් කීයක් හරි හොයාගන්න පුලුවන් කියලා අපේ ගමෙ බර කරත්ත කිහිපයක් හිමි කරෝලිස් බාස් කියනවා... එයාට ඒ ගැන මනා අවබෝධයක් තියනවනේ...
vipulaFriday, 15 May 2020 12:46 AM
අපේ රටට හිනා වෙන්නේ හුගක් පිටරට ඉන්න ලාංකිකයන්... හැබැයි covid වසංගතයෙන් පස්සේ තමයි ලංකාව හොදයි කියල දැනුනේ...
ධර්මේන්ද්‍ර පැරිස් 2Friday, 15 May 2020 03:36 AM
කුහකකම වෙන්න එපා මහත්තයෝ. ලොව පුරාම ප්‍රවාහන ගුවන් සමාගම් දැන් භාණ්ඩ ප්‍රවාහනය සඳහා තම යානා යොදාගන්නවා. සමාගමේ පැවැත්ම සේවක සේවිකාවන්ට වැටුප් ගෙවීම ආදි කොච්චර වගකීම් තියෙනවද? මම පදිංචි පැරිසියේ. මට හිතෙන්නේ ඔබ නමට ඉදිරියෙන් ප‍්‍රංශ කියලා දාගෙන හිටියට ඔබ වැඩ කරන්නේ ඔබම සඳහන් කළ කරෝලිස් බාස්ගේ කරත්තයක වෙන්න ඕනෑ.
Tikiri bsndara tennakon Friday, 15 May 2020 03:50 AM
නන්දලාල් මම ඔයාට බනින්න කලින් මෙවගේ දේවල් වලට සතුටු වෙන්න. නැතිනම් කොරෝනා හැදිලා මැරෙයි ඔය රටෙ ඉදලාම... නුඹ සිල්වා කෙනෙක් නේද?