(ඩයනා උදයංගනී)
තද වැසි සහ සුළං සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ දිස්ත‍්‍රික්ක 13 ක පවුල් 4,153 කට අයත් 14,164 දෙනෙකු පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පීඩාවට පත්වූවන් අතරින් පවුල් 946 කට අයත් 3149 දෙනෙක් ආරක්‍ෂිත ස්ථාන 29 ක රැඳී සිටින බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
බදුල්ල, මොණරාගල, මඩකලපුව, අම්පාර, මන්නාරම, මුලතිව්, කෑගල්ල, මහනුවර, පුත්තලම, මාතලේ, කිලිනොච්චිය සහ නුවරඑළිය දිස්ත‍්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.
මින් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ පුත්තලම දිස්ත‍්‍රික්කයට වන අතර එම දිස්ත‍්‍රික්කයේ පවුල් 1,634කට අයත් 5,335 දෙනෙක් පීඩාවට පත්ව ඇත.
මෙම තත්ත්වයෙන් නිවාස 6ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර තවත් නිවාස 259කට අර්ධ හානි සිදුව තිබේ.
2025 දෙසැම්බර් මස 18
265
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වැස්සෙන්-සුළගෙන් පීඩාවට පත් සංඛ්‍යාව 14000 ඉක්මවයි