(රංජන් කස්තුරි)
ප්‍රභාකරන්ටවත් බය නැතුව වැඩකරපු යකට ගැහැණියක වන චාල්ස් මහත්මියට සහ රේගුවේ ජාවාරම්කාර මාෆියාවක් එක්ක හැප්පෙන්න බැරිවුණා.ඒ නිසා එතුමිය රේගුවෙන් ඉවත් කර හිටපු තනතුරටත් වඩා උසස් තනතුරක් ලබාදීමට තීන්දු කර තිබුණා.
ඒත් මහා ප්‍රශ්නයකට යෑමට අකමැති හෙයින් එම කැබිනට් පත්‍රිකාව ඉවත්කරගත්තා යැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ මුදල් අමාත්‍යාංශයේ අද (6) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය.
එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මංගල සමරවීර මහතා මෙසේද පැවැසීය.
රේගු අධ්‍යක්ෂ ජනරාල් චාල්ස් මහත්මිය වෙනත් උසස් තනතුරකට පත් කරන්න අපි සාමාන්‍ය පිරිපාලන තීන්දුවක් ගත්තා ඒකාබද්ධ විපක්ෂයේ උදවියයි රාජපක්ෂලයි ඒක මහා දේශපාලන කුණාටුවක් බවට පත්කරන්න උත්සහ ගත්තා.
චාල්ස් මහත්මිය ඉතාම දක්ෂ නිලධාරිනියක් එතුමිය දිනකට වැඩි කාලයක් රාජකාරීවල නිරත වෙනවා.ඒත් මාෆියාව මෙල්ල කරන්න බැරි වුණා ඒකද එතුමියගේ අඩුවක් නෙවෙයි වරායේ මාෆියාව ඒ තරම් වැඩි.
රේගුවයි සුරාබදු දෙපාර්තමේන්තුවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුවයි යන මේ රටේ ප්‍රධානතම ආදායම් ලබන ආයතන තුනම අධීක්ෂණය කරන අලුත් ඉහළ තනතුරක් හදලා එතුමිය පත්කරන්නයි කටයුතු කළේ.
රේගු අධ්‍යක්ෂ ජෙනරාල් තනතුරට වඩා ඒක ඉහළ තනතුරක්.ඒක කරන්න බැරිවුණා මහින්ද රාජපක්ෂ , දයාසිරි ජයසේකර,තිලංග සුමතිපාල සහ ඩලස් අලහල්පෙරුම යන මන්ත්‍රීවරු චාල්ස් මහත්මිය වෙනුවෙන් කිඹුල් කඳුලු හැළුවා.හැබැයි එදා හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක එළියට දානකොට ඔය කිඹුල් කඳුලු හැළුනේ නෑ.
රේගුව 2015 වසරේදී රුපියල් බිලියන 788 ක් 2016 දී රුපියල් බිලියන 881 ක් සහ 2018 රුපියල් බිලියන 921 ආදී වශයෙන් ආදායම් ලැබුවා.
ඒත් අපේ ඉලක්කය වුණේ රුපියල් බිලියන 1068 ක් ඒ ඉලක්ක වලට යන්න බැරිවුණා. ඉලක්ක කළ ආදායම රේගුවට ගන්න බැරි වුණා.
ඡායාරූප සහ වීඩියෝ - ශාන්ත රත්නායක



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිත නිවන කතා.. ලැජ්ජාවක් නැතුව දැන් වර්ණනා කරන අපූරුව..
රේගුව කියන්නේ අඛණ්ඩව ගලන ජලාශයක්.... ඔය වර්ජනය කරන රේගු නිලධාරීන්ගේ ගෙවල්වලට පුලුවන්නම් ගිහින් බලන්න. ලැබෙන රජයේ ආදායම වගේ සියදහස් ගුණයක් රජයට ලැබෙන්න ඕන නියම අකුරට වැඩ කරනවා නම්....
රේගුවේ මාෆියාව මෙල්ල කරන්න බැරිවූ චාර්ල්ස් මැතිනියට, ඇයි ඊටත් වඩා ඉහල තනතුරක් දෙන්න ගියේ?
අර 62 ටද ඔය කතාව කියන්නේ අනේ හොඳා.
අස්කරන්න ඕනෑ කෙනා අස්කරන්න ආණ්ඩුවට පණ නැහැ. මහින්දලාගේ බලය ආණ්ඩු බලයට වඩා වැඩියි වගේ
මේ රටේ ඉන්න ලොකුම මාෆියාව ඔබ ඇතුළු සියලු දේශපාලකයින්ය. ලැජ්ජයි ලැජ්ජයි!
බොරු නොකියා ඉන්න මහත්තයෝ. අපි චාර්ල්ස් මහත්මිය ගැන හොඳට දන්නවා. මමත් රේගුවේ තමයි. මෙහෙ මාෆියාව මෙල්ල කලේ මෙතුමියයි. අන්ත දුෂිත දේශපාලකයින්ගේ ඕනෑ එපාකම් කරන්න එතුමිය අකමැති වුන නිසා තමයි එතුමියව මාරු කලේ. එතුමියට වෙන තැනක උසස් රස්සාවක් දුන්නම ඔබතුමාලට හරි සතුටුයි නේද.
එතුමිය මාරු කරන්න කලින් කුණුහරුපෙන් බැන්න කතාව අනුව -මින්පසු කාට හරි උසස්වීමක් දෙනවනම් ඊට පෙර එසේ බනින අලුත් ක්‍රමයක් තියෙනවද මේ රජය යටතේ?
තණකොළ නැහැ ගහ මුදුනේ ,
පුංචි බොරෙල්ලේ බෝගස කපන්න අදහසක් තියනවාද ??? ( අමතකද )
ඒක එහෙම උනාට එතුමිය 'ඇමති මාෆියාව' එක්ක අතිසාර්ථක ලෙස හැප්පිලා ජය ගත්තා...නැද්ද ඇමති තුමෝ?...
අවමන්ගලට ලැජ්ජාවක් නැහැ එකපාරක් කොටි ඩයස් පොරවේ පස්ස පැත්ත ලෙවකාල අපේ හමුදාව පවා දුන්න තව පාරක් බදු වැඩිකරලා ඉන්දන මිල සතිපතා වැඩිකරලා අපිව නැති කලා දැන් පස්ස පැත්ත ගිනි ගත්ත හනුම වගේ පිස්සු නටනවා මොකද තව ටික දවසකින් ඔක්කොම ලොකුකම් ඉවරවෙන නිසා
කපන්න බැරි අත සිඹින්න හදන්නේපා .ඔය කියන විදියේ ක්‍රමවේදයක් සකසා තිබුනානම් ඉස්සල්ලම කලයුත්තේ ඊට අනුමතය ගන්න එක නැතහොත් තනතුර නිර්මාණය කිරීම.
රේගු නිලධාරියෙකුගෙ නිවසක් හා ජීවන රටාව දැක්කොත් ඕනෑ කෙනෙකුට තේරෙයි රජයේ සේවකයෙකුට මේ තරම් දෙයක් කරන්න සල්ලි කොහෙන්ද කියලා. මගේ යාළුවෙකුගෙ අයියා කෙනෙක් රේගු නිලධාරියෙක්. මිනිහා සල්ලි හම්බ කරන හැටි දන්නවානම් ඇඟ හිරි වැටෙනවා.
ඇමති තුමාගේ කතාව සම්පුර්ණ ඇත්ත,මොකද මේ රේගු නිලධාරීන්ගේ මාසික පඩියට අමතරව පගාව ගන්න අදායම කෝටි ගානක්.මේ අය ගතකරන්නේ කුමාර සැප ජිවිතයක්.මේ දක්වා කිසිම රජයකට මේ හොරකම් නවත්තන්න බැරි වුණා.
සිත නිවන කතා.. ලැජ්ජාවක් නැතුව දැන් වර්ණනා කරන අපූරුව.. ඔබතුමාගේ බොරුව සහ සංදර්ශන ඔබගේ පියාගේ නමට කැළලක් මාෆියාව තියෙන්නේ ඔබ ඇතුළු කැබිනෙට්ටුවේ මාෆියාවේ උවමනාවට වැඩකරන උන් කවුද කියා මේ රටේ ජනතාව දනී
මේ රටේ ඉන්නේ මේ වගේ දේශපාලකයෝ තමයි හැබැයි අපේ අය ඊළඟ වතාවෙත් මේ අයව යවනවා නැතිද බලන්න. මේ රට හදන්න බැරි ඕකයි.
රේගුව විතරක් නෙමෙයි හැමතැනම හොරකම දුෂණය. මේවා ඇතිකලේ කවුද. මෙතෙක් රට පාලනය කල පාලකයො.
ඒ මොන සුත්තරයක්ද?
මේ කතාවෙන් කිතුල් ගහේ ගිය මිනිහාගේ කතාව කැලේ!!
මැදැයි නාගත්තා..දැන් කටවහාගෙන ඉන්න..
රේගුව එක්ක හැප්පෙන්න ... රජයටත් ශක්තියක් නැහැනේ ... ඉතින් බොරුවට මේ අධ්‍යක්ෂකවරියට නින්දා ..අපහාස කරන එකේ තේරුමක් නැහැනේ ... !
කපන්න බැරි අත ඉඹීම .
මේ තමයි රේගුව මාෆියා කළේ. කරන්න හැදුවේ චාර්ල්ස් මහත්මිය එලවලා අර වනාන්තර පාළුවා කියන රටම ගසාකන්නා ගම්මිරිස් හොරට ඉන්දියාවට යවන්න ඉඩ දෙන්නයි.
අපරාදේ කියන්න බැහැ මේ රජයේ ඔක්කොම එක වගෙයි.....