
(නිමන්ති රණසිංහ)
මහජන මුදල් අවභාවිත කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා කළ විමර්ශනයක ප්‍රතිඵලයක් ලෙස, දෙහිවලදී මොහු අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා අද(19) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩක් හොඳයි.
කන්දක් මී පැටියෙක් වැදුවා වගේ... හෙට හවසට ආයෙත් ගෙදර.. ඇප පිට.
සී.අයි.ඩී. එන අළුගසා නැගිටීම ගැන අපි සතුටු වෙමු. ඉදිරියටත් එඩිතරව ක්‍රියාකිරීම අපේ බලාපොරොත්තුවයි.
සඟවා තබාගත් අය නැතුව ඇති... මහජන මුදල් දවස් තුනක් තිස්සේ වියදම් කරේ සැඟවූ නිසා. එහෙයින් ඔවුන්ටත් මහජන මුදල් අවභාවිතය යටතේම නඩු පැවරීම හා අත්අඩංගුවට ගැනීම් කළයුතුයි.
"ඌරු නාටකයේ" ඊළඟ ජවනිකාවේ දෙබස් පුහුණුවීම් සඳහා කෙටියෙන් මෙසේ දැක්වීමට කැමැත්තෙමු. මාගේ ‘‘සේවා යෝජකයා‘‘ වන "විල්පත්තු ඌරා" අසීමිත ලෙස මගේ ගතමනාව ලබාදෙන බැවින්ද ඔහුට දැන් මරණාසන්න අසනීපයක් වැළඳී ඇති බව "ගතමනාවටම පමණක් යහමින් කෑදර දොස්තර ඔස්තාර්ලාද" පවසා ඇත. (එම වාර්තාද ඉදිරිපත් කරමි) එබැවින් අපේ "මේ අවංක විල්පත්තු නානාට".. ලබාදී රෝහල වෙත යොමුකරන මෙන් ගරු අධිකරණයෙන් ඉල්ලා සිටින්නෙමි..
ඇති යාන්තම්...
සත්තු වත්තේදීද? ඌරු ෆාම් එකකදීද?
සිංහලයිනි, මේ වගේ මෝඩ වැඩවලට නුඹලාට කරන්න දෙයක් නැහැ. මල්ලිගේ ප්‍රශ්නේ වහන්න කරන නාඩගම් මේවා...
අම්මට සිරි... ඒකත් මරු තමයි.
අම්මට සිරි... ඇත්තටම !!!
මේ හැම දෙයක්ම ඩීල්ස්... බලන් ඉන්නකෝ පාස්කු කොමිසමෙන් මොකද වෙන්නේ කියලා? මොනවත් නැහැ. හැන්දෑවට ටෙලිනාට්‍ය පෙන්නලා මිනිස්සුන්ට මෝඩ චූන් දෙනවා වගේ මේකත් ඉවරවෙනවා. රිෂාර්ඩ්ව එල්ලුම් ගස් යවන්න හැදුවේ සහරාන්ට උදව් කළා කියලා නොවැ.. අර කතා මොනවත් දන්නැහැ.. දැන් මේ චෝදනාව ඡන්දෙදී මිනිස්සු වාහනවලින් ඇද්දා කියලා නොවැ... මේ රටේ ප්‍රකට නීතිවේදියෙක් කියලා තියනවා ඒක ඔප්පු කරන්න බැරි චෝදනාවක්ය කියලා එතකොට මොකද වෙන්නේ? මෑන් එළියට එනවා. නිර්දෝෂී කෙනෙක් විදියට ඉතින් සේස්සම පස්සට...
ඔන්න දැන් එළියට ඇවිත් සිංහ නාද දායි. පංචායුධ වංශ එහෙම.. පව් ඉතින් කොච්චර වුණත් ලැජ්ජා ඇති..
සැඟවී සිටීමට ආධාර, අනුබල දුන් අයට නැද්ද දඬුවම්, අයියලා, මල්ලිලා ඔක්කොම හොරු.. රට මුස්ලිම්කරණය කරන්න විතරයි මේ අය දඟලන්නේ..
සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු, පොහොට්ටු සද්දේ දැම්මේ පාස්කු ප්‍රහාරයේ චූදිතයා කියලා.. බලනකොට මේ පොඩි කේස් එකක්. ඕවා 225ටම තියෙන කේස්නේ.. නිදොස් කොට නිදහස් 20ට අත උස්සනවා කීවා නම්...
හෙට වෙනකොට එළියේ...
මොන ඉස්පිරිතාලයටද යවන්නේ සර්? මීට 69 ලක්ෂයක් මැටි ජනතාව සහ ඡන්දය භාවිතා නොකළ ජනතාව...
ගෝඨා නම් බිලියන ගණන් නඩුවලට ජනපති වෙනකන්ම කට්ටි පැන පැන හිටියා. දැන් මැරෙනකම් උසාවි ගෙනියන්න බෑ කියලා වෙනස් කරගන්නත් හදනවා. කවුද ලොකුම වැරැදිකාරයා කියලා මේවායින් පේනවනේ නේද?
මහජන මුදල් අවභාවිත කිරීමේ වරදට අත් අඩංගුවට ගන්නවා නම් මීට වඩා කොයිතරම් කට්ටිය ඉන්නවද? මේක නිකම් ෂෝ එකක් විතරයි වගේ...
රටේ පවතින නීතියට අභියෝග කරමින් මොහුට රැකවරණය දුන් අයට දියයුතු දඬුවම් මොනවද?
ඇප රෙඩි.. කිසිම ප්‍රශ්නයක් නැහැ. රිෂාඩ් මේවා එළි කරන්නේ 20ට අපිට ඔයාගේ උදව් ඕනේ. රිෂාඩ් 69 ලක්ෂයක් ඉන්නවා ඔබ සමග..
තාම ඇප දීලා නැද්ද? පුදුමයි..
පොලිසිය ඇහුවා විතරයි නේද?
අපිට ලෙහෙසියෙන්ම බලාගන්න පුළුවනි. ඉදිරියේදී වෙන්නේ කුමක්ද කියා...? මෙයාව ඇප පිට හරි කොහොම හරි නිදහස් කළොත් මේ අයගේ පක්ෂයේ සහාය 20 ට ලබාදෙන්න දැනටමත් ඒ ගොල්ලෝ අතරේ ගිවිසුමක් ඇතිවෙලා. නිදහස් නොකලා කියන්නේ 20 ට සහාය දෙන්න ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඒ නිසා කාලයක් කුඩුවේ තියනවා. මෙයාට තිබෙන මේ චෝදනාවම... තියෙන රටේ ජනාධිපති එළියේ මෙයා ඇතුලේ....
ඔයාලා බලලා තියෙනවද කෝපි කඩේ නාට්‍යය..?