(ජයන්ත සමරකෝන්)
රිමාන්ඩ් භාරයේ පසුවන පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා මැගසින් බන්ධනාගාරයේ ජී වාට්ටුවේදී රූපවාහිනිය නරඹමින් දිනපතා සහ සති අන්ත පුවත් පත් බලමින් කාලය ගතකරන බව එම බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණය කරයි.
සැකකාර මන්ත්‍රීවරයා නියෝජ්‍ය ඇමැතිවරයෙකු ලෙස ගතකළ අවධියේ බන්ධනාගාර ප්‍රවෘත්ති මෙන්ම එහි ක්‍රියාකාරකම් ඇතුළත් රසකතා කියවීමට ඉතා රුචියක් දැක්වූ අතර පාර්ලිමේන්තුවේදී පවා ඒ පිළිබඳව අදහස් දක්වා ඇතැයිද පැවසේ.
මෙම සිරවාට්ටුවේ විශේෂ ගනයේ සැකකරුවන් සිව් දෙනෙකු රඳවා සිටින අතර ඔවුන් සැකකාර මන්ත්‍රීවරයාගෙන් වෙන්කර තබා ඇතැයිද වාර්තා වේ.
සැකකාර මන්ත්‍රීවරයාට වෙන්කළ සිරකුටියේ ඔහු තනිව වෙසෙන බවද දැන ගන්නට තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන්ජා ඔබ තනිවී නැත. ඔබ වෙන්වී සිටින්නේ ඔබේ රීරි මාංශ ඉල්ලා එන වෘක රෑනකින් පමණකි. අපි ඔබ සමගයි. වහලුන් නොවන අන්ධයින් නොවන සියලුදෙනා ඔබ සමගයි.
වෙන් කරලා තිබ්බ එක ලොකු දෙයක්. කුඩු ගහපු කෙනාට එ්ක නවත්වන්න බැහැ වගේ මෙයාටත් ඕක නවත්වන්න බැහැ.
රන්ජෝ, උඹ ඒ කාලයේ අපේ වීරයෙක් වුනේ උඹට දක්ෂ ලෙස චිත්‍ර අඳින්නට තිබුන හැකියාව නිසයි. මම මරිස්ටෙල්ලා එකෙන් හරිස්චන්ද්‍රයට ගියත් උඹගේ චිත්‍ර ප්‍රදර්ශන බලන්න ආවා මතකද..? නමුත් අද උඹ අපේ වීරයා වෙලා ඉන්නේ හඬපටි නිසයි. ඒවා වල තිබුණු පුද්ගලික දේවල්වලින් අපිට වැඩක් නැහැ. නමුත් උඹ එළියට දමපු.. හොරුන්, මිනීමරුවන්, දුෂිතයන්, කප්පම් කාරයන්, පාවා දෙන්නන්... ගැන සඳහන් දේවල් වලින් අපේ රටේ පොදු ජනතාවට අපේ රටේ තියෙන දේශපාලනයේ " අඳුරු, කුණුවුණ, ඔඩු දුවපු " පැතිකඩ මනාව පැහැදිලි වුණා කියා හිතෙනවා.
මෙයාට චිත්‍රපටි ටිකක් දුන්නා නම් ඕක ඇතුලේ තව අවුරුදු දහයක් ඉඳියි කිසිම සද්දයක් නැතිව...
රන්ජි අයියට ජයවේවා...!
සිර බිමේ ඔබ තනි වෙලා නැත හදවතින් අප ඇත ඔහේ...
ඔබ බලන පත්තර අතර ලංකාදීපය නිසැකවම ඇති. කොම්පියුටරයක් හොයාගෙන එසැණ පුවතුත් බලන්න. එතකොට පෙනෙයි මධ්‍යස්ත මිනිස්සු ඔබ සමහ බව.
මේ අයටත් කඩේ යන එවුන් ඉන්නවනේ..
තිත්ත ඇත්ත...
රන්ජෝ උඹට මම නම් ගරු කරනවා. උඹ ගොඩ දෙනෙක්ගේ නිරුවත ලෝකෙට පෙන්නුවා. අපි ඉන්නවා ඔයත් එක්ක.. මාමා විජයත් ඔය වගේම හිරගෙදර හිටියනේ.., හිතට දිරිය ගනින් මනසින් දුර්වල වෙන්න එපා. අපේ මිනිස්සු හරිම කුහකයි. කෙනෙක්ට දුකක්, කරදරයක් වුණාම දාලා යනවා. එහෙම වුණත් අතලොස්සක් හොඳ මිනිස්සුත් ඉන්නවා.
මෙයා වරදක් කර රිමාන්ඩ් ගතවූවෙක්.. මෙයා කනබොන හැටි, නිදියන හැටි, කාලය ගෙවන හැටි අපිට මොකටද? අපි මෙයාගේ ඉතිහාසය දන්නවා. අපිට මෙය තවත් කෙනෙක් පමණයි.
මොකොද රිමාන්ඩ් භාරයේ සිටින රන්ජන්ට රුපවාහිනී බලන්න, පුවත්පත් කියවන්න අයිතියක් නැද්ද ?