
(අජන්ත කුමාර අගලකඩ)
‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.
කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.
COMMENTS
එහෙමයි සර්..
රට වහන්ඩ ඔනි නැත 20 සම්මත නිසා
චන්දත් ඉවරයි. විභාගයත් ඉවරවීගෙන යනවා. සමාජ පැතිරීමකුත් නෑ. විස්සත් සම්මතයි. පොම්පියොත් එනවනෙ.. ඔබ හරි. වහන්න එපා රට. අඩු ගානේ සංචරන සීමාත් මොකට ද? ඔය සංගම් ඔබට එකයි. ටීවී එකට එකයි. අපි ඒවා බලලා හුගාක් සතුටින්. ස්තුතියි.
ඔබතුමා මීට කලින් හිටපු හිටන් හුටන්ලා වගේම තාම වෙනසක් නැහැ.
මේ තත්වය ඇති වෙන බව පැහැදිළිව පෙනෙන්නට තිබුණා. එහෙත් ආර්ථිකයට ප්‍රමුඛත්වය ලබා දීම මත ජනතාවගේ සුවතාව ගිලිහි ගියා . යුද්දය අවසන් කළේ ජනතා ජිවිත බේරාගැනීමට ප්‍රමුකත්වය ලබාදිමත් මෙහිදී එම අයවලුන්ම ජනතා ජිවිත බේරා ගැනීමට ප්‍රමුකත්වය ලබා දීම වෙනුවට ආර්ථිකයට ප්‍රමුකත්වය ලබා දුන්නා . දිනපතා කොරෝනා පාලනය ගිලිහියන බව දැන් වත් තෙරුම් ගත යුතුයි . නැතහොත් සිදුවනුයේ ආර්ථිකය හා ජනතාවගේ සුවතාව දෙකම නැතිවීමයි. සුවතාව ගිලිහුන ජනතාවක් සිටින විට ආර්ථිකය ගොඩ නගන්නේ කෙසේද යන්න පළමුව තේරුම් ගත යුතුයි. සති දෙකක් රටවහලා ජනතාවගේ සුවතාව රැක්කනම් ආර්ථිකයට සිදුවන පාඩුව මීට වඩා බෙහෙවින් අඩු බව මාගේ හැඟීමයි.
රටම වහලා රජයට වෛද්‍යවරුන්ට නිවැරදි තීන්දුවක් ගැනීමට තිබුනේ මීට ගොඩක් කලින්. මොකද චීනය, ඉන්දියාව, ඇමරිකාව, ඔස්ට්‍රේලියාව වාගේ ප්‍රාන්ත lock කරලා ලංකාව වගේ පුංචි රටක කවදාවත් මේක මඩින්න බැ . දෙවුන්දර තුඩුවේ ඉඳලා පේදුරුතුඩුවට පැය 5න් 6න් යන්න පුළුවන්. සාමාන්‍ය ජනයාගේ සිතීමේ දැනීමේ හැකියාවන් බැලුවහම මේ තීරණ ගන්න අය ඉතාමත් අසමත්...
ජනපතිතුමනි,මුලදීම බ්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වූ වෙලේම ඒ ප්‍රදේශ වලට ඇඳිරිය දමා පාලනය කළා නම් අද මෙවන් විපතක් නැහැ. සෞක්‍ය ඇමතිණියගේ අඩු සෞඛ්‍ය දැනීම නිසා මෙසේ වූවා දැයි අපි නොදනිමි. දැන් හෝ මේ සඳහා රමේෂ් පතිරණ වැනි අයෙකු පත්කොට එම කටයුත්ත හරිහැටි කරවන මෙන් ඔබතුමාගෙන් රට වෙනුවෙන් ඉල්ලනු කැමැත්තෙමු. ස්තූතියි.
තාම කොරෝනා සමාජගත වෙලා නැහැනේ. ශරීර ගත වුණාම රටම වහලා දාන්න වෙන්න ඇති ඉන්නේ...
ජනපතිවරණේ දිනුව, පාර්ලිමේන්තුවේ 2/3 ලැබුන, 20 ත් ගොඩ ගියා. දැන් නම් වැඩ පෙන්නන්න කාලය හරි සර්
ලොක් ඩව්න් වලින් කොරෝනා පාලනය කරන්න දැන් බැහැ.
20 සම්මත කරගන්නකන් ජනතාවගේ අවධානය කොවිඩ් වලට යොමු කරලා තිබ්බේ උවමනාවට කියලා නොතේරෙන්න බබ්බු නොවෙයි මහත්තයෝ.
ජනාධිපති ලෙස කඩිනමින් තීරණ ගන්න දැන් බාධාවක් නෑ. රට වැහුවොත් අසරන වෙන්නෙ දවස් පඩි කාරයො සහ සුලු ව්‍යාපාරිකයො. රජයේ සේවකයො සහ මැති ඇමති උන්නාන්සෙලාට ප්‍රශ්නයක් නෑ. උන්දැලට ගම්වල අසරන පවුල් 10 ගානෙ බාර දෙමුද කන්න බොන්න ටිකවත් දෙන්න කියල. ඊට පස්සෙ මාසෙකට රට වහමුද ?
ප්‍රභූ පැල්න්තියේ කෙනෙක්ට වැළඳෙන තුරු කොරෝනා සමාජගත නොවන බව කාරුණිකව සලකන්න
මුල් වතාවේ මුලුරටටම ඇඳිරි නීතිය දැම්ම මෙච්චර කොරෝන නැතුවත්. දැන් මොකද වෙලා තියෙන්නේ? හැමතැනම කොරෝනා. ඒත් බලාගෙන ඉන්නවා ලෙඩේ පැතිරෙද්දී.
ඡන්දෙට කලින් කොහොමද. දැන් ....
සිංහයා නාට්‍ය බලන්න ටිකට් ගත්තට පෙන්නන්නේ අන්දරේ නාට්‍ය.
අම්මෝ නියමයි සර්. අපි කැමතියි ඒකට. අපිටත් දැන් පුටින් වගේ නායකයෙක් ඉන්නවා. කොන්දක් තියෙන. සර් එක්ක සෙල්ලම් බෑ.. එකෙන්ම රෙස්පෙක්‍ට් සර්.
මුලින් කිව්වනේ මේ රටේ කොරෝනා මර්ධන වැඩපිළිවෙල අතිසාර්ථකයි කියලා, කොතනද දැන් වැරදිලා තියෙන්නේ.
අනේකාලේ වනේ වාසේ.
එදා බ්‍රෑන්ඩ්ක්ස් එකේ පොකුර පටන්ගත්ත දවසේ රට දින 14 වැහැව්වනම් අද මේ විදියට කොරෝනා ලෙඩ්ඩු අහුවෙන්නෙනේ නෑ. තවත් ඇරගෙන ඉන්නේ මුලු රටටම මෙක ව්‍යාප්ත වෙනකම් ද?
ඔබතුමාට අපි 2/3 දුන්නෙ ඕන දෙයක් කරන්න. ඔබතුමා කැමති විදිහකට කරන්න අපිත් කැමතියි.
දැන් වහන්න දෙයක් නැහැ. රටම 3/4 වැහිලා තියෙන්නේ චීනයට අරගෙන හිටියට.. මොකද සෞඛ්‍ය ඇමැති මෙජර් ජනරාල් තවම හඹාගෙන යනවනේ ... අල්ල ගන්න බැරිවෙයි. දැන් නන්දිකඩාල් වීරයාත් පොර ටෝක් දෙන්නේ..මීඩියාවල මොකද එයා බන්ධනාගාර කොමසාරිස් තනතුර බාර අරගෙනනේ...
අපේ රටට දියසේන කුමාරයා පහළ වෙනතුරු බලාගෙන සිටිමු.... මෙයාලා මෙක කරන්නේ නැහැ වගේ... ?
රට වහලා නැත්නම් ඇයි මැදපෙරදිග වැඩකරන අය ගන්නේ නැත්තේ..? විදේශීය අය ගන්නවා කියලා.. අනෙක් රටවල් ඔක්කොම අය ගන්නවා. මැදපෙරදිග හැර...
හිතවත් ජනාධිපතිතුමනි, මේ වන විට රාජ්‍යයෙන් වෛරස් තත්වය ව්‍යාප්ත වී ඇති නමුත් සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ තවමත් සමාජීය නොවන බවයි. හැකි ඉක්මනින් රට වසා දැමිය යුතු අතර කරුණාකර දුප්පත් ජනතාවට උපකාර කිරීම සඳහා දැනටමත් ඔබේ රජය සතුව ඇති කෝවිඩ් අරමුදල් නිදහස් කරන්න.
මේ වගේ කිසිම දැක්මක් නැති මිනිස්සු රටවල් පාලනය කරන්න පත් කරගන්න වෙන්නේ ඒ රටවල්වලම අවාසනාවට.
රටවටේම කයිවාරු ගහනවා කොරෝනාවෙන් රටම බේරාගත්තා කියලා.
කෝ අපේ බමුණා අදහස් දාන්න බැරිද?
සර්ත් එක්ක කොරෝනාටවත් බෑ. ඒවා කොහෙද අපෙ සර් එක්ක .
නිලධාරියා විසින් දේශපාලකයා ඇන්දවීම ජයටම කෙරෙමින් පවතියි. නිලධාරියා නිසි අවධානයෙන් කටයුතු කළේ නම් මෙවැන්නක් සිදු නොවෙ... කේවට්ටයෝ එදාද, අදද සිටිති.