(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)

බලන්ගොඩ  රජවක  රජයේ රක්ෂිතයට ඇතුළු වී වල්ලාපට්ට කැපීමේ ජාවාරමක  නිරත වු තිදෙනෙකුට  රුපියල්  135,000 ක දඩ මුදලක් ගෙවන ලෙස බලන්ගොඩ   ප්‍රධාන මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා අද (08)  නියෝග කළේය.

බලන්ගොඩ ඉමුල්පේ අලුත්නුවර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකුට මෙලෙස දඩ නියම  විය.

රක්ෂිතයට අයුතු ලෙස ඇතුළු  වීමේ චෝදනාව යටතේ රුපියල්  105,000 ක දඩයක්  සහ  රක්ෂිතයේ වල්ලාපට්ට කපා එහි ඇති රෙසින්  ග්‍රෑම් 750 ක් එක් රැස් කිරීම වෙනුවෙන්  රුපියල්  30,000 ක දඩ මුදලක් ද ගෙවීමට  සිදු විය.

අඩවි වන  නිලධාරින් විසින් මොවුන් රජවක රක්ෂිතයේ වල්ලාපට්ට කැපීමේ නිරතවෙමින් සිටියදි අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරා බලන්ගොඩ මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිපත් කිරීමට කටයුතු කර තිබිණි.