IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


මොළේ උණ රෝගයකින් මළ අයෙකු අදම භූමිදාන කිරීමට නියෝග

(විනීතා එම් ගමගේ)
         
මෙනින්ජියෝ කොකල් මෙනින්ජයිටිස්  (Meningio cocoal Meningities) නමැති මොළයේ උණ රෝගයෙන් මිය ගිය තරුණයෙකුගේ මරණ පරීක්ෂණය කළ කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය, මළ සිරුර අද(14) දින ම බොරැල්ල සුසාන භූමියේ දී භූමිදානය කරන්නැයි පොලිසියට නියෝග කළාය.
         
මියගොස් ඇත්තේ ජාතික රෝහලේ අංක 8 ගේට්ටුව ආසන්නයේ පළතුරු වෙළඳාමේ යෙදුණු 31 හැවිරිදි තැනැත්තෙකි. 
         
සමරවීර මහත්මිය ඔහු ඇසුරුකළ අනෙක් පළතුරු වෙළඳුන්ටද එම රෝගය බෝ නොවීම සඳහා ඖෂධ ලබා ගන්නා ලෙසටද  නියම කළාය. 
 
මෙකී රෝගය විරල වන නමුත් ඉතා සුළු විෂබීජ ප‍්‍රමාණයකින් වැළඳීමේ ඉඩකඩ ඇති බැවින් මෙසේ නියෝග කළ බව මේ පිළිබඳව කළ විමසීමේ දී කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිය පැවැසුවාය.
 
මෙම මොළයේ උණ රෝග විශේෂයෙන් ඉකුත් මාස 8 ක පමණ කාලය තුළ ජාතික රෝහලේ දී සිව්දෙනෙකු මිය ගිය අතර ඒ මෘත ශරීර සියල්ලම එදිනම භූමිදාන කරන ලෙස එම අවස්ථාවන්හි දී මරණ පරීක්ෂකවරිය නියෝග කර තිබේ. 
 
ඉකුත් වසරේ නොවැම්බර් 16 වැනිදා කල්පිටිය පාරේ එත්තාලේ ප‍්‍රදේශයේ 24 හැවිරිදි රෝගියෙකු මෙම රෝගයෙන් මිය ගොස් තිබිණි. එම වසරේ නොවැම්බර් 24 වැනිදා පුත්තලමේ මාස 3ක දැරියක ද මෙම රෝගයෙන් මිය ගොස් තිබූ අතර ඇය මව සමඟ සිංගප්පූරුවේ සිට පැමිණි දැරියෙකි. 

ඉකුත් ජුනි 20 වැනිදා කාන්තාවක මියගොස් තිබූ අතර, ඇය කොළඹ 14  පදිංචිකාරියකි. වෛද්‍යවරයකුගේ ගෙදරක මෙහෙකාරියක ලෙස ඇය සේවය කරමින් සිටිය දී මෙම රෝගය වැළඳී මියගොස් තිබිණි.
          
කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි ඡන්න පෙරේරා මහතාගෙන් ලංකාදීපය කළ විමසීමක දී ඔහු කියා සිටියේ මෙනින්ජු කොකයිල් නමැති බැක්ටීරියාවකින් වැළදෙන මෙම රෝගය විරල නමුත් ඉතා කුඩා ප‍්‍රමාණයකින් පවා තවත් අයෙකුට බෝවිය හැකි බවත් එය වැළඳුනවිට ඉතා බරපතල තත්ත්වයට පත්වන අතර මාරාන්තික වීමට ඇති ඉඩකඩ ද වැඩි බවය. 



අදහස් (10)

මොළේ උණ රෝගයකින් මළ අයෙකු අදම භූමිදාන කිරීමට නියෝග

Amila Sunday, 14 July 2019 01:22 PM

ඉතාම කණගාටුදායක දෙයක්... අරයාටත් මේකම වෙන්න ඇති හැදිලා තියෙන්නේ...

:       0       26

BamunuarachchiWednesday, 17 July 2019 10:01 AM

ඔහේගේ ජාතිය ඒක වුණාට තුප්පහි කතා කියන්න එපා.. මගේ මුහුණ බලාගෙන ඕක කිව්වා නම් තමුසෙගේ ඔලුව අඹරලා පව්ඩර් කරනවා...

:       0       2

BamunuarachchiWednesday, 17 July 2019 10:02 AM

කොහොමද ඔහේගේ දරුවෙකුට හැදුණානම්?

:       0       2

Kumar Sunday, 14 July 2019 02:31 PM

මෙනිංජයිටීස් වුණාට ඇමෙරිකාවේ එන්නතක් තිබෙනවා. මේ රටේ මෙම උණ වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ උසස් අධ්‍යාපන පීඨවල නේවාසිකව ඉන්න සිසුන්ටයි. ඒ නිසා එම එන්නත නේවාසිකාගාරවලට යන සිසුන්ට ලබාදෙන ලෙස නිර්දේශ කරනවා.

:       129       251

Chathuri Sunday, 14 July 2019 06:37 PM

වෙළෙන්දා ඇසුරු කරපු අයට බෙහෙත් කරන්න කලින් ඔහුගේ පවුලේ උදවිය ඒ ගැන බැලුවද . බෝවෙන රෝගයක්නම් පටන්ගැන්ම පවුලෙන් , මේක බොරුවක් ලෙඩේ හොයාගන්න බැරිව බොරුකියනවා.

:       7       26

jayath Monday, 15 July 2019 02:51 AM

ඇමෙරිකාවේ විතරක් නොවේ මෙහෙත් තියනවා. නමුත් ජාතික ප්‍රතිශක්තිකරණ එන්නත් යටතට මේක අයත් වෙන්නේ නැහැ. ගන්න වෙන්නේ පුද්ගලික අංශයෙන් . මේක සාමාන්‍යයෙන් පහසුකම් අඩු ජනයා අතර බහුල රෝගයක්. ප්‍රශ්නෙකට තියෙන්නේ මේක කලින්ම හඳුනාගන්න එකයි දැනට තියන අටෝරාසියක් උනරෝග වල රෝග ලක්ෂනත් එක්ක මේක වෙන් කර ගැනීම පළපුරුදු වෛද්‍ය වරයකුටත් අමාරු දෙයක් . lumber punch කියල හඳුන්වන "කොඳු ඇට පෙලෙන් වතුරගන්නවා " කියල සාමාන්‍ය ව්‍යවහාරයේ එන ක්‍රමය මගින් ඉක්මනටම රෝගවිනිශ්චය කිරීම තමයි කරන්නේ.

:       0       132

හේමන්ත Monday, 15 July 2019 03:10 AM

කුමාර් මහතාගේ අදහසට දිස්ලයික් වැටෙන්නෙ ඇයි කියලා හිතාගන්නත් බැහැ... සමහර රටවල රෝගීන් ආශ්‍රිත පෙදෙස් වල ඔය රෝගය නිවාරණය කිරීමට පූර්ව එන්නතක් ලබා දෙනවා. ඔවැනි අවාසනාවන්ත මරණ වැලැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට සහය දිය යුතුයි.

:       0       23

Bamunuarachchi Monday, 15 July 2019 03:51 AM

ඔය විෂබීජය දියවන්නාවට ආවොත් රටේ ප්‍රශ්න බොහොමයක් විසදෙනවා.

:       336       449

shan Monday, 15 July 2019 04:52 AM

වහාම මේ රෝගය බෝවන ආකාරය හා එම රෝගයේ පැතිරෙන ආකාරය මෙන්ම රෝග ප්‍රචාරණය කරන ආකාරය (මදුරුවන් ,වාතයෙන් හෝ ජලයෙන් නැත්නම් ආහාර ) මගින්ද යන්න ජනතාව දැනුවත් කරන්න. තදාසන්න ප්‍රදේශ වල අපවිත්‍ර ජාල කාණු පද්දති මෙන්ම මාර්ග වල තබා විකුණන ආහාර වර්ග මෙන්ම රටට ආනයන කරන පලතුරු හෝ වෙනත් ආහාර වර්ග මේ සදහා දායක වන්නේද යන්නත් මෙම රෝගයේ මුලික රෝග ලක්ෂණ හා මේ සදහා ප්‍රතිකාර ලබා ගත හැකි රෝහල් මෙන්ම දැනට පවතින වෙළද පොලේ මේ සදහා බෙහෙත් නැත්නම් එවැනි බෙහෙත් හැකි ඉක්මනින් ආනයනය කිරීම සදහා රජය සහ පුත්ගලික ෆාමසි අංශයද හැකි ඉක්මනින් දැනුවත් කරන ලෙස කොළඹ නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක ඉරේෂා සමරවීර මහත්මිගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමි දහසකුත් දරුවන් උදේ හවස නගර වල සැරි සරණ අතර මාර්ගවල ඇති ආහාර වෙළදසැල් භවිතා කරන අතර මෙය විශාල වසංගතයක් වන්න ඉඩ නොතබන ලෙසට ඔබ තුමියගෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමි

:       2       371

jayath Tuesday, 16 July 2019 04:44 AM

උන් රෝග පිළිබඳව ජනතාව දැනුවත් කරන එක සෞඛ්‍ය අමාත්‍යංශයට අයිති වැඩක් ..... මේකේ රෝග ලක්ෂණ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා උණක ලක්ෂණමයි .... තද උණ , සොටු දියර ගැලීම , ශ්වසන පද්ධතියේ උඩ කොටසේ ආසාදන ,විශේෂයෙන්ම අනිකුත් ඒවායේ දක්නට අඩු බෙල්ලේ වේදනාව වගේ දේවල් තමයි රෝග ලක්ෂණ . මේක බැක්ටීරියාවක් මගින් සුළඟ සහ ස්පර්ශය මගින් බෝවෙන්නේ මදුරුවෙක් අදාළ නැහැ ( නමත් මේ වගේම එකක් වන ජැපනීස් එන්කෙපලයිටිස් හදන්නේ මදුරුවෙක් ). මේකෙදි ආසාදනය වෙන්නේ මොලය සහ පිටත පටකයවටා (මොලය ගිලී තියන ) තියන තරලය සහ අවට දේවල් වලක්වා ගන්න එන්නතක් තියනවා කරන්න තියන හොඳම දේ තමයි උණක් හැදුනාම ( මගේ පුද්ගලික මතය දැන් උන "මරනීයයි) වහාම පැරසිටමෝල් ගිල ගිල ඉන්නේ නැතුව , ගොඩ වෙද්දුන්ගේ උපදෙස් ගන්නේ නැතුව (පැපොල් කිරි බොනවා වගේ ) වහාම -"සුදුසුකම් ලත් " විද්‍යා වරයෙක් හමුවන්න...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 163 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1015 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site